SciTech Publishing Corporation (Pvt) Ltd.

Author: චන්දිම ගෝමස්

Environment

ගං වතුර බැස යන විට

"ගං වතුර බහු-සංසිද්ධීන්වලට (multiple flood events) ලංකාවේ තියෙන සුදානම කුමක්ද?" මහාචාර්ය බිස්වජිත් ප්‍රධාන් මගෙන් විමසන්නේ, වැල්ලවත්තේ මුහුදු වෙරළට සමාන්තරව ඇවිදගෙන යන අතරතුර දී ය. ඒ පසුගිය වසරේ දී ය. ඉකුත් වසරේ දී ලංකාවේ පැවති ස්වභාවික විපත් අවම කරගැනීමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට ඔහු සහ මා ලංකාවට පැමිණියේ…
විදු වැකිය

මුළු ලොවම මායාවක්ද?

"ඔබ මා දකින්නේ කොතනද?" සුප්‍රකට ඉන්දීය යෝගිවරයෙක් වන සද්ගුරු තම ප්‍රේක්ෂකයන්ගෙන් අසයි. සියලු දෙනාම සද්ගුරු සිටින දෙසට සිය අතැඟිලි දිගු කරයි. "ඔබ සියලු දෙනාම වැරදියි" සද්ගුරු සිනාසෙමින් පවසයි. "අප දන්නා සරළ භෞතික විද්‍යාවට අනුව මගේ සිරුරෙන් පරාවර්තනය වන ආලෝකය ඔබගේ අක්‍ෂි කාචයෙන් වර්තනය වී දෘෂ්ටිවිතානයේ…
විදු වැකිය

දොස්තරලාගෙන් තොර ලෝකයක්

මේ වන විට ලංකාවේ පාලන බලය මෙහෙය වන්නේ දේශපාලකයා ද, වෛද්‍යවරයා ද යන්න හදුනාගත නොහැකි තරමට වෛද්‍ය වෘතිකයා ප්‍රභල වී ඇත. ඒ ඔවුන්ගේ සේවය නොමැති කල රෝගීන් දැඩි අපහසුතාවයකට පත්වන බැවිනි. සමහර විට දින කිහිපයක් නොකඩවා වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරීමේ ප්‍රතිඵලය, විශාල මරණ සංඛ්‍යාවක් විය…
විදු වැකිය

ඊ ළඟ ජාතික ව්‍යසනයට පෙර…

වසර 2012 ඔක්තෝම්බර් මස 24 වන දින ලංකාවේ සියලු පුවත්පත්වල මෙන්ම රජයේ වෙබ් අඩවිවල ද වාර්තා වුයේ කණගාටුදායක සිදුවීමකි. ඊට පෙර දින සීගිරියට වැදුණු අකුණු පහරකින් සිංහ පාදය අසල විශාල කොටසක් ගැලවී ගොස් ඇති බව එම වාර්තාවයි. එම හානිය සිදුවන අවස්ථාවේ අකුණු සහිත වැහිබර කාලගුණයක්…
විදු වැකිය

කම්කරුවාට තාක්‍ෂණය අකැපද?

තවත් එක් ලෝක කම්කරු දිනයක් අවසන් විය. වෙනදා මෙන්ම මෙවර ද එම දිනය දේශපාලන පොර පිටියේ දිග පළල මැනීමේ අඩි කෝදුවකට ලඝු වී ගෙවී ගියේ ය. ලංකාවේ මැයි දින සමරුව බිහිවෙන්නත් පෙර සිටම මුට්ට කර ගැසූ කම්කරුවා, අදටත් එය එලෙසම කරයි. ඔහුගේ හෙට දිනය ද…
විදු වැකිය

රටක් යට කළ කුණු කන්දක්

අපි දිගටම ලිව්වෙමු. පසුගිය දශක දෙක පුරාවට විද්වත්හු කිහිප දෙනෙකු ම පත්තර පිටු පුරා කුණු ගැටලුව පිළිබඳව ලිවූ හ. ඝන අපද්‍රව්‍ය එකතුවීම, එය ධන සම්පතක් කරගත හැකි ආකාරය, එය ජාතික ව්‍යසනයක් විය හැකි ආකාරය, විසඳුම් සහ මග පෙන්වීම් ආදී සියලු කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් ලිපි…
විදු වැකිය

පැයට කිලෝමීටර 828,000ක වේගයෙන් යන අපි

අපි හැල්මේ ගමන් කරමු. ජාති, ආගම්, කුල, ගෝත්‍ර බේදවලින් තොරව අපි සියලු දෙනාම පැයට කිලෝ මීටර 828,000 වේගයෙන් ගමන් කරමු. ඒ සක්වළ ස්කන්ධ කේන්ද්‍රය, කේන්ද්‍ර කරගත් පථයක් හරහා ය. සුර්යයා ප්‍රමුඛ මුළු සෞරග්‍රහ මණ්ඩලයම මෙම ගමනේ යෙදෙයි. මේ පරිභ්‍රමණය එක් වටයක් සම්පුර්ණ කරන විට අපි…
විදු වැකිය

කැවුම් බැද්ද තෙලෙන් රවුම් ගහන කාලේ අත ළඟයි!

මේ, අවුරුදු සමයට කැවුම් සැදීමට සුදානම් වන කාලයයි. එදා ගමේ ගොඩේ සෑම නිවසකම ලිප මත හෙබවුණු තෙල් තාච්චිය අද සල්ලිකාර ගම්බද නිවෙස්වලට පමණක් සීමා වූ සුඛෝපභෝගී ආම්පන්නයක් වී ඇත්තේ තෙල් දැන් ගිනිගණන් නිසා ය. අප දශක ගණනාවක් තිස්සේ බැදුම් බැදීමට පාවිච්චි කොට ඉවත දැමු තෙල්…
විදු වැකිය

බස් පෙරළියේ තාක්ෂණික පෙරළිය!

මීට වසර තුනකට පමණ පෙර අපට කසඛස්ථානයේ අස්තානා නගරයේ පිහිටි කෘෂි-තාක්‍ෂණික සරසවියේ පශ්චාත් උපාධිධාරීන් සඳහා පාඨමාලා දෙකක් පැවැත්වීමට ආරාධනා ලැබුණි. එම සරසවියට පිවිසි අපට හැගී ගියේ එහි සිසු සිසුවියන්ගේ පමණක් නොව ආචාර්ය මණ්ඩලයේ පවා ඉංග්‍රීසි භාෂා දැනුම ඉතා අල්ප බව ය. පාඨමාලා දෙකම සවිස්තරාත්මකව ඉගැන්විය…
විදු වැකිය

ගල් අඟුරු අළු: හිසරදයක් කරගත් ධන උල්පතක්!

ඔබට දියුණු වීමට අවශ්‍ය නම් මී කුණකින් වුව ද ඔබේ ගමන ඇරඹිය හැකි බව බෞද්ධ පොත පතේ සඳහන් වේ. මේ කතාව අපට සිහිගැන්වෙන්නේ පසුගිය සතියේ ලංකාවේ පැවැත් වූ අකුණු ආරක්‍ෂණ පුහුණු වැඩ මුළුවක දී ඇති වූ සංවාදයක දී ය. මෙම වැඩමුළුවට සහභාගී වූ තරුණ ඉංජිනේරුවරියන්…