SciTech Publishing Corporation (Pvt) Ltd.
Health/Medicine

කැලලක් නැතිව තුවාල මූට්ටු කරන මට්ටි සෙවල ලේපය

 

කරදිය ජීවී විෂේශයක් වන මට්ටින්ගෙන් ලබා ගන්නා ස්‍රාවයක් අඩංගු කොට සාදන ආලේපයකින්, කැලැල් රහිතව තුවාල සුව කළ හැකි බව නව පර්යේෂණයකින් අනාවරණය වේ.

මෙම ස්‍රාවය යොදාගනිමින් පර්යේෂණ මීයන්ගේ තුවාල කිසිඳු කැළැක් රහිතව සුව කළ හැකි බව දැනට තවුරු කරගෙන ඇත. එය තවදුරටත් වැඩි දියුණු කොට, සැත්කම් නිසා මිනිස් සම මත ඇතිවන කැපුම් තුවාල මෙන්ම හදිසි අනතුරු නිසා ඇතිවන තුවාල ද කැලලක් නැතිව සුව කර ගැනීම හැකියාව නුදුරේ දී ම ලැබෙනු ඇතැයි පර්යේෂකයෝ පවසති.

මෙය ශල්‍ය වෛද්‍ය විද්‍යාවට ද වැදගත් පුවතකි. සාමාන්‍යයෙන් තුවාල කැළැලක් ඇති වන්නේ තුවාලය වටා බිඳි ගිය කොලැජන් තන්තු ප්‍රතිස්ථාපනය වීමේ දී සුපුරුදු සන්විධානාත්මක විලාසය නැති වීම නිසා ය. එහෙත් මෙම මට්ටි ශ්‍රාවය නිසා කොළජන් තන්තු නැවතත් සාමාන්‍ය ආකරයට සන්විධානාත්මකව ඇති ඇති වේ. එබැවින් තුවාල කැළැල් රහිතව සුව වේ.

තුවාල කැලැල් නැති කිරීම සඳහා යොදා ගත හැකි තවත් එක් ක්‍රමයක් වන්නේ සමෙහි ඇති ඩෙකරින් නම් ප්‍රෝටීනය භාවිත කිරීම ය. එමගින් කොලැජන් තන්තු සංවිධානාත්මක ආකාරයෙන් නිමැවී තුවාල කැලල් වියැකේ. එහෙත්, එම ප්‍රෝටීනයට ඇත්තේ ඉතාමත් සංකීර්ණ භෞතික ව්‍යුහයකි. එබැවින් එය කෘතිමව නිපදවා සායනවල භාවිත කිරීම ඉතා දුෂ්කර කාරියකි.

මේ අභියෝගය ජය ගැනීමට , දකුණු කොරියාවේ හනග් ජූන් චා ඇතුළු පර්යේෂක කණ්ඩායම ඩෙකරින් ප්‍රෝටීනයේ සරල ආකාරයක් නිර්මාණය කළ හ. ඔවුහු ඩෙකරින් ප්‍රෝටීනයේ කුඩා කොටසක්,  කොලජන් බැඳුම් අණුවක් සහ ඇලෙනසුලු මට්ටි සෙවල එකට මුසු කළ හ. ඉන් සෑදුන් ගම් ආලේපය, මීයන් මත තවරමින් පරීක්ෂාවට බඳුන් කෙරිණි. මිලිමීටර් 8ක් පුළුල්, ගැඹුරු තුවාල සහිත මී කාණ්ඩ දෙකක් මේ සඳහා යොදා ගැනිණි. එම ඇලෙන සුළු ආලේපය මීයන්ගේ තුවාල මත තවරා එය ප්ලාස්ටික් පටලයකින් ආවරණය කරණ ලදී. පාලක මී කාණ්ඩයේ තුවාල මත යොදනු ලැබුවේ හුදු ප්ලාස්ටික් ආවරණය පමණකි.

දින 11ක් ගත වත් දී, බෙහෙත් සාත්තුව ලද මීයන්ගේ තුවාල සියයට අනූනවයකින් ම සුව වූ අතර, ආලේපය නොගැල් වූ මීයන්ගේ තුවාල සුව වී තිබුණේ සියයට 78ක් වැනි ප්‍රමාණයකි. දින 28ක් ගත වන විට දී, ඇලෙනසුළු ආලේපය තැවරූ මීයන්ගේ තුවාල සම්පූර්ණයෙන් ම සුව වී තිබුණු අතර කැලලක් දැකිය නොහැකි විය. එහෙත්, අනෙක් මීයන්ගේ සම මත දම්පැහැ පුළුල් කැලල් දක්නට ලැබිණි. (රූපය බලන්න)

Journal reference: BiomaterialsDOI: 10.1016/j.biomaterials.2017.04.041

තාරා ආනන්දවංශ

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *