SciTech Publishing Corporation (Pvt) Ltd.
ඡායාරූපය - තාරක ගමගේ
විදු වැකිය

අලි-මිනිස් ගැටුමට කෙළවරක්

වන අලි ප්‍රහාරවලින් මියයන පුද්ගලයින් වෙනුවෙන් එම ඥාතීන්ට ලබාදෙන වන්දි මුදල ඉහළ නැංවීමට පියවර ගන්නා බව තිරසාර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේදා ජයසේන මහත්මිය පසුගියදා පැවසුවාය. එය පැසසිය යුතු පියවරක් වුවත්, ලංකාවේ නිධන්ගත ගැටලුවක් වන මිනිස්-අලි ගැටුමට යථාර්තවාදී විසඳුමක් එමගින් නොලැබෙන බව නම් පැහැදිලිය. මෙහි සංකීර්ණත්වය වඩා ගැඹුරු වන්නේ එහි සියලු පාර්ශවකරුවන්ගේ ජීවිත මිළ සලකුණකින් මැනිය නොහැකි බැවිනි. එබැවින් ජනතාව වන්දි මුදලකට වඩා බොහෝ සෙයින් ඉදිරියට ගිය පිළිතුරක් මෙම ගැටලුවට බලාපොරොත්තුවීම සාධාරණය.

තාක්ෂණය මෙතරම් දියුණු වූ යුගයක අලි-මිස් ගැටුමට විසඳුමක් නැතිද? මෙය ලංකාවට පමණක් ආවේණික තත්වයක් නොවෙයි. එබැවින් අපි මේ පිළිබඳව ලොව අනෙක් රටවල්වල ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේද සලකා බැලුවෙමු. මෙහිදී අපට ප්‍රාථමික මට්ටමේ සිට අධි-තාක්ෂණික ක්‍රම දක්වා නොයෙකුත් සාර්ථක ක්‍රියාමාර්ග අත්හදා බලා ඇති බව පෙනුණි.

කෙන්යාවේ වනබදව වෙසෙන බොහෝ ගෝත්‍රිකයෝ අලි ඈත් කර තැබීම සඳහා මී මැස්සන් යොදාගත හැකි බව චිරාත් කාලයක සිට දැන සිටියෝය. වසර 2002 දී පමණ මේ පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය. වසර 2007 වන විට අප්‍රිකාවේ බොහෝ රටවල මීමැසි වැටවල් මාර්ගයෙන් මිනිස් වාසස්ථාන දෙසට අලි ඇතුන් සංක්‍රමණයවීම සීමා කිරීම ඇරඹී තිබුණි. මෙමගින් අලි-මිනිස් ගැටුම සමථයකට පත් කිරීමට පමණක් නොව මී පැණි කර්මාන්තය හරහා ප්‍රදේශයේ ජනතාවට ඉහළ අදායම් මාර්ගයක් ලබා දීමට ද හැකිවිය. ලංකාවේ මේ මී මැසි වැට පිළිබඳව පුවත් පත් වාර්තා කිහිපයක් වසර කිහිපයකට පෙර පළවිය. එතැන් සිට එම වැඩපිළිවෙල කොතැනකට ගියාදැයි සොයා බැලීම වටියි.

වසර 2010 දී එවකට කැලිෆෝනියාවේ සරසවියක පර්යේෂණ මෙහෙය වූ විවේක් තුප්පිල් නම් විද්‍යාඥයා ව්‍යාග්‍රයන් කෑගසන හඬ පටිගත කර ඉන්දියාවේ අලි නිතරන ගැවසෙන ගම්මාන කිහිපයක වාදනය කරන ලදී. ඒ හඬ ඇසෙත්ම අලි සියලු දෙනා සන්සුන්ව ප්‍රදේශයෙන් පිට වී ගියෝය. ඔහු මෙම ක්‍රමවේදය ප්‍රයෝගිකව ක්‍රියාවට නැවීම සඳහා අලි පැමිණෙන මාර්ගය හරහා අධෝරක්ත කිරණ කදම්භයක් ස්ථානගත කිරීමට යෝජනා කළේය. අලින් එම කිරණ කදම්භය හරහා පැමිණෙන විට හඬ පටය ඇරඹීම මෙහි අදහස විය. එහෙත් අද වන විට වැඩි දියුණු කර ඇති නොයෙකුත් සංවේදක සහ රැහැන් රහිත සන්නිවේදන ක්‍රම ආශ්‍රයෙන් මෙම ක්‍රමවේදය මීට වඩා ඉතා කාර්යක්‍ෂම ආකාරයෙන් යොදා ගත හැක.

මිරිස් කුඩු ඉසීම තවත් සාර්ථක අලි එලවීමේ උපක්‍රමයකි. වාතයේ ඇති මිරිස් කුඩු අලියාගේ ඇස්වල සහ නාසයේ තද දැවිල්ලක් හටගන්වන බැවින් ඔවුන් එම ප්‍රදේශයෙන් පලා යයි. එහෙත් මෙම ක්‍රමය අප්‍රිකාවේ සහ ඉන්දියාවේ පිටිසර ගම්මානවලින් මෙපිටට නොපැමිණීමට හේතු වුයේ එහි ඇති අකාර්යක්‍ෂමතාවය නිසාය. මිරිස් කුඩු ඉසීම සඳහා අලියා ලඟට යාමට සිදු වීමත්, අලින් ගම්මානයට එනතුරු බලා සිටීමට සිදුවීමත් අවදානම් සහගත කාර්යයන් විය. එහෙත් නවීණ ලෝකයේ මේ ගැටලු නිරාකරණය කරගැනීමට බොහෝ ක්‍රමවේද සකස් වී ඇත. අප කලින් සඳහන් කළ ආකාරයට ගම්මාන සමීපයේ අලි ඇතුන් පැමිණෙන මාර්ග අවට සංවේදක-සන්නිවේදක පද්ධති ස්ථානගත කිරීමෙන් ඔවුන්ගේ ගමන් රටාව නිරන්තරයෙන් නිරීක්ෂණය කළ හැක. ඉන් පසු එම පද්ධතිය හා දුරස්ථ සම්බන්ධතාවයක් මගින් අනුබද්ධ කළ ඩ්‍රෝනයක් මාර්ගයෙන් අලින් ආසන්නයේ මිරිස් කුඩු ඉසීම කළ හැක. මෙහිදී මිරිස් කුඩු වෙනුවට යොදාගත හැකි ඊට වඩා බොහෝ සෙයින් කාර්යක්‍ෂම වන ද්‍රව්‍ය රාශියක් පැවතිය හැක. ඒ සඳහා වැඩිදුර පර්යේෂණ කළ යුතුය. එසේම සත්‍වයාට අවම හිරිහැරයක් වනසේ ඔවුන් පලවා හැරිය හැකි ප්‍රශස්ත ද්‍රව්‍ය මාත්‍රාව සොයා ගැනීම ද වැදගත් වෙයි.

ඉහත ක්‍රමවේද මගින් මුළු ගම්මානයකම අලි-මිනිස් ගැටුම දුරලීමට වැය වන මුදල, එක් මරණයක් වෙනුවෙන් ගෙවීමට සැලසුම් කර ඇති වන්දි මුදලට වඩා අඩු වනු ඇත.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *