SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

මාර්ග දඩ පොලීසියෙන් තාක්ෂණයට

 

මාර්ග නීති උල්ලංඝණය සඳහා වැඩි කෙරුණු දඩය පොලිස් නිලධාරීන්ට රජ මගුලක් වේද? මේ වර්තමානයේ දැඩි කතා බහකට ලක්වන මාතෘකාවකි. ලංකාවේ සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව සහ එම අනතුරුවල ස්වභාවය අධ්‍යනය කරන කිසිවෙක් මෙම දඩ මුදල් ඉහළ දැමීමට විරුද්ධ නොවනවා ඇත. එහෙත් ඕනෑම නව හඳුන්වාදීමක් සිදු කරද්දී ඊට අදාළ පසුබිම සහ ඇතිවිය හැකි ගැටලු පිළිබඳව විශ්ලේෂණයක් නොකර හිටි අඩියේ සියල්ල වෙනස් කිරීමෙන්, යහපත් අරමුණකින් යුතුව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වුව ද මහා අවුල් ජාලයක් විය හැකි ය.

මෙම අපේක්ෂිත ගැටලුවලින් ප්‍රධාන කරුණක් වන්නේ පොලිසිය විසින් මානව දෝෂ නිසා හෝ සිතා මතා කෙරෙන අකටයුතුකම් නිසා රියදුරන්ට සිදුවිය හැකි අසාධාරණය ය. විශේෂයෙන් වේග සීමාව ඉක්මවීම, ඉරි කැපීම, වැරදි පසින් ඉස්සර කිරීම, රාත්‍රී කාලයේ පහන් ආලෝකය නොමැතිව ධාවනය කිරීම වැනි වැරදි රැසක් සඳහා පොලිස් නිළධාරීන්ගේ මැදිහත් වීම ප්‍රශ්නාර්ථයක් වීමට හැකි ය.

මේ සඳහා දිය හැකි හොඳම විසඳුම නම් මෙම වැරදි හඳුනා ගැනීම පොලිස් නිලදරුවන්ගේ අතින් තාක්ෂණයට මාරු කිරීමයි. මේ වන විට ඉතා දියුණු තත්වයේ රිය පැදවීමේ දෝෂ හඳුනා ගත හැකි කැමරා සහ සංවේදක උපකරණ ජාත්‍යන්තර තාක්ෂණ තලයේ ඇත. බොහෝ කැමරාවල ප්‍රධානත ම අංගය වන්නේ ස්වයංක්‍රියව අංක තහඩු හඳුනාගත හැකි තාක්‍ෂණයයි. මේ සඳහා රටා හඳුනාගැනීමේ ක්‍රමවේදය යොදා ගැනේ. අඳුරු අවස්ථාවක නම් ස්වයංක්‍රිය ෆ්ලෑෂරයක් දැල්වෙයි. වේගය මැනීම සඳහා ඩොප්ලර් හෝ ලයිඩර් තාක්ෂණය යොදාගත හැක. ඉරි කැපීමේ සහ වැරදි පසින් ඉදිරියට යෑමේ අවස්ථා වෙන් කරගැනීම සඳහා ද රටා හඳුනාගැනීමේ තාක්ෂණය උපයෝගී කරගත හැක. මෙහිදී අභියෝගයක් වන්නේ එකවර වාහන කිහිපයක් වැරදි කරන විට ඒවා වෙන වෙනම හඳුනා ගැනීමයි. මේ සඳහා සුදුසු ඇල්ගොරිතමක් ගොඩනැගිය යුතු ය. මීට අමතරව තහනම් කළාපවල වාහන නැවත්වීම, දුම්රිය හරස් මාර්ගයේ වැරදියට ගමන් කිරීම මෙන්ම වාහනයේ අත්‍යවශ්‍ය අංගවල දුර්වලතා (විදුලි පහන් සහ සංඥා පහන් නිවැරදිව නොදැල්වීම, වයිපර ක්‍රියාත්මක නොවීම, අධික ලෙස දුම් පිටවීම, අධික ශබ්දය) හඳුනාගැනීමට ද සුදුසු සංවේදක යොදාගත හැක.

ඕනෑම උපකරණයක මිනුම් සහ විශ්ලේෂණ දෝෂ තිබිය හැක. මේ නිසා අදාළ රියදුරා වෙත දඩය පිළිබඳව දන්වා යැවීමට පෙර තාක්ෂණ නිපුණයකු මගින් අදාළ රූප රාමු සහ සංවේදක උපකරණ සංඥා ප්‍රති අගැයීමකට ලක් කිරීම වැදගත් වේ. දැනටත් මෙම උපකරණ ලංකාවේ අධිවේගී මාර්ගවල යම් තරමකට සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වන බව අප අමතක කළ යුතු නැත.

මාර්ග නීති උල්ලංඝණය සඳහා විශාල දඩ මුදලක් පැනවීමට පෙර මෙම තාක්ෂණය ලංකාව පුරාම ඇති මාර්ග ආවරණය වනසේ යොදාගත යුතු ය. මීට අමතරව මාර්ග සංඥා ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සවි කිරීම, පාරේ ඇඳ ඇති ඉරි සහ සංඥා ආවර්තිතව පිළිසකර කිරීම, විදී ආලෝක පහන් පූර්ණ යථා තත්වයක පවත්වා ගැනීම සහ මාර්ග නියමිත ප්‍රමිතියකින් පවත්වා ගැනීම ද අත්‍යවශ්‍ය වේ.

මෙහිදී මතුවන ඊළඟ ගැටලුව නම් මෙබඳු උපකරණ විශාල ප්‍රමාණයක් සවි කිරීමේ ඇති ප්‍රයෝගික අපහසුතාවයයි. මේ සඳහා අපට විසඳුම් දෙකක් ඇත. එකක් නම් වෙනත් බොහෝ රටවල කරන්නක් මෙන් ඉදිරියේ කැමරාවක් ඇති බවට සංඥා පුවරු මාර්ගයේ බොහෝ තැන්වල සවි කිරීමයි. සංඥා පුවරු 10 කට එක කැමරාවක් සවි කිරීම සාමාන්‍ය සිරිතයි. මෙම සංඥා පුවරු රියදුරා යම් මානසික හික්මීමකට පත් කරයි. අනෙක් විසඳුම නම් ලංකාවේ ම මෙම තාක්ෂණය ගොඩනැගීම සඳහා විද්‍යා හා තාක්‍ෂණික ප්‍රජාව දිරිමත් කිරීමයි.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *