SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

අපි යන්නේ කොයි පාරේ?

Chronic kidney disease (CKD) ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වෙන වකුගඩු නරක් වීමේ රෝගය පිළිබඳව පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකාවේ දැඩි ලෙස කතා බහ සිදු කෙරුණි. දෙව් බඹුන් පවා මැදිහත් වූ මේ විසංවාදය තව දුරටත් පවතින නමුත් රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට නම් අස්වැසිල්ලක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත. මෑතක දී චීන රජය මෙම රෝගය සඳහා පර්යේෂණ සහ ප්‍රතිකාර කිරීමට ආයතනයක් ලංකාවේ පිහිටවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනය කෙරුණි. මෙය යම් දුරකට මෙම රෝගය පැතිර යන ප්‍රදේශවල ජනතාවට සහනදායි පුවතක් වනු ඇත.

මෙම සමස්ත සංසිද්ධියම ලංකික විදු තලයේ සංකල්ප යම් ප්‍රශ්නාර්ථයකට යොමු කරයි. මේ වනවිට සියවස් ගණනාවක් ලොව පෙළූ බොහෝ රෝග සදහටම තුරන් වී ඇත. ඒ විශාල පිරිසක් යම් පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව කටයුතු කිරීම මගිනි. එම ක්‍රමවේදයේ අඩුපාඩු කම් රාශියක් ඇත. තවමත් ලොව බොහෝ ලෙඩ රෝග සඳහා පුර්ණ සුවය දෙන ඖෂධ හෝ ප්‍රතිකර්ම නැත්තේ ඒ නිසාය. විද්‍යාව ඉදිරියට ගෙනයෑම යනු මෙම අඩු පාඩු අඩු කරගැනීමයි. එහෙත් මෙම විද්‍යාව මෙහෙයවන්නේ මනුෂ්‍යයෝ ය. මනුෂ්‍යයෝ අති ශුද්ධවන්තයෝ නොවෙති. එබැවින් ඔවුහු සමහර විට දැන හෝ නොදැන විද්‍යාව අවභාවිත කරති. එය විද්‍යාවේ වරදක් යැයි අපි නොදකිමු.

දැනට පිළිගත් පර්යේෂණ ක්‍රමවේදය ඉතා සරළ පියවර පහක් මත රඳා පවතී. මෙම කරුණු පහ ඔස්සේ ලාංකික විද්‍යාඥයා පිය නැගුවා නම්? අද අප විමසන පැනය එයයි. පර්යේෂණ පැනය හඳුනා ගැනීම, විද්‍යාත්මක පසුබිම සමීක්ෂණය කිරීම, ක්‍රමවේදය ගොඩනැගීම, ප්‍රතිඵල විශ්ලේෂණය සහ නිගමන සහ දැණුම බෙදා හැරීම මෙම පියවර පහයි.

මෙහිදී පැහැදිළිවම පර්යේෂණ පැනයක් තිබුණි. එනම් ලංකාවේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක හඳුනා නොගත් මූලයකින් හටගන්නා වකුගඩු රෝගයක් වේගයෙන් ව්‍යාප්ත වීමයි. බොහෝ විට මෙවැනි පැනයක් විසඳීමේ දී ඊට මුල්වන හේතු කාරක කිහිපයක් ඇති බව අත්දැකීමෙන් අපි දනිමු. මේ නිසා අප උගත් අනුමාණයක් (educated guess) ඔස්සේ කල්පිතයක් ගොඩනගද්දී (උදාහරණයක් ලෙස ජලයේ හෝ ආහාරවල ආසනික් තිබීම රෝගයට හේතුවක් විය හැකි බව) පවා එය මෙම රෝගයට මුල් විය හැකි එක් කරුණක් පමණක් බව ධාරණය කරගැනීම වැදගත් වෙයි.

මෙහි දෙවෙනි පියවර ඉතා වැදගත් කර්තව්‍යයක් ඉටු කරයි. පසුගිය කාලයේ පළ කෙරුණු පර්යේෂණ පත්‍රිකා මේ පිළිබඳව හොඳ පසුබිමක් සකසා දෙයි. විශේෂයෙන්ම 2000 වසරේ සිට 2014 වසර දක්වා පළ වූ පර්යේෂණ පත්‍රිකා රාශියක ලෝකයේ, ලංකාව ද ඇතුළු රටවල් ගණනාවක මෙම CKD තත්වය ඇතිවීමට හේතුවන කාරණා සඳහන් කර තිබේ. මේ කටයුත්ත සඳහා ලාංකික විද්‍යාඥයන් රාශියක් ද සහභාගී වී ඇත.

එහිදී එක් සාධකයක් ලෙස පානීය ජලයේ ඇති බැර ලෝහ හඳුනාගෙන තිබුණි. මේ අතරම අතීතයේ පළ වී ඇති පත්‍රිකා කිහිපයකම සමහර පොහොර සහ කෘමි නාශක වර්ගවල කැඩ්මියම්, ආසනික් වැනි බැර ලෝහ තිබීමේ හැකියාව පිළිබඳව සඳහන් කර ඇත. මේ අනුව විශාල වශයෙන් කෘෂි රසායන වර්ග භාවිත කරන ප්‍රදේශවල, ජලය මගින් මිනිස් සිරුරට මෙම ද්‍රව්‍ය ඇතුළු වීම CKD සඳහා එක සාධකයක් විය හැකි බවට කල්පිතයක් පහසුවෙන්ම ගොඩනැගිය හැකිව තිබුණි. ඒ ඔස්සේ විද්‍යාත්මක ක්‍රමවේදයේ ඊළඟ පියවර තුන තැබුවා නම් අපට අද වන විට යම් තරමකට මෙම රෝගයේ හේතු කාරක පිළිබඳව දැනුමක් ලබාගත හැකිව තිබුණි. සමහර විට පිටරටවල මේ ගැන පර්යේෂණ සිදු කර මේ වන විට පර්යේෂණ පත්‍රිකාවකට හෝ පේටන්ට් බලපත්‍රයකට ආසන්න වෙමින් තිබෙනු ඇත.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *