SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

තෙත් බිම් ගොඩ කර ගෙවල් තනන්නෝ – තමනුත් වැනසී රට වනසන්නෝ

“මේ වගේ වටිනා තෙත් බිමක් ගොඩකර ගොඩනැගිළි තනනා මෝඩයන් කවුද?” නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයා අපගෙන් අසයි. මහාචාර්ය කෙවින් නාගරික සංවර්ධනය පිලිබඳ විශේෂඥයෙකි.

එදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එලියට පිවිසෙන විදේශිකයෙක් කොළඹට පැමිණෙන්නේ වාහන තදබදය අධික වූ, පිළිවෙලකට නැති කඩ සාප්පු නිවාස දෙපැත්තේ තෙරපුණු මාර්ගයක ය. එහෙත් අද, අඩුම තරමින් කැළණි පාළම අසළට පැමිණෙන තුරු අප පසු කරන්නේ මනරම් තෙත් බිමකි. එහෙත් කෙවින්ට පෙනෙන්නේ එම අලංකාර තෙත් බිම නොව එහි සුන්දරත්වය වනසමින් තැන තැන ගොඩනැගෙන කුඩා මෙන්ම මාධ්‍ය පරිමාණ ගොඩනැගිලි සහ ගොඩකිරිම්ය. ඒ කෙවින්ගේ විදු නෙත හුරු වී ඇති ආකාරයයි.

කෙවින් අපට ඇමරිකාවෙන් කතා පුවතක් ගෙන හැර පෑවේය.

“තෙත් බිම් කියන්නේ අධික වර්ෂාපතනය උරාගන්නා ස්පොන්ජියක් වැනි ප්‍රදේශයක්. තෙත් බිමකට ඉතා විශාල ජල ප්‍රමාණයක් කෙටි කාලීනව රඳවා ගන්න පුළුවන්. ඊටපස්සෙ එකතු වූ ජලය ක්‍රමයෙන් පරිසරයට මුදා හැරෙනවා. මේ නිසා ගං වතුර විපත් වගේම පාංශු ඛාදනයත් වැළකි යනවා”. ඔහු තෙත් බිම් පිළිබඳව සරළ ඇගයීමකින් කථාව ඇරඹී ය.

ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මොන්රෝ නගරයේ පිහිටි තෙත් බිමක් මෙම කථාවට පාදක වෙයි. අනූව දශකයේ මුල් භාගයේ දී, මෙම තෙත් බිමෙන් අක්කර භාගයක් පමණ ප්‍රදේශයක් එහි වූ ජලය ඉවත්කර ගොඩකිරීමට ගොඩනැගිලි සංවර්ධකයෙක් (building developer) පියවරගත්තේය. ඉන් පසු එහි නිවාස කිහිපයක් ඉදිවුණි. ගොඩ කෙරුණු තෙත් බිම වෙනුවට ඔවුන් ඒ අසළින් ඇළ මාර්ගයක් සාදන ලදී.

වසරක්වත් ගෙවීමට මත්තෙන් තද බල හානියක් ප්‍රදේශයේ සිදුවිය. සාමාන්‍යයෙන් වසරේ සති කිහිපයක් පුරා ඇතිවන අධික වර්ශපතනයත් සමග ගොඩ කළ ඉඩමේ ඇළ මාර්ගයට යාබද පෙදෙසින් විශාල කොටසක් ඛාදනය විය. මේ නිසා නිවාස කිහිපයක් කඩා වැටුණි. මීට අමතරව නගරයේ බෝක්කු දෙකක් සිරවී ජලය පිටාර ගැලීමෙන් පහළ ප්‍රදේශයේ පිහිටි නිවාස දෙකක් සම්පුර්ණයෙන්ම යට විය.

“චන්දිම, බොහෝ දෙනෙක් සිතනවා තෙත් බිමක් ගොඩ කළායින් පස්සෙ ඒ වෙනුවට ජලය එකතු වෙලා බැහැග යන්න ඇළ මාර්ගයක් තැනුවම ගැටළුව ඉවරයි කියා. ඒත් ඔවුන් අමතක කරන වැදගත් කාරණයක් තිබෙනවා. තෙත් බිමෙහි පවතින ස්පොන්ජීය ආචරණය (sponge effect) ඇළ මාර්ගයෙන් ලැබෙන්නේ නැහැ. ඇළකට යම් කාලයක් ජලය රදවා ගෙන සිටීමේ හැකියාවක් නැහැ. එය සිදු කරන්නේ ජලය පැමිණෙන වේගයෙන්ම තවත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමයි. එහි ප්‍රතිඵලය ජල ගැලීම් සහ පාංශු ඛාදනයයි. බෑවුම් සහිත ප්‍රදේශයක් පහළින් ඇති විට තත්වය නාය යෑම් දක්වා වර්ධනය විය හැකියි” කෙවින් කියාගෙන යයි.

ලංකාවේ මේ තත්වය පවතින ප්‍රදේශ කෙතරම් ඇත්දැයි අපට සිතෙයි. අත්තිඩිය, බෙල්ලන්විල, ජා ඇළ ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙලෙස තෙත් බිම් ගොඩකර නිවාස සංකීර්ණ සදා ඒ අසළින් ජලය බැස යෑමට ඇළ මාර්ග සකසනු අප දැක ඇත. අක්කර භාගයක් ගොඩ කිරීමේ ප්‍රතිඵල එලෙස නම් ලංකාවේ තෙත් බිම් ගොඩ කිරීමේ ශිග්‍රතාවය අනුව සිදු විය හැකි දෙය ඔබට සිතා ගත හැක. ඇත්තෙන්ම අපි එය පසුගියදා සියැසින්ම දුටුවෙමු.

“මේ පිළිබඳව බලධාරීන් තේරුම් නොගැනීම අවාසනාවක්. අඩුම තරමින් මෙම ක්‍රියාවලිය ගැන දැනුමක් ඇති වෘත්තිකයන් වත් ඉදිරියට පැමිණිය යුතුයි. මේ දෙපිරිසම සිටින්නේ ඇස් කන් වහගෙන. ව්‍යසනයක් සිදු වුණාම විතරක් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ඔවුන් වරද කාගේ හෝ පිට පටවනවා” කෙවින් තම කථාව නිම කළේය.

තෙත් බිම් ගොඩ කිරීමෙන් ඇතිවන පරිසර හානි තවත් බොහෝ ඇත. මෙයින් අවාසනාවන්තම ප්‍රතිඵලය කඩොලාන පරිසරය විනාශ වී යෑම ය. කඩොලාන පරිසරය හා බද්ධ වූ තවත් ජීව පද්ධති රාශියක් පවතී. තෙත් බිම් ගොඩ කිරීමත් සමගම මෙම පද්ධති සියල්ලම අඩපන වේ. මේ පිළිබඳව වෙනත් ලිපියකින් දීර්ඝ වශයෙන් සාකච්චා කළ යුතු ය.

වගුරු බිම් පුරවා තැනු ගොඩනැගිළි තුළ වාසය කරන්නන්ට ඇතිවන තවත් ව්‍යසනයක් නම් ඔවුන් වගුරු වායුව ආඝ්‍රණය කිරීමේ ඉඩ කඩ තිබීමයි. මීතේන් සහ කාබන්ඩයොක්සයිඩ් ඇතුළු මිනිස් සිරුරට අහිතකර වායුන් කිහිපයකින්ම සංයුක්ත වගුරු වායුව පිර වූ තෙත් බිම් ආශ්‍රිතව ඉහළ සාන්ද්‍රණයකින් පවතිනු බොහෝ විට නිරීක්ෂණය කර ඇත. මෙම වායුව ආඝ්‍රණය කිරීමෙන් ක්ෂණික මරණය, පෙනහළු පිළිකා, ශ්වසන පද්ධතියේ ආබාධ ඇතුළු කෙටි සහ දීර්ඝ කාලින රෝග රාශියක් සෑදෙන බව වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන ඇත. මේ නිසා තෙත් බිම් ගොඩ කර නිවාස තැනීමෙන් වැළකීම හැම අතින්ම යෝග්‍ය බව කිව යුතුය. ඔබ දැනටත් වගුරු බිමක් පුරවා සෑදූ නිවසක දිවි ගෙවයි නම් අදාළ ආයතනයක් මගින් පරිසරයේ ඇති වගුරු වායු සාන්ද්‍රණය මැන වාර්තාවක් ලබා ගැනීම ඉක්මනින් කළයුතු බව අපගේ හැඟීමයි.

ජල ගැලීම් සහ නාය යෑම් අවාසනාවන්ත සිදුවීම්ය. එහෙත් එම ව්‍යසනයන්ට ඔබ හෝ ඔබගේ අසල්වැසියා ඍජුවම හෝ වක්‍ර ආකාරයෙන් වග කිවයුතු බව ඔබට දැන් වැටහෙනවා ඇත. ස්වභාවධර්මය අකාරුණික නැත. එහි සෑම ආන්තික සිදුවීමකටම තත්වය පාලනය කිරීමෙහි ලා ක්‍රමවේදයක් ස්වභාව ධර්මය විසින්ම හඳුන්වා දී ඇත. අධික වර්ෂාපතනය ලැබෙද්දී එහි ආන්තික ප්‍රතිඵල සමනය කිරීමට ලබා දී ඇති එක් ප්‍රධාන ක්‍රමවේදයක් නම් තෙත් බිමයි. තෙත් බිම් ගොඩ කිරීමෙන් ඔබ දායක වන්නේ එම ස්වභාවික ක්‍රමවේදය නසා දැමීමටයි.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *