SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

ඊළඟ නාය යෑමට පෙර…

අරණායක එකම සෝ ගඟක් වී මාස කිහිපයකට වඩා නැත. උඩරට දුම්රිය මාර්ගය ඇත්තේ දැඩි නායයෑමේ අවදානමක් පවතින ප්‍රදේශ හරහා බව අප කිහිප වතාවක්ම පවසා ඇත. දැන් අපි නැවතත් ගතකරන්නේ ලංකාවේ පසුගිය දශක කිහිපය ඇතුළත වැඩිම නායයෑම් ප්‍රමාණයක් වාර්තා වූ තෙමස ය. එනම් නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරියයි.

පසුගිය වසර විස්ස තිහ ඇතුළත ලංකාවේ නාය යෑම්වල ඉහළ යෑමක් පැහැදිලිව ම පෙනෙන්නට ඇත. එයිනුත් ඉතා වේගවත් වැඩි වීමක් සනිටුහන් වන්නේ වසර 2004 න් පසුව ය. මේ පිළිබඳව අදහස් පළ කරන සමහරුන්ගේ මතය වන්නේ සුනාමි අවස්ථාවේ දී අභ්‍යන්තර ජල මාර්ගවල සිදු වූ තෙරපීම මීට හේතු වන්නට ඇති බව ය. සුනාමිය පැමිණ ටික දිනකින් මාතලේ ආදී ප්‍රදේශවල පවා උල්පත් ජලයේ ලවණ රසයක් පැවතුන බවට පළ වූ වාර්තා මේ මතයට හේතුවන්නට ඇත. එහෙත් මෙම සංකල්පය පිළිබඳව පැහැදිලි විද්‍යාත්මක ගවේෂණයක් මෙතෙක් සිදු වී නැත.

ලංකාවේ නාය යෑම් සිදුවීමේ හේතු සාධක පිළිබඳව හැදෑරීම මෙන්ම එමගින් සිදුවන ජීවිත අනතුරු සහ දේපළ හානි අවම කරගැනීම ද මේ පිළිබඳව කටයුතු කරන පාර්ශවයන්ගේ ප්‍රමුඛ වගකීමක් බව අවධාරණය කළ යුතු ය. මෙහිදී වැදගත්ම පියවර වන්නේ නාය යෑමට ආසන්න ප්‍රදේශ කල් තබා හඳුනා ගැනීම ය. ඒ සඳහා ලෝකයේ මේවන විට ඉතා සාර්ථක තාක්‍ෂණික ක්‍රමවේද බිහි වී ඇත. අවාසනාවකට මෙම කාරණයේ දී අප සිටින්නේ ලෝකයේ බොහෝ රටවලට වඩා ගව් ගණනක් පිටු පසින් බව නම් කිව මනාය. එක උදාහරණයක් ලෙස භූගෝලීය තොරතුරු පද්ධතිය (GIS) හා බද්ධව, ලේසර් තරංග මත පදනම් වූ ලීඩර් හෝ ලයිඩර් (LIDAR) තාක්ෂණය උපයෝගී කරගැනීමෙන් ඉතා නිවැරදිව නාය යෑමට භාජනය විය හැකි ස්ථාන හඳුනා ගැනීමට හැක. එපමණක් නොව එම නාය යෑමෙහි අවධානම සහිත බිම් කඩෙහි භූගෝලීය ඉතිහාසය සොයාගැනීමටත් මෙම තාක්‍ෂණයට හැකියාව තිබේ. මෙහිදී තවත් වැදගත් කරුණක් නම් ලීඩර් තාක්ෂණය උපයෝගී කරගෙන පොළවෙහි ඇති ගස් කොළවලින් වැසී ගිය, නාය යෑම්වලට රුකුල් දෙන, බිම් පැලීම් පවා සොයාගත හැකිවීමයි. ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් මෙම තාක්ෂණය ගෙන ඒම භූ විද්‍යාඥයන්ගේ මෙන්ම රජයේ ද යුතුකමකි.

සාමාන්‍යයෙන් ස්වභාව ධර්මය අකාරුණික නැත. නාය යෑමක දී පවා ඊට දින කිහිපයකට පෙර ස්වභාව ධර්මය විසින් ඒ පිළිබඳව අනතුරු හඟවයි. පොළවෙහි, මහාමාර්ගවල, ගොඩනැගිළිවල (බිත්තිවල සහ බිම) පැලුම් ඇතිවීම, කුඩා ගල්කැට උස්බිම්වල සිට පහළට පෙරලීම, ගස් සහ කණු ආදිය බැවුම දෙසට ඇලවීම, එකවර උල්පත් මතුවීම, ගස් ඇතිල්ලෙන විට මෙන් කිරි කිරි ශබ්දයක් ඇසීම, මෙම අනතුරු හැඟවීම් කිහිපයකි. ජනතාවගේ අවධානය මේ කෙරෙහි යොමු කරවීමට අමතරව, මෙම සංඥා හඳුනා ගත හැකි ඉලෙක්ට්‍රොනික සංවේදක පද්ධතියක් නාය යෑමේ අවධානම හඳුනාගත් ප්‍රදේශවල සවි කිරීම ද ඉතා ප්‍රතිඵලදායක ය. එම සංවේදකවලින් ලැබෙන සංඥා රේඩියෝ හෝ ක්ෂුද්‍ර තරංග මගින් දුරස්ථ පරිගණකයකට යොමු කර ඒවා විශ්ලේෂණය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මත අවශ්‍ය පියවරගැනීම සඳහා අදාළ බලධාරීන් වෙත යොමු කළ යුතු ය. මෙම සංවේදක සහ සංනිවේදන ක්‍රමවේදයන් මේ වන විට ඉංජිනේරු හෝ භෞතික විද්‍යා පීඨයක අවසන් වසර ශිෂ්‍ය ව්‍යාපෘතියක් ලෙස ලබාදිය හැකි තරම් දැන් සරල වී ඇත. මේ පිළිබඳව සරසවි ඇඳුරන්ගේ මෙන්ම සිසු සිසුවියන්ගේ ද අවධානය යොමු වේවා යයි අපි ප්‍රර්ථනා කරමු.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *