SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

නියඟය පරයා නැගී සිටින්නට….

නියගය අපට නුහුරු නොවේ. වසර කිහිපයකට වරක් ලංකාවට මාස කිහිපයක් පවතින දැඩි වියළි කාලගුණයක් ඇතිවෙයි. විශාල ජල සැපයුමක් මත යැපෙන ලංකාවේ බොහෝ ආර්ථික භෝග මෙම වියළි කාලගුණය හේතුවෙන් විනාශයට පත්වෙයි. බොහෝ ප්‍රදේශවල ජනතාව පානිය ජල හිඟය නිසා දැඩි ලෙස පීඩාවට පත්වෙයි. විදුලිය කැපෙයි. නියගය පිළිබඳව නිවැරැදි අනාවැකි පැවසීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හැකිවුණි ද, අප නියගයට කල් තබා සුදානම්ව සිටියා ද, දේශපාලකයාගේ අවධානය ඊට යොමු වීද, නියං ආධාර නිසි පරිදි ලැබෙනවා ද, ආදී වූ මෙකී නොකී බොහෝ කාරණා පිළිබඳව වාද විවාද, උද්ගෝෂණ මේ සමගම රට පුරා පැන නගියි.

දැන් නිසි ලෙස වැසි ලැබෙයි. සියළු සාකච්චා එම වැසි දියෙහි දියවී යයි. නැවත වසර කිහිපයකින් අපි නැවතත් වාද විවාද පටන් ගනිමු. මෙය ලාංකික අපගේ සාමාන්‍ය සිරිතයි.

මගේ මතකය වසර 30 ක් පමණ ඈතට ඇදී යයි. අද අප අතර නැති, මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න මහතා තම සරසවි දිවියේ අවසාන දේශනා මාලාව පවත්වමින් සිටියේ ය. එතුමා වායුගෝලීය භෞතික විද්‍යාව පිළිබඳව ජාත්‍යන්තර කීර්තියක් ලැබූ විද්‍යාඥයෙකි. එවකට, නියඟය දුරලීම සඳහා කෘතීම වැසි ඇති කිරීමට, තායිලන්තයෙන් උපදෙස් ගැනීමට රජය සුදානම් වන බවට ප්‍රවෘති පළ විය. එතුමා තායිලන්ත ක්‍රමවේදයේ ඇති අඩුපාඩු පිළිබඳවත්, ලංකාව වැනි රටක වායුගෝලීය ස්වභාවය අනුව වඩාත්ම ඵලදායි සහ ලාභදායි ලෙස කෘතීම වැසි ඇතිකරවන ආකාරයන් ගැනත් තම දේශණයේදී දීර්ඝ වශයෙන් සඳහන් කළේ ය.

වලාකුළක් තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක බින්දුවෙන් ඉහළ ඇති විට එය උණුසුම් වලාවක් ලෙස ද සෙල්සියස් අංශක බින්දුවට අඩු විට එය ශීත වලාවක් ලෙස ද හැඳින්වේ. උණුසුම් වලාකුළු තුළ, කුඩා ජල බිංදු ගැටීමෙන් සහ එකතුවීමෙන් විශාල බිඳිති බවට පත් වේ. එවිට ඒවා ගුරුත්වය විසින් පහළට ඇද ගනියි. මෙය වර්ෂාව ලෙස පොළවට ලඟාවේ. ඒ හා සමානව, සීතල වලාකුළක් තුළ, අයිස් ස්ඵටික ප්‍රමාණයෙන් වර්ධනයවී යම් විශාලත්වයක් ඉක්මවා ගිය විට පහතට ඇද වැටෙයි. ඒවා සෙල්සියස් අංශක බින්දුව උෂ්ණත්වය හරහා ගමන් කරන විට ජල බිඳු බවට පත්වෙයි. උණුසුම් වලාකුළක් තුළ ඇති ජල බිඳු ඉතා කුඩා විට හෝ ශීත වලාකුළක වර්ෂාපතනය නිර්මාණය කිරීමට තරම් අයිස් ස්ඵටික ප්‍රමාණයක් නොමැති විට, වැසි ඇති නොවෙයි. මෙබඳු අවස්ථාවක ජල බිංදු වර්ධනය කරගැනීමට හෝ අයිස් ස්ඵටික ප්‍රමාණය ඉහළ දැමීමට කෘතීම ක්‍රම උපයෝගී කර ගැනෙයි. මෙය වළා බීජාකරණය (cloud seeding) යනුවෙන් හැඳින්වෙයි.

මෙම ක්‍රමවේදයෙහි සාර්ථකත්වය පිළිබඳව විවිධ මත පැවතියත් මෑතකදී චීනයේ සහ මැද පෙරදිග රටවල ඉතා සාර්ථකව කෘතීම වැසි බිහි කිරීමට සමත් වූ බවට වාර්තා පළවේ. වසර 2013 වන විට චීනයේ පමණක් වැසි ජලය ටොන් බිලියන 55 කට වඩා වළා බීජකරණයෙන් නිපදවූ බව ඔවුන් පවසයි. මෙහිදී චීනයේ අරමුණ මෙම කෘතීම වැසි ඇති කිරීම ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරයක් බවට පත්කිරීම බව නම් පැහැදිලිය. මේ සඳහා ඔවුන් බොහෝ රටවල වර්ෂාපතන රටාවන්, එම රටවලම විද්‍යාඥයන් ලවා අධ්‍යනය කරණ බව සුලභව දකින්නට ලැබෙන කරුණකි.

මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න මහතාගේ දැක්ම ඉදිරියට ගෙන යෑමට කිසිවෙකුත් රටේ නොසිටීම අභාග්‍යයකි. අප රටේ විද්‍යාඥයන් තුළින් නව තාක්‍ෂණික සොයාගැනීම් බිහිවෙන අතරම ඒවාට ජාත්‍යන්තරව ඇති ව්‍යාපාරික ඉල්ලුම පිළිබඳව ද යම් දැනුමක් ඇති කිරීමට කාලය එළඹ ඇත.

නියගයට ඔරොත්තු දෙන රටක් බිහි කිරීමට කෘතීම වැසි පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා විවිධ අංශ ගණනාවක ක්‍රියාකාරී සහභාගිත්වය අවශ්‍යය. කෘෂි අංශය මගින් අඩු ජල ප්‍රමාණයකින් වගා කල හැකි භෝග බිහි කළ යුතුය. වැසි ජලය එකතු කරන ව්‍යාපෘති වියළි කලාපයට හඳුන්වා දිය යුතුය. පවතින වැව් පොකුණු අලුත්වැඩියා කර යථා තත්වයෙන් පවත්වා ගත යුතුය. ජල විදුලිය මතම නොයැපෙන පුනර්ජනනීය ශක්ති ප්‍රබේධවලට ප්‍රමුඛත්වය දුන් බලශක්ති ප්‍රතිපත්තියක් සකස් විය යුතුය.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *