SciTech Publishing Corporation (Pvt) Ltd.
Biology

වසර මිලියන ගණනකට පෙර ඇසුණු පුදුරු කටහඬක්

ආගන්තුක පෙදෙසක ගමන් කරමින් සිටින ඔබට සුපුරුදු කටහඬක් අසන්නට ලැබුණොත්? ඔබ දෙවරක් නො සිතා එදෙස හැරෙනු ඇත. ඒ කවුරුන් දැයි විමසනු ඇත. එහෙත් මේ නම් ඇසෙන්නේ එසේ මෙසේ කාලයකට පෙරාතුව කටහඬක් නොවේ. වසර මිලියන හැටහයකට පෙර තිබූ කටහඬකි.image2-1

පසුගිය දා නේචර් ජර්නලයේ පළ වූ පර්යේෂණ වාර්තාවක සඳහන් වූයේ, ඔබට හුරු පුරුදු තාරාවන්ගේ ඝෝෂාව මින් වසර මිලියන හැටහයකට පෙර ඇන්ටාටිකාවේ දී පවා අසන්නට හැකිව තිබූ බව ය.

Vegavis iaai නම් පක්ෂි විශේෂයක පොසිල අධ්‍යයනයෙන් සොයාගත් මෙම සාක්ෂිය ලොව මෙතෙක් හමු වූ පක්ෂීන්ගේ ශබ්ධය නිකුත් කරන අවයවය පිලිබඳ පැරණිත ම සාක්ෂිය වේ.

පක්ෂීන්ගේ සවරාලය පරිණාමය වීම සබැඳිව මෙතෙක් පැවැති ගැටලු රැසකට මෙමගින් විසඳුම් සැපයෙන අතර ඩයිනෝසර් අවධියේ සිට අද දක්වා ස්වරාලයේ සිදුවී ඇති වෙනස්කම් හඳුනා ගැනීමට ද එය උපකාරී වනු ඇත. මෑතක දී සොයාගත් මෙම ක්‍රිටේෂීය යුගයේ පසු අවධියකට අයත් පක්ෂි පොසිලය වසර මිලියන ගණනාවක් පැරැණි වුව, අද ලෝකයේ ජීවත්වන පක්ෂීන්ගේ ස්වරාලයට බොහෝ සෙයින් සමානකම් දක්වයි. එනම් ඔවුන්ගේ ස්වරාලයේ ඇති මාංසල නැමුම් හා කාටිලේජ වළලු වර්තමාන පක්ෂීන් සන්නිවේදනයට භාවිත කරන ඒවාට බොහෝ සෙයින් සමාන ය.image_3-1

මෙම අධ්‍යයනය සඳහා 1992 වසරේ දී ආජන්ටීනියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගැනුණු පක්ෂිපොසිල යොදා ගත් අතර ඒ සඳහා සීටී ස්කෑන් තාක්ෂණය ද යොදා ගැනිණි. පර්යේෂණය මෙහෙය වූ ජුලියා ක්ලාක් ඇතුළු කණ්ඩායම ඒ යුගයේ පක්ෂීන්ගේ ස්වාරාල අනුරුවක් නිර්මාණය කිරීමට ද සමත්ව ඇත.

මිනිසා ඇතුළු ක්ෂීරපායීන්ගේ හඬ නිපදවෙන්නේ ස්වරාලයේ පවතින තන්තු කම්පනය වීමෙනි. එනමුත් කුරුල්ලන්ගේ එය සිදුවන්නේ ඝනකමින් වැඩි වළලු සහ තුනී නැමුම්වල එකතුවකිනි. මිනිස් ස්වරාලය හා සසඳන විට පක්ෂීන්ගේ ස්වරාලය උගුරෙහි මදක් ගැඹුරට වන්නට පිහිටයි. තවද එම පක්ෂි ස්වරාලය පහළ කෙලවර, එනම් පෙනහළු දෙසට වන්නට නාළ දෙකකට බෙදී පවතී. තාරාවන් වැනි පක්ෂීන්ගේ මෙම බෙදුම අසමමිතික ය. එමනිසා ස්වභාවයෙන් ම උන් විවිධ ශබ්ද නැගීමට සමත් ව ඇත. මෙම පක්ෂීන් පිලිබඳව දැනට දන්නා කරුණු පොසිල දත්ත හා සැසඳූ කල සමාන ලක්ෂණ දැකිය හැකි ය.  ඒ අනුව වසර මිලියන ගණනකට පෙර විසූ සියොතුන් ද, අද දිවිගෙවන තාරාවන්, පාත්තයන් මෙන් විවිධ ශබ්ධ නැගීමේ හැකියාවෙන් යුක්ත වන්නට ඇතැයි පර්යේෂකයෝ පවසති.

ඇතැම් විද්‍යාඥයන් සිතන්නේ ඩයිනෝසරයන් ද පක්ෂීන්ගෙන් පැවත එන බවකි. ඒ අනුව උන්ගේ හඬ නිපදවීමේ හැකියාව පිළිබඳව ද මේ සොයාගැනීමෙන් හෝඩුවාවක් ලද හැකි දැයි ඇතැම් පිරිසක් උත්සුක වුවත්, එහි දී හෙළි වූයේ ඩයිනෝසරයන්ට මේ අවයවය අදාළ නොවූ බවකි.

තාරා ආනන්දවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *