SciTech Publishing Corporation (Pvt) Ltd.

විදු වැකිය

ලංකාවේ මේ සඳහා කළ හැක්කේ කුමක්ද?

රැකියා විරහිත උපාධිධාරීන්ට අපූරු විසඳුමක්!

කොටුව දුම්රියපළ ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුම අසල නිතර නෙත ගැටෙන දසුනක් නම් උද්ඝෝෂණයි. ඕනෑම උද්ඝෝෂණයක් පිළිබිඹු කරන්නේ රටෙහි පවතින අසාර්ථකභාවයකි. එයිනුත් මෙතෙක් පැවති සහ පවතින ක්‍රමයේ වඩාත්ම අනුවේදනීය කතා පුවත පවසන්නේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ ලංකාවේ ඇසෙන්නේ අද ඊයෙක සිට නොවේ.…

අපේ විද්‍යා උගතුන්ගෙන් ජනතාවට වැඩක් තියේ ද?

"කැළණි ගඟ පිටාර ගලනකොට අපි සබ්බ සකලමනාවම අරගෙන පාළම උඩට එනවා වතුර බහින කොට ආයෙත් පහළට යනවා.... යන්තම් වැස්සොත් ගේ ඇතුලේ අඩි දෙක තුනක් උඩට වතුර ගලනවා එදාට අපි කොයි කෙරුවාව කරන්නෙත් හිටගෙන ...." මේ බස් කණ්ඩය ඔබ හොඳින් අසා ඇතිවාට සැක නැත. 70-80 දශකවල…

දෙවියන් බුදුන් ගේ දෙසුම වැරැදි ද?

  "අපේ රට දියුණු වෙන්න නම් මිනිස්සු ඔය මිත්‍යා මතවලින් ඈත්වෙලා විද්‍යානුකූලව හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපේ අය තාම හිතන්නේ දහ අටවැනි ශතවර්ෂයේ ඉඳන් නම් ඒ ගොල්ලන්ට කවදාවත්ම විසිවැනි ශතවර්ෂයේ ජිවත් වෙන්න බැහැ". මේ, වසර 40කට පමණ පෙර අපගේ ඥාති වන උපාධිධාරී විද්‍යා ගුරුවරයෙක් පවුලේ…

අපි කවදා හරි මග යමු ද?

මීට සති කිහිපයකට පෙර අපි ඉන්දියානු මිතුරෙකු ද සමග බැංගලෝරයේ කාර්ය බහුල මාවතක ඇවිදගෙන යමින් සිටියෙමු. කෙටි දුර පරතරයකින් පිහිටි උක් පැණි සහ පළතුරු යුෂ විකුණන කරත්ත කඩද, මාර්ග අලුත්වැඩියා කටයුතුවලින් පසු ඉවත් කර නො ගත් පස් සහ කොන්ක්‍රීට් සුන්බුන් ගොඩවල් ද හේතුවෙන් අපට නිතරම…

කොළඹ කළඹන කිඹුල්ලු!

සති කිහිපයකට පෙර අපගේ මිත්‍ර ආචාර්ය මහේෂ් එදිරිසිංහ තම වතපොතෙහි පළ කර තිබූ ඡායාරූපයක් වෙත බොහෝ දෙනෙකුගේ නෙත් ඇදී ගියේ ය. ඒ විශාල කිඹුලකුගේ සමීප දසුනකි.  ඔහු පවසා තිබුණේ එදින උදාසන දියවන්නා ඔය අසබඩ ඇවිදින මං තීරුවේ ශාරීරික අභ්‍යාසවල යෙදෙන විට මේ අමුත්තා දුටු බවයි.…

අතීතය දකින රේඩාරය හොරුන්ගේ අතට යයි ද?

වර්ණවත් සරමක් සහ කමිසයක් හැඳගත් කඩවසම් තරුණයෙක් රුපවාහිනී කැමරාව ඉදිරියේ ගල්තලාවක් මත හිඳගෙන සිටියි. ඔහු ඈත කදු වළල්ලක් පෙන්වමින් ගැඹුරු හඬින් කතා කරයි. "රාවණාගේ දේහය මිහිදන් කර ඇත්තේ අතන. අර කඳු පවුරෙන් වසා ගෙන ඇත්තේ රාවණාගේ මාලිගාවයි. පුලස්ති සෘෂි වරයාගේ බෙහෙත් වට්ටෝරු නිදන් කොට ඇත්තේ…

බදුල්ලට ජලය දෙන්න ඛනාට් වාරි උමගක්!

ගසක් කොළක් පෙනෙන තෙක් මානයේ නැති, සැතපුම් සිය ගණනකින් මෙපිට ගංගාවක් හෝ මිරිදිය ජලාශයක් නොමැති ඉරානයේ ඇතැම් නගරවල පුදුමය දනවන කරුණක් දැකිය හැකි ය. එනම් එම නගරවලට අවශ්‍ය තරමට පිරිසිඳු ජලය ලැබෙන බව ය. මීට වසර තුන්දහසකට පමණ පෙර සිට මැද පෙරදිග කාන්තරබද ජනාවාසවලට පිරිසිඳු…

සපත්තු අඩියෙන් ගෙට එන මාරයා

මීට වසර විසි දෙකකට පෙර අප ප්‍රථම වරට ස්වීඩනයට පා තැබුවෙමු. එහි විසීමට අපට නිවස ලබා දුන් ජාත්‍යන්තර විද්‍යා වැඩසටහනේ (ISP) නියෝජිත ලාර්සන් මහතා අප ගෙට පිවිසෙන්නට පෙර ස්ථාවර හඬින් විධානයක් කෙරුවේ ය. ඒ නිවසට ඇතුළු වන විට අනිවාර්යයෙන්ම පාවහන් ගැලවිය යුතු බව ය. ඊට…

ක්‍රිකට් දිනන්න අමාරුද? යන්න භෞතික විද්‍යාඥයෙක් ලඟට

අද උදේ ස්කයිප් තාක්‍ෂණය හරහා දුරු රටක සිටින අප හිතවතෙක් සම්බන්ධ විය. "ඔබ හැම සතියකම රිවිර පත්තරය ඔස්සේ ලංකාවට උපදෙස් දෙනවා නේද? ඔන්න දැන් අපේ ක්‍රිකට් ඉවරයි. බැරිද ක්‍රිකට් ගොඩගන්න පොඩි උපදේශයක් දෙන්න" ඒ ඉල්ලීමකට වඩා සමච්චලයකි. "පුළුවන්. SLC එකට කියන්න භෞතික විද්‍යාඥයෙක්ගේ සහය ලබා…

තෙත් බිම් ගොඩ කර ගෙවල් තනන්නෝ – තමනුත් වැනසී රට වනසන්නෝ

"මේ වගේ වටිනා තෙත් බිමක් ගොඩකර ගොඩනැගිළි තනනා මෝඩයන් කවුද?" නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයා අපගෙන් අසයි. මහාචාර්ය කෙවින් නාගරික සංවර්ධනය පිලිබඳ විශේෂඥයෙකි. එදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එලියට පිවිසෙන විදේශිකයෙක් කොළඹට පැමිණෙන්නේ වාහන තදබදය අධික වූ, පිළිවෙලකට නැති කඩ සාප්පු නිවාස දෙපැත්තේ තෙරපුණු මාර්ගයක ය. එහෙත්…