SciTech Publishing Corporation (Pvt) Ltd.

විදු වැකිය

දොස්තරලාගෙන් තොර ලෝකයක්

මේ වන විට ලංකාවේ පාලන බලය මෙහෙය වන්නේ දේශපාලකයා ද, වෛද්‍යවරයා ද යන්න හදුනාගත නොහැකි තරමට වෛද්‍ය වෘතිකයා ප්‍රභල වී ඇත. ඒ ඔවුන්ගේ සේවය නොමැති කල රෝගීන් දැඩි අපහසුතාවයකට පත්වන බැවිනි. සමහර විට දින කිහිපයක් නොකඩවා වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරීමේ ප්‍රතිඵලය, විශාල මරණ සංඛ්‍යාවක් විය…

ඊ ළඟ ජාතික ව්‍යසනයට පෙර…

වසර 2012 ඔක්තෝම්බර් මස 24 වන දින ලංකාවේ සියලු පුවත්පත්වල මෙන්ම රජයේ වෙබ් අඩවිවල ද වාර්තා වුයේ කණගාටුදායක සිදුවීමකි. ඊට පෙර දින සීගිරියට වැදුණු අකුණු පහරකින් සිංහ පාදය අසල විශාල කොටසක් ගැලවී ගොස් ඇති බව එම වාර්තාවයි. එම හානිය සිදුවන අවස්ථාවේ අකුණු සහිත වැහිබර කාලගුණයක්…

කම්කරුවාට තාක්‍ෂණය අකැපද?

තවත් එක් ලෝක කම්කරු දිනයක් අවසන් විය. වෙනදා මෙන්ම මෙවර ද එම දිනය දේශපාලන පොර පිටියේ දිග පළල මැනීමේ අඩි කෝදුවකට ලඝු වී ගෙවී ගියේ ය. ලංකාවේ මැයි දින සමරුව බිහිවෙන්නත් පෙර සිටම මුට්ට කර ගැසූ කම්කරුවා, අදටත් එය එලෙසම කරයි. ඔහුගේ හෙට දිනය ද…

රටක් යට කළ කුණු කන්දක්

අපි දිගටම ලිව්වෙමු. පසුගිය දශක දෙක පුරාවට විද්වත්හු කිහිප දෙනෙකු ම පත්තර පිටු පුරා කුණු ගැටලුව පිළිබඳව ලිවූ හ. ඝන අපද්‍රව්‍ය එකතුවීම, එය ධන සම්පතක් කරගත හැකි ආකාරය, එය ජාතික ව්‍යසනයක් විය හැකි ආකාරය, විසඳුම් සහ මග පෙන්වීම් ආදී සියලු කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් ලිපි…

පැයට කිලෝමීටර 828,000ක වේගයෙන් යන අපි

අපි හැල්මේ ගමන් කරමු. ජාති, ආගම්, කුල, ගෝත්‍ර බේදවලින් තොරව අපි සියලු දෙනාම පැයට කිලෝ මීටර 828,000 වේගයෙන් ගමන් කරමු. ඒ සක්වළ ස්කන්ධ කේන්ද්‍රය, කේන්ද්‍ර කරගත් පථයක් හරහා ය. සුර්යයා ප්‍රමුඛ මුළු සෞරග්‍රහ මණ්ඩලයම මෙම ගමනේ යෙදෙයි. මේ පරිභ්‍රමණය එක් වටයක් සම්පුර්ණ කරන විට අපි…

කැවුම් බැද්ද තෙලෙන් රවුම් ගහන කාලේ අත ළඟයි!

මේ, අවුරුදු සමයට කැවුම් සැදීමට සුදානම් වන කාලයයි. එදා ගමේ ගොඩේ සෑම නිවසකම ලිප මත හෙබවුණු තෙල් තාච්චිය අද සල්ලිකාර ගම්බද නිවෙස්වලට පමණක් සීමා වූ සුඛෝපභෝගී ආම්පන්නයක් වී ඇත්තේ තෙල් දැන් ගිනිගණන් නිසා ය. අප දශක ගණනාවක් තිස්සේ බැදුම් බැදීමට පාවිච්චි කොට ඉවත දැමු තෙල්…

බස් පෙරළියේ තාක්ෂණික පෙරළිය!

මීට වසර තුනකට පමණ පෙර අපට කසඛස්ථානයේ අස්තානා නගරයේ පිහිටි කෘෂි-තාක්‍ෂණික සරසවියේ පශ්චාත් උපාධිධාරීන් සඳහා පාඨමාලා දෙකක් පැවැත්වීමට ආරාධනා ලැබුණි. එම සරසවියට පිවිසි අපට හැගී ගියේ එහි සිසු සිසුවියන්ගේ පමණක් නොව ආචාර්ය මණ්ඩලයේ පවා ඉංග්‍රීසි භාෂා දැනුම ඉතා අල්ප බව ය. පාඨමාලා දෙකම සවිස්තරාත්මකව ඉගැන්විය…

ගල් අඟුරු අළු: හිසරදයක් කරගත් ධන උල්පතක්!

ඔබට දියුණු වීමට අවශ්‍ය නම් මී කුණකින් වුව ද ඔබේ ගමන ඇරඹිය හැකි බව බෞද්ධ පොත පතේ සඳහන් වේ. මේ කතාව අපට සිහිගැන්වෙන්නේ පසුගිය සතියේ ලංකාවේ පැවැත් වූ අකුණු ආරක්‍ෂණ පුහුණු වැඩ මුළුවක දී ඇති වූ සංවාදයක දී ය. මෙම වැඩමුළුවට සහභාගී වූ තරුණ ඉංජිනේරුවරියන්…

පත්තර පිටුවෙන් ඔබ්බට නොයන අපේ කෘෂිකාර්මික සොයා ගැනීම්

මීට වසර කිහිපයකට පෙර පැපොල් කොළවල ඇති ඖෂධීය ගුණය පිළිබඳව ශ්‍රී ලාංකිකයෙකු සොයාගත් බව දැක්වෙන ලිපියක් පත්තර පිටුවක් පුරා පළ විය. ඉන් පසු ගෙවුණු මාස කිහිපයේ දී මේ ලාංකික සොයාගැනීම පිළිබඳව බොහෝ උදම් ඇනුම් වතපොතේ සංසරණය විය. ගිය වසරේ මැද භාගයේ දිනෙක අප උදැසන ආහාරය…
ඡායාරූපය- තාරක ගමගේ

අත ළඟ එන බක් මහ අකුණු

ඔබ මේ ලිපිය කියවන විටත් හෙණ කුණාටු ලංකාව පුරා, විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත්වල ඇරඹි තිබෙනු ඇත. වසරකට දෙවරක් ලංකාවේ අකුණු භරිත කාලගුණ තත්වයක් ඇති වේ. ඒ අන්තර් මෝසම් සමය වන මාර්තු-අප්‍රේල් සහ ඔක්තෝබර්-නොවැම්බර් කාල පරිච්ඡේදවල ය. වසර 2008 යනු ශ්‍රී ලංකාව දරුණු යුද්ධයකට…