SciTech Publishing Corporation (Pvt) Ltd.
පැතලිලන්තය Flatland by Edwin A. Abbott

2. පැතලිලන්තයේ දේශගුණය සහ නිවාස

ඔබේ මෙන් ම අපේ මාලිමාවේ ද දිශා හතරකි. එනම්, උතුර – දකුණ – බටහිර සහ නැගෙනහිර යනුවෙනි.

ඉර හඳ තරු අපේ ලෝකයේ නොමැති හෙයින්, ඔබේ ක‍්‍රමයට උතුර නිශ්චය කරගැනීම අපට කළ නො හැක්කකි. අපට අපේ ම ක‍්‍රමයක් ඇත.

ස්වභාවධර්මයාගේ නීතියක් අප මත ක‍්‍රියාත්මක වීමෙන්, අපේ ලෝකයේ දකුණු දිශාවට නිරන්තර ඇදිල්ලක් නොහොත් ආකර්ෂණ බලයක් ක‍්‍රියාත්මක වෙයි. සෞම්‍ය දේශගුණ තත්ව යටතේ මෙම ඇදිල්ල තරමක් දුබල වන බව ද සඳහන් කළ යුතු ය. ඒ කොතෙක් ද යත්, නිරෝගී කාන්තාවකට ඒ හැටි අපහසුවකින් තොර ව ෆර්ලොන්ග් කිහිපයක් උතුරු දිශාවට ඇවිද යාමට පුලූවන්. එහෙත් මේ අවරෝධන බලය අපගේ පොළොවෙහි බොහෝ ස්ථානවල උතුර දකුණ නිර්ණය කරගන්නට තරම් ප‍්‍රමාණවත් වේ. මීට අමතර ව, වැස්ස වැටෙන්නේ හැමවිට ම උතුරේ සිට දකුණට ය. මෙය උතුර නිර්ණය කරගැනීමට අතිරේක ආධාරකයක් වෙයි. නගරබද ප‍්‍රදේශවල තනන නිවාසවල බිත්තිවල සාදනු ලබන්නේ, වහලය විසින් උතුරින් වැටෙන වැස්සෙන් ගෙය නො තෙමී ආරක්ෂා කරගනු ලබන පරිද්දෙනි. ගෙවල් නොමැති පිටිසර පළාත්වලදී උතුර නිර්ණය කරගන්නට ගස්වල කඳන් ආධාර කරගත හැකි ය. ඉතින් අපගේ ධ‍්‍රෘව නිර්ණය කරගැනීම ඔබට එක වර හැෙඟන තරම් අපහසු නැත.

එහෙත් වඩා සෞම්‍ය ප‍්‍රදේශවල මෙ කී ඇදිල්ල දැනෙන නො දැනෙන තරම් ය. එවැනි පළාතක ගෙවල් හෝ ගස්කොළන් නොමැති බිම්කඩක ඇවිද යාම මට මහත් වේදනාවක් ගෙන දෙන්නකි. ඇතැම් විට ගමන් අතරමග පැය ගණන් එක තැන හිටගෙන බලා ඉන්නට සිදු වේ. වැස්සක් වැටෙන විට දිශාව නිර්ණය කරගෙන ගමන පිටත් විය හැකි ය. හැඩිදැඩි පිරිමින්ට මෙන් නොව, මහල්ලන්ටත් රෝගීන්ටත් සියුමැලි ලඳුන්ටත් මේ ආකර්ෂණ බලය ඇවිදයාමට බාධවක් තරමට දැනේ. ඒ නිසා, ඔබ ඇවිද යන විට කාන්තාවක මුණගැසුණොත්, උතුරු පැත්ත ඇයට පවරා දකුණට බර වී යාම වැදගත් මහත්මයකුගේ ක‍්‍රියාවකි. කොහොම නමුත් මේ සිරිත ඒ ආකාරයට ම පිළිපැදීම තරමක් අපහසු ය. මක් නිසා ද, නරක කාලගුණ තත්ත්ව යටතේ හෝ අයහපත් සෞඛ්‍ය තත්ත්ව යටතේ, උතුර දකුණ නිර්ණය කරගැනීම දුෂ්කර හෙයිනි.

අපේ ගෙවල ජනෙල් නැත. මන්ද, ඇතුළත පිටත කියා ආලෝකයේ වෙනසක් නැති හෙයිනි. ඇතුළත – පිටත, ? – දාවල් කියා වෙනසක් නැතුව කොයි වෙලෙත් කොතැනත් ආලෝකයෙන් පිරී පවතී.

ලෝකය පිරී පවතින මේ ආලෝකයේ ප‍්‍රභවය කුමක් ද යන්න අපගේ පැරණි පඬිවරුන්ගේ චින්තාවට නිරන්තරයෙන් විෂය වූ දාර්ශනික ගැටලූවකි. මේ පැනයට පිළිතුරු සොයන්නට කී දෙනෙක් නම් මහන්සි දැරුවෝ ද! එහි ප‍්‍රතිඵලය වූයේ පිළිතුරු සොයන්නන්ගෙන් අපේ උන්මත්තකාගාර පිරී යාම යි. එහෙයින් මෙයට පිළිතුරු සෙවීම අධෛර්යයට පත්කරවන උපායමාර්ග හඳුන්වාදෙනු ලැබිණ. අධික බදු, ව්‍යවස්ථා සංශෝධන ආදිය ඒ අතර විය.pic-1

කෙසේ නමුත්, පැතලිලන්තයේ එක ම එක ප‍්‍රාණියෙක් මේ අද්භූත ප‍්‍රශ්නයේ පිළිතුර දනී. ඒ මම යි. ඒ අසිරිමත් පිළිතුර මම දැන සිටිමි. එහෙත් ඒ පිළිතුර මේ රටේ කිසිවකුට පහදා දෙන්නට මට බැරි ය. මේ කථාව කියන මම – අවකාශලෝකයේ ගතිසොබා ද ත‍්‍රිමාන විශ්වයෙන් පැමිණෙන ආලෝකයේ මූලය ද යන අසිරිමත් සත්‍යයන් දන්නා මම, අපේ ලෝකයේ පිස්සෙකු ලෙස හංවඩු ගසනු ලබන්නෙමි.

කමක් නෑ, ඒ අමිහිරි අතුරුකථා ටිකකට අමතක කරමු. නැවත අපේ ලෝකයේ නිවාස වෙත අවධානය යොමු කරමු.

ගෘහයක වඩාත් සුලබ ආකාරය පැති පහකින් යුක්ත විලාසය හෙවත් පංචාස‍්‍රාකාරය යි. පහත රූප සටහනේ මෙය පැහැදිලි ව දක්වා ඇත. සහ මගින් සංකේත කරනු ලැබූ උතුරු පාද මගින් වහලය නිරූපණය වේ. බොහෝ පැතිවල දොරටු නැති බව ඔබට පෙනෙනු ඇත. නැගෙනැහිර පැත්තෙන් බවලත් උදවිය සඳහා දොර පොඩිත්තකි. බටහිර පැත්තේ ඇති විශාල විවරය පුරුෂයන්ගේ දොරටුව යි. දක්ෂිණපාදය නොහොත් ගෙබිම දොරටු රහිත ය.pic-2

චතුරස‍්‍රාකාර හෝ ත‍්‍රිකෝණාකාර නිවාස තැනීමට අවසර දෙනු නො ලැබේ. චතුරස‍්‍රයක (එසේ ම විශේෂයෙන් සමද්විපාද ත‍්‍රිකෝණයක) කෝණ, පංචාස‍්‍රයකට වඩා තියුණු වෙයි. නිවාස වැනි අජීවී වස්තූන්ගේ රේඛා, මනුෂ්‍යයන්ගේ ශරීර රේඛාවලට වඩා දුර්වර්ණ ය. මේ නිසා, වැඩි කල්පනාකාරිබවකින් තොර ව පාරේ ඇවිද යන මිනිසෙකු, චතුරස‍්‍රාකාර හෝ ත‍්‍රිකෝණාකාර නිවාසයක තියුණු කෝණයක හැපී තුවාල සිදු විය හැකි ය. මේ නිසා, අපගේ වර්ෂක‍්‍රමයෙන් එකොළොස්වැනි සියවසේ, ත‍්‍රිකෝණාකාර නිවාස තැනීමට එදිරි ව විශ්වීය නීතියක් සම්මත විය. කෙසේ නමුත් ආරක්ෂක බලකොටු, වෙඩිබෙහෙත් ගබඩා, බැරැුක්ක සහ තවත් රාජ්‍ය ගොඩනැගිලි කීපයක් මෙම නීතියෙන් නිදහස් කරනු ලැබිණ. එම ස්ථාන කරා අපරීක්ෂකාරී ව පැමිණීමට මහජනයාට කොහෙත් ම ඕනෑකමක් නැත.

ඔය කියන කාලය වන විට චතුරස‍්‍රාකාර ගෙවල් හැදීමට තහනමක් නො වීය. අධික බද්දක් පැනවීම මගින් එබඳු නිවාස තැනීම අධෛර්ය කෙරුණා පමණි. එහෙත් ශතවර්ෂ තුනකට පසු නීතිය වෙනස් කෙරිණ. එනම්, ජනගහණය දසදහස ඉක්මවන නගරවල, එම ජනයාගේ ශරීරාරක්ෂාව සලකා, කිසියම් නිවාසයකට තිබිය හැකි කුඩා ම ගෘහකෝණය වන්නේ පංචාස‍්‍රයේ කෝණ බව සම්මත කරනු ලැබිණ. නීතියේ යෝජනාව අප ජනසමාජය එකහෙළා ස්ථිර කෙළේ ය. පංචාස‍්‍රාකාර ආකෘතිය විසින් පිටිසරබද පළාත්වල පවා අනෙක් සියලූ ගෘහ ආකෘති අභිභවන ලදි. ඇතැම්විට, නගරයෙන් බොහෝ ඈත පිහිටි පසුගාමී කෘෂිකාර්මික දිස්ත‍්‍රික්කයක සැරිසරන පුරාවස්තුලෝලියකුට, ගරාවැටුණු චතුරස‍්‍රාකාර ගෙයක් දෙකක් දැකගැනීමට හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *