SciTech Publishing Corporation (Pvt) Ltd.
Health/Medicine

ජීවිතේ දිගු කර ගන්න – ළමයෙක් හදන්න!

අම්මා කෙනෙක්, තාත්ත කෙනෙක් වෙන එක බොහෝ දෙනාගෙ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක්. ඉන් ලැබෙන දේ බොහෝමයි. කැදැල්ලක උණුහුම, ආදරය සෙනෙහස විතරක් නොවෙයි එය තමන්ගේ ජීවිතේ දිගු කර ගන්නත් රුකුලක් ලැබෙන බවයි අලුත් ම පර්යේෂණයකින් හෙළි වන්නේ.

 

ස්වීඩනයේ 1911 සිට 1925 දක්වා උපන් මිලියන 1.4කගේ තොරතුරු ඇසුරින් මේ අධ්‍යයනය සිදු කෙරී තියෙනවා. එහිදී පෙනී ගොස් ඇත්තේ අඩු තරමින් එක දරුවෙකු හෝ සිටිනවා නම්, ජීවත් වන කාලය දිගු වෙන්න එය හේතුවක් වන බවයි. මේ අය අවුරුදු 80ක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න මෙමගින් වාසනාව උදාකරගෙන තියෙනවා.

මෙහි දී සිදුකෙරුණු විශ්ලේෂණයට අනුව හැට වියේ පසු වන දරුවන් සිටින පුරුෂයෙකුට හෝ කාන්තාවකට, පිළිවෙලින් තවත් අවුරුදු 18.4ක සහ 23.1ක අපේක්ෂිත ආයු කාලයක් ලැබෙනවා. මේ අනුව, දරුවන් නැති පිරිමින්ට වඩා දරුවන් සිටින පිරිමින්ගේ සාමාන්‍ය අපේක්ෂිත ආයුකාලය අවුරුදු 1.5කින් ද, දරුවන් නැති ගැහැනුන්ට වඩා දරුවන් සිටින ගැහැනුන්ගේ සාමාන්‍ය අපේක්ෂිත ආයුකාලය අවුරුදු 2කින් ද වැඩි වෙනවා.

 

දරුවන් හදාවඩන අය වැඩි කලක් ජීවත් වීම සඳහා ජීවවිද්‍යාත්මක හේතු බලපාන්න පුළුවන්. කොහොම වුණත් මාපිය පදවිය සහ අපේක්ෂිත ආයුකාලය වැඩිවීම වයසත් එක්කත්, ඒ වගේම අවිවාහක මාපියන් අතරත් ඉහළ බවයි පෙනී ගොස් තියෙන්නේ. පර්යේෂකයන් අනුමාන කරන්නේ, එහි දී වැඩිහිටි දරුවන්ගෙන් ලැබෙන සමාජයීය උපකාරය ඊට හේතුවන්නට හැකි බවයි.

මින් පෙර සිදු කෙරුණු අධ්‍යනයකින් ඉඟි කර තිබුණේ, ගැහැනු දරුවන් තම මාපියන්ට මහලු වයසේ දී වඩා හොඳින් සලකන බව වුවත්, මේ දත්තවලින් හෙළිවන ආකාරයට, පිරිමි දරුවෙකු ද ගැහැනු දරුවෙකු ද කියා වෙනසක් නෑ.

 

Journal reference: Journal of Epidemiology and Community Health

Leave a Reply

Your email address will not be published. Required fields are marked *