SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

ඩෙංගු වෛරසය අඩපණ කරමු

මිනිසා හැරුණු විට මිනිසාට මාරයා කැඳවන භයානකම සත්ත්වයා මදුරුවා ය. පසුගිය වර්ෂවල අප දුටු රටාව අනුව ඉදිරි සති කිහිපයේ නැවත පැමිණෙන්නේ මදුරු මාරයාගේ හෝරාවයි. මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලංකාවේ දිස්ත්‍රික් දහයක් මාරාන්තික ඩෙංගු රෝග අවධානම සහිත ප්‍රදේශ ලෙස නම් කර ඇත. ඒ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව සහ අම්පාර යන දිස්ත‍්‍රික්කයි.

පසුගිය වකවානුවේ ඩෙංගු රෝග මර්ධනය සඳහා රජය මෙන්ම වෙනත් ස්වෙච්චා සංවිධාන ද යහපත් පියවර කිහිපයක්ම ගෙන තිබේ. ඩෙංගු රෝගය බෝ කරන මදුරුවාගේ ව්‍යාප්තියට රුකුල් දෙන ස්ථාන ඉවත් කිරීම සහ රසායනික මාර්ගයෙන් මදුරු කීටයන් විනාශ කිරීම ඉන් වැදගත් පියවර දෙකකකි. මීට අමතරව, මදුරුවා බෝවීමට හැකි පරිසර පද්ධති ඉවත් නොකරන වාසස්ථාන හිමි කරුවන්ට දඩ ගැසීම සහ මදුරු දෂ්ඨ කිරීම්වලින් වළකින ආකාරය පිළිබඳව ජාතික උපදේශක ව්‍යාපාරයක් පැවතීම ද පැසසිය යුතු කරුණකි.

එහෙත් මෙම සම්ප්‍රදායික ක්‍රමවලින් පමණක් ඩෙංගු රෝගය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකරගත හැකි ද යන්න අද වන විට ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ. අතීතයේ දී අප වෙනත් මදුරු උවදුරුවලින් ගැලවීමට ජාතික මට්ටමින් ගත් උත්සාහ සාර්ථක විය. මැලේරියාව, බරවා වැනි විසිවන සියවස මැද භාගයේදී ලොවම පෙළු රෝග සහමුළින් උපුටා දැමීමට ලංකාව සමත් විය. එහෙත් ඩෙංගු උණ පිළිබඳව මේ අභිමන අපට නැත. අපට තබා ලොව කිසිඳු රටකට තවමත් නැත. ඒ වෙනුවට ඩෙංගු රෝගයට අමතරව සීකා සහ චිකුන් ගුන්යා වැනි රෝග ද මදුරු වාහකයාගේ මල්ලට එකතු වී ඇත.

අපට විද්‍යාවේ සරණ සොයා යෑමට සිදුවන්නේ මෙතනදී ය. මේ තත්වයෙන් මිදීමට, විද්‍යා ලෝකය අංශ දෙකකින් මිනිසාට පිළිසරණ වීමට උත්සහ දරයි. ඉන් එක් මාර්ගයක් නම් ඩෙංගු රෝග වාහකයා වන ඊඩිස් ඉජිප්ටි මදුරුවා තුළට ඇතුළුවන ඩෙංගු වෛරසය අඩපණ කිරීමයි. මේ සඳහා ඔවුන් වොල්බැචියා නමැති බැක්ටීරියාව හඳුන්වා දී ඇත. මෙම බැක්ටීරියාව මගින් මදුරුවාගේ සිරුර තුළ ඩෙංගු වෛරසය ව්‍යාප්තවීම නවතා ලයි. මෙමගින් මදුරුවාගේ පැවැත්මට හානියක් සිදු නොවී ඔහුගෙන් සිදුවන රෝග ව්‍යාප්තිය අවම කරයි. එනම් මදුරුවා පරිසර හිතකාමී සත්වයකු බවට පත් කරයි. ඩෙංගු රෝගයට අමතරව සීකා රෝගයරෝගයට හේතුවන වෛරසය අඩපණ කිරීමට ද මෙම බැක්ටීරියාවට හැකි බව සනාථ වී ඇත. මේ වන විට ඔස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය, කොලොම්බියාව ආදී රටවල් ගණනාවක් සාමුහිකව මෙම පර්යේෂණ කටයුතුවල නිරත වෙයි. එම පර්යේෂණ සාර්ථකව අවසන් වෙමින් පවතින බව මෙම වසරේ මෙතෙක් පළවූ පර්යේෂණ පත්‍රිකා මගින් පෙනී යයි.

දෙවන උත්සාහය නම් ඩෙංගු රෝග මර්ධනය සඳහා එන්නතක් නිපදවීමයි. මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද සහයෝගය ඇතිව කණ්ඩායම් කිහිපයක් ලොව පුරා පර්යේෂණ පවත්වයි. වසර 2015 දෙසැම්බරයේ දී ලොව ප්‍රථම ඩෙංගු මර්ධන එන්නත මෙක්සිකෝවේදී ලියාපදිංචි කරන ලදී. මෙය වයස 9 සිට 45 දක්වා වන කාණ්ඩවලට නිර්දේශ කර ඇත. තවත් එන්නත් කිහිපයක්ම මේවන විට අත්හදා බලමින් පවතී.

එම පර්යේෂණ සාර්ථක වේවා යයි ප්‍රාර්ථනා කරන අතරම ලංකාවේ විදු සමාජයට ද පණිවිඩයක් දිය යුතුව ඇත. බොහෝ කලක සිට අපේ රට ඩෙංගු රෝගයෙන් බැටකයි. මෙහි පැහැදිලිවම පර්යේෂණ ගැටලුවක් පවතී. අපි කවදා තෙක් ලොව අන් රටවල විද්වතුන් අපේ ප්‍රශ්නවලට විසඳුම් සොයා දෙන තුරු ප්‍රාර්ථනා පුර්වකව සිටිමු ද? අපෙන් ලොවට යමක් දෙන්නේ කවදා ද?

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *