SciTech Publishing Corporation (Pvt) Ltd.

විදු වැකිය

බදුල්ලට ජලය දෙන්න ඛනාට් වාරි උමගක්!

ගසක් කොළක් පෙනෙන තෙක් මානයේ නැති, සැතපුම් සිය ගණනකින් මෙපිට ගංගාවක් හෝ මිරිදිය ජලාශයක් නොමැති ඉරානයේ ඇතැම් නගරවල පුදුමය දනවන කරුණක් දැකිය හැකි ය. එනම් එම නගරවලට අවශ්‍ය තරමට පිරිසිඳු ජලය ලැබෙන බව ය. මීට වසර තුන්දහසකට පමණ පෙර සිට මැද පෙරදිග කාන්තරබද ජනාවාසවලට පිරිසිඳු…

සපත්තු අඩියෙන් ගෙට එන මාරයා

මීට වසර විසි දෙකකට පෙර අප ප්‍රථම වරට ස්වීඩනයට පා තැබුවෙමු. එහි විසීමට අපට නිවස ලබා දුන් ජාත්‍යන්තර විද්‍යා වැඩසටහනේ (ISP) නියෝජිත ලාර්සන් මහතා අප ගෙට පිවිසෙන්නට පෙර ස්ථාවර හඬින් විධානයක් කෙරුවේ ය. ඒ නිවසට ඇතුළු වන විට අනිවාර්යයෙන්ම පාවහන් ගැලවිය යුතු බව ය. ඊට…

ක්‍රිකට් දිනන්න අමාරුද? යන්න භෞතික විද්‍යාඥයෙක් ලඟට

අද උදේ ස්කයිප් තාක්‍ෂණය හරහා දුරු රටක සිටින අප හිතවතෙක් සම්බන්ධ විය. "ඔබ හැම සතියකම රිවිර පත්තරය ඔස්සේ ලංකාවට උපදෙස් දෙනවා නේද? ඔන්න දැන් අපේ ක්‍රිකට් ඉවරයි. බැරිද ක්‍රිකට් ගොඩගන්න පොඩි උපදේශයක් දෙන්න" ඒ ඉල්ලීමකට වඩා සමච්චලයකි. "පුළුවන්. SLC එකට කියන්න භෞතික විද්‍යාඥයෙක්ගේ සහය ලබා…

තෙත් බිම් ගොඩ කර ගෙවල් තනන්නෝ – තමනුත් වැනසී රට වනසන්නෝ

"මේ වගේ වටිනා තෙත් බිමක් ගොඩකර ගොඩනැගිළි තනනා මෝඩයන් කවුද?" නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයා අපගෙන් අසයි. මහාචාර්ය කෙවින් නාගරික සංවර්ධනය පිලිබඳ විශේෂඥයෙකි. එදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එලියට පිවිසෙන විදේශිකයෙක් කොළඹට පැමිණෙන්නේ වාහන තදබදය අධික වූ, පිළිවෙලකට නැති කඩ සාප්පු නිවාස දෙපැත්තේ තෙරපුණු මාර්ගයක ය. එහෙත්…

මොංගල් වෙන්නේ කොහොම ද?

"ඔයාට මොංගල්ද?" අද ලාංකික සමාජයේ මෙය යමෙකුගෙන් අසන ප්‍රශ්නයකට වඩා යමෙකුට කරන අපහාසාත්මක ප්‍රකාශයකි. එය බොහෝ විට යෙදෙන්නේ අනුවණ හෝ තැනට නුසුදුසු ක්‍රියාවන්හි යෙදෙන්නන්ට ය. මීට කලකට ඉහත දී මේ යෙදුම භාවිත වුයේ යම් රෝගී තත්වයක් හැඳින්වීම සඳහා ය. අදත් එය එලෙසින්ම සමහරුන් අතර භාවිත…

බොරු නොවන කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් රේඩාරය

ඒ දෙවන ලෝක යුධ සමයයි. ඇමරිකානු ගුවන් හමුදාවේ යුධ රේඩාර් බලඝණයේ සේවය කළ ඩේවිඩ් ඇට්ලස් යම් සංසිද්ධියක් නිරීක්ෂණය කරමින් තිබුණි. වැහි වළාකුලක්, හිම පතනයක් හෝ අයිස් කැට පතනයක් සිදුවීමට ආසන්න වන විට රේඩාර් තරංගවල යම් වෙනස්කමක් සිදුවන බව ඔහු කලක සිට අත්දැක තිබුණි. මේ පිළිබඳව…

සංවර්ධනය වෙනුවෙන් දිවි දෙන අපේ මුහුදු වෙරළ

වරාය නගර ව්‍යාපෘතිය ඉදි කිරීමේ දී එමගින් ජලජ ජීවින්ට හා ජලජ පැළෑටිවලට කිසියම් බලපෑමක් එල්ලවන්නේ ද යන්න සොයා බැලීම සඳහා නාරා ආයතනයට මිලියන 63ක මුදලක් පර්යේෂණ දීමනාවක් ලෙස ලබා දී ඇති බව පසු ගිය දිනෙක වාර්තා විය. මීට වසර කිහිපයකට ඉහත කළ යුතුව තිබූ මෙම…

ගං වතුරේ නිවුන් සොහොයුරිය – නියඟය

යාපනය දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් පවුල් 33,000 කට අයත් පුද්ගලයින් 121,000 ක් දෙනාට පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටින බව යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා ප්‍රකාශ කරයි". පුවත්පතක් කියෙව්වත්, රූපවාහිනිය නැරඹුවත් නිරන්තරයෙන් ජල ගැලීම් ගැනම…

ගංවතුර විපතින් ගැලවීමට නම් කළ යුත්තේ..?

ගං වතුර ලංකාවට අලුත් දෙයක් නොවේ. හරියටම මීට වසරකට පෙර ද දරුණු ජල ගැලීමක් රට තුළ සිදු විය. එවන් වාතාවරණයක් පවතින රටක් දිගු කාලීන විපත් අවම කරගැනීමේ වැඩ පිළිවෙලකට යා යුතුව ඇත. පමා වී හෝ දැන් එය කළ යුතුව තිබේ. "ස්වභාවික විපත් (natural disaster)" කියා…

මුළු ලොවම මායාවක්ද?

"ඔබ මා දකින්නේ කොතනද?" සුප්‍රකට ඉන්දීය යෝගිවරයෙක් වන සද්ගුරු තම ප්‍රේක්ෂකයන්ගෙන් අසයි. සියලු දෙනාම සද්ගුරු සිටින දෙසට සිය අතැඟිලි දිගු කරයි. "ඔබ සියලු දෙනාම වැරදියි" සද්ගුරු සිනාසෙමින් පවසයි. "අප දන්නා සරළ භෞතික විද්‍යාවට අනුව මගේ සිරුරෙන් පරාවර්තනය වන ආලෝකය ඔබගේ අක්‍ෂි කාචයෙන් වර්තනය වී දෘෂ්ටිවිතානයේ…