SciTech Publishing Corporation (Pvt) Ltd.
පිපිරෙන බෝල

පිපිරෙන බෝල – 4

මේ ‘පිපිරෙන බෝල‘ යන්ත්‍රෙයන් අපේ සංඛ්‍යා පද්ධතිය ලස්සනට පෙන්නුම් කරන නිසා, සංඛ්‍යා එක්ක කරන විවිධ දේ යන්ත්‍රයෙන් අපූරුවට තේරුම් ගන්න පුළුවන්. දැනටමත් අප එකතුකිරීමයි ගුණකිරීමයි ගවේෂණය කළ නිසා දැන් ඒ ගණිත කර්මවලට පාසලේ දී ඉගෙන ගත් රීතිය  ක්‍රියාකරන හැටි හොඳට අවබෝධ වන්නට ඇති.

මතක ඇතිනේ ජේම්ස් අඩු කිරීමට කලින් වැඩි කිරීම කරපු හැටි. ඇයි දන්නවද ඒ?

ජේම්ස් කියනව, අඩු කිරීම කියන්නේ වෙනස්ම ගණිත කර්මයක් නෙමෙයි, එක්තරා විදියක එකතු කිරීමක්මයි කියල!

කොහොමද එහෙම වෙන්නේ?

අඩු කරනවා කියන්නේ, එකතු කරනවා කියන එකේ විරුද්ධ දෙයනෙ.

ඒ නිසා  අඩු කිරීම,  එකතු කිරීමේ ම විරුද්ධ ක්‍රියාවක්  විදියට හිතා ගන්න එක ලෙහෙසියිලු.  ඉලක්කමක් අඩු කරනවා කියන එක ප්‍රතිවිරුද්ධ ඉලක්කමක් එකතු කරනවා කියල ගන්න පුළුවන්!

උදාහරණයක්  කිව්වොත්, 5න් 2ක් අඩු කරනවා කියන්නේ 5ට දෙකේ ප්‍රතිවිරුද්ධ ඉලක්කම එකතු කරනවා කියන  කියන එකයි!

එතකොට දෙකේ විරුද්ධ ඉලක්කම?

-2 !

හරියට හරි!

ඒ කියන්නේ 5 අඩු කිරීම 2 කියන්නෙත් 5 එකතු කිරීම (-2) කියන්නෙත් එකමයි. සංකේතවලින්ම  ලියනවනම්, 5 – 2 කියන එකයි 5 + (-2) කියන එකයි දෙකම එකයි.

මේ අදහස වෙලාව අරගෙන හොඳට හිතල බලන්න. මේක කොහොමද අපේ පිපිරෙන බෝල යන්ත්‍රයත් එක්ක ගලපගන්නේ කියල වීඩියෝවෙන් බලමු.

Ph.D. Visiting Student Adviser- University of Colombo, Chief Mathematics Coordinator- Lyceum International School The Global Math Project Simon Fraser University, BC, Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *