SciTech Publishing Corporation (Pvt) Ltd.

Month: February 2017

විදු වැකිය

බලශක්ති අර්බුදයට විසදුම න්‍යෂ්ටික බලාගාර ද?

අපට ආචාර්ය යමාදා හමුවුයේ මෑතක දී ජපානයේ කළ සංචාරයක දී ය. ඔහු එරට සිටින පරමාණුක බලශක්ති තාක්‍ෂණවේදියෙකි. ඇති වූ කෙටි පිළිසඳරේ දී, ලංකාවේ පරමාණුක බලාගාරයක් සැදීම ගැන ඔහුගේ අදහස අපි විමසුවෙමු. මද සිනහවකින් මුව සරසා ගත් යමාදා මහතා, ලංකාව වැනි රටක් එවැනි ව්‍යාපෘතියක් ගැන සිතීම…
Astronomy

ළඟම තරුවක් වටා පෘථිවිය තරමේ ග්‍රහලෝක හතක් !

පිටසක්වළ ග්‍රහලෝක පිළිබඳ උනන්දු වන විද්‍යාඥයන් සැම විටම සොයා බලන්නේ පොළොව මෙන් ග්‍රහලෝක ඇත් දැයි කියා ය. පෘථිවිය වාගේ ග්‍රහලොවක් යන්නෙන් අදහස් වන්නේ එය, ඉතා උණුසුම් නොවන, ඉතා ශිත ද නොවන ජලය පැවැතිය හැකි පාෂාණමය ග්‍රහයෙකු වීමයි. එය තරුවට වඩාත් කිට්ටු නම් ජලය පැවැතිය නොහැකි…
Astronomy

ජීවය සොයා යුරෝපා මතට…

පෘථිවියෙන් ඔබ්බේ ජීවයක් පිළිබඳව මිනිසාට ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. ඈත එපිට විශ්වය තුළ ජීවය කෙසේ වෙතත් අප හිරුමඬල තුළවත් ජීවයක් සොයා ගත හැකි නම්...? එහිලා අඟහරු ලොව කෙරේ තබා තිබූ බලාපොරොත්තු සුළුපටු නොවේ. අතීතයේ පටන් මෑතක් වන තුරුම අඟහරු මත ජීවීන් පිළිබඳ බලාපොරොත්තු ලියලා වැඩෙමින් තිබුණි.…
ඡායාරූපය - තාරක ගමගේ
විදු වැකිය

අලි-මිනිස් ගැටුමට කෙළවරක්

වන අලි ප්‍රහාරවලින් මියයන පුද්ගලයින් වෙනුවෙන් එම ඥාතීන්ට ලබාදෙන වන්දි මුදල ඉහළ නැංවීමට පියවර ගන්නා බව තිරසාර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේදා ජයසේන මහත්මිය පසුගියදා පැවසුවාය. එය පැසසිය යුතු පියවරක් වුවත්, ලංකාවේ නිධන්ගත ගැටලුවක් වන මිනිස්-අලි ගැටුමට යථාර්තවාදී විසඳුමක් එමගින් නොලැබෙන බව නම් පැහැදිලිය.…
විදු වැකිය

ආර්ථික සුළි කුණාටුවට තාක්‍ෂණික බැම්මක්

ඩුබායි ගුවන් තොටුපල අසළ අතහැර දමාගිය දුහුවිලි තට්ටු බැඳුනු අධි සුඛෝපභෝගී මෝටර් රථ රාශියකි. නගරය පුරා අර්ධ ලෙස අවසාන කර අතහැර දැමු යෝධ ගොඩනැගිළි, ඇටසැකිලි මෙන් අහස දෙස බලාගෙන සිටිති. මේ මැද පෙරදිග ආර්ථිකය බිඳ වැටීමේ සංකේතයන්ය. පෙර කල සශ්‍රීක රාජ්‍යයන් වූ අබුඩාබි, සෞදි වැනි…
විදු වැකිය

නියඟය පරයා නැගී සිටින්නට….

නියගය අපට නුහුරු නොවේ. වසර කිහිපයකට වරක් ලංකාවට මාස කිහිපයක් පවතින දැඩි වියළි කාලගුණයක් ඇතිවෙයි. විශාල ජල සැපයුමක් මත යැපෙන ලංකාවේ බොහෝ ආර්ථික භෝග මෙම වියළි කාලගුණය හේතුවෙන් විනාශයට පත්වෙයි. බොහෝ ප්‍රදේශවල ජනතාව පානිය ජල හිඟය නිසා දැඩි ලෙස පීඩාවට පත්වෙයි. විදුලිය කැපෙයි. නියගය පිළිබඳව…
විදු වැකිය

සංවර්ධනය උදෙසා කුහකත්වයෙන් ඔබ්බට

ස්වීඩනයේ සිටින අපගේ මිතුරෙක් වරක් අපූරු සිදුවීමක් ගැන පැවසීය. ඔහු වසර හතක් ඇතුළත සාර්ථක ශල්‍යකර්ම දෙකකට භාජනය වී ඇත. එහි විශේෂත්වය නම් ඔහුගේ දෙවන ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරයා, පළමු ශල්‍යකර්මයේ දී වෛද්‍යවරුන්ගේ අත් උදව්වට සිටි උපස්ථායකයා වීමයි. ලොව බොහෝ දියුණු රටවල මේ තත්වය සාමාන්‍ය දෙයකි.…
Kosuke Morita of Riken points to 'nihonium' on the revised periodic table of elements
Chemistry

ආවර්තිතාවට අලුතෙන් මූලද්‍රව්‍ය හතරක්

ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යාව පිලිබඳ අන්තර්ජාතික එකමුතුව විසින් පසුගිය නොවැම්බර් මස 28 වන දින ආවර්තිතා වගුව සඳහා එක් වූ නවතම මුලද්‍රව්‍ය හතරක නම් සඳහා අනුමැතිය ලබා දී ඇත. එය සිදු කොට ඇත්තේ මාස පහකට වැඩි මහජන විචාර කාලයකින් අනතුරුව ය. ඒ අනුව නම් කළ…
ඡායාරූපය- තාරක ගමගේ
විදු වැකිය

ලොකු කම් ඉවතලමු වනාන්තර රැකගනිමු

මුළු සිංහරාජයේම නැති තරම් ගස් ප්‍රමාණයක් ඕනෑම දිනක මොරටුමුල්ලේ ඇතැයි ඒ ප්‍රදේශයේ කතාවක් තිබේ. එය අතිශයෝක්තියක් වුවත් එහි අන්තර්ගතයේ යම් ගත යුත්තක් ඇත. මොරටුමුල්ලේ ඇත්තේ සිංහරාජයේ මෙන් සිංහ සෙයියාවෙන් හිස ඔසවා ගත් වෘක්‍ෂ රාජයන් නොවේ. පළු බවට පත්වී අසරණව වැතිර සිටිනා දැව කඳන්ය. හරිත වනාන්තර…