SciTech Publishing Corporation (Pvt) Ltd.
Astronomy

කෙප්ලර් අලුත් ග්‍රහලෝක 219ක් සොයා ගනී – දහයක්ම පෘථිවිය වගේ

නාසා කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය උපයෝගී කොට ගනිමින් හිරුමඬලෙන් එපිට ග්‍රහලෝක 219ක් සොයා ගැනීමට තාරකාවිද්‍යාඥයන් සමත්ව සිටිති. ලැබුණු දත්ත අනුව, පෘථිවිය ප්‍රමාණයේ ග්‍රහලෝක සහ ඊට මදක් විශාල ප්‍රමාණයේ ‘කුඩා-නෙප්චූන්‘ ග්‍රහලෝක ලෙස ඒවා දෙවගකට බෙදීමට ද හැකි වී ඇත.

කෙප්ලර්, ග්‍රහලෝක අනාවරණය කර ගන්නේ ඒවායේ තරු නිරීක්ෂණය කිරීමෙන් ය. තරුව වටා කැරකෙන ග්‍රහලොව එය ඉදිරියෙන් ගමන් කරත් දී, තරුවෙන් එන අලෝකයේ සුළු අඩුවීමක් දැකිය හැකි ය. එක දිගට ම එය නිරීක්ෂණය කරත් දී තරුව වටා කැරකෙන ග්‍රහලොකය ඉදිරියෙන් යන සෑම අවස්ථාවක දී ම ආලෝකයේ එම අඩුවීම දැකගත හැකි ය.

සුසාන් තොම්සන්

මෙම අලුතෙන් සොයගත් ග්‍රහලෝකත් සමග කෙප්ලර් දුරේක්ෂයෙන් සොයාගත් මුළු පිටසක්වළ ග්‍රහලෝක ප්‍රමාණය 4,034 දක්වා ඉහළ යයි. ඒ අතරින් අලුතෙන් එකතු වූ පොළොව හා සමාන ග්‍රහලෝක 10 ද සමගින් මෙතෙක් සොයාගෙන ඇති ජීව-කලාපයේ පිහිටි පෘථිවිය හා සමාන ග්‍රහලෝක ප්‍රමාණය 50කි.

මේ පිළිබඳව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින්, කැලිෆෝනියාවේ සෙටී ආයතනයේ කෙප්ලර් දුරේක්ෂය හා සම්බන්ධ විද්‍යාඥවරියක වන සුසාන් තොම්සන් පැවසූයේ, ‘පිටසක්වළ ග්‍රහලෝක පිළිබඳව මෙවැනි නාමාවලියක් සැකසීම මගින් තාරකාවිද්‍යාවේ මතභේදයට තුඩු දී ඇති අපේ මන්දාකිණිය තුළ පෘථිවිය වගේ ග්‍රහලෝක කොපමණ තිබෙනවා ද? වැනි ප්‍රශ්නවලට කෙලින්ම පිළිතුරු ලැබෙන‘ බවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *