SciTech Publishing Corporation (Pvt) Ltd.

විදු වැකිය

වතපොතේ තටු ලබන (අ)විද්‍යාව

මහාචාර්ය රාජ් සෝමදේව යනු මෙරට බිහිවූ අද්විතීය පුරා විද්‍යාඥයෙකි. මෙම ක්‍ෂේත්‍රයේ ස්වභාවය අනුවම එතුමාට එක් ගවේෂණ කටයුත්තක් සඳහා වසර කිහිපයක්වත් ගතවන බව මම අනුමාන කරමි. සමහර විට දීර්ඝ කාලීන කැනීම් කටයුත්තකින් පසු පුරා විද්‍යාඥයා සොයා ගන්නේ සාමාන්‍ය ජනතාවට වැදගත්කමක් නොපෙනෙන හෝ ගෝචර නොවන අංගයක් ද…

බලශක්ති අර්බුදයට විසදුම න්‍යෂ්ටික බලාගාර ද?

අපට ආචාර්ය යමාදා හමුවුයේ මෑතක දී ජපානයේ කළ සංචාරයක දී ය. ඔහු එරට සිටින පරමාණුක බලශක්ති තාක්‍ෂණවේදියෙකි. ඇති වූ කෙටි පිළිසඳරේ දී, ලංකාවේ පරමාණුක බලාගාරයක් සැදීම ගැන ඔහුගේ අදහස අපි විමසුවෙමු. මද සිනහවකින් මුව සරසා ගත් යමාදා මහතා, ලංකාව වැනි රටක් එවැනි ව්‍යාපෘතියක් ගැන සිතීම…
ඡායාරූපය - තාරක ගමගේ

අලි-මිනිස් ගැටුමට කෙළවරක්

වන අලි ප්‍රහාරවලින් මියයන පුද්ගලයින් වෙනුවෙන් එම ඥාතීන්ට ලබාදෙන වන්දි මුදල ඉහළ නැංවීමට පියවර ගන්නා බව තිරසාර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේදා ජයසේන මහත්මිය පසුගියදා පැවසුවාය. එය පැසසිය යුතු පියවරක් වුවත්, ලංකාවේ නිධන්ගත ගැටලුවක් වන මිනිස්-අලි ගැටුමට යථාර්තවාදී විසඳුමක් එමගින් නොලැබෙන බව නම් පැහැදිලිය.…

ආර්ථික සුළි කුණාටුවට තාක්‍ෂණික බැම්මක්

ඩුබායි ගුවන් තොටුපල අසළ අතහැර දමාගිය දුහුවිලි තට්ටු බැඳුනු අධි සුඛෝපභෝගී මෝටර් රථ රාශියකි. නගරය පුරා අර්ධ ලෙස අවසාන කර අතහැර දැමු යෝධ ගොඩනැගිළි, ඇටසැකිලි මෙන් අහස දෙස බලාගෙන සිටිති. මේ මැද පෙරදිග ආර්ථිකය බිඳ වැටීමේ සංකේතයන්ය. පෙර කල සශ්‍රීක රාජ්‍යයන් වූ අබුඩාබි, සෞදි වැනි…

නියඟය පරයා නැගී සිටින්නට….

නියගය අපට නුහුරු නොවේ. වසර කිහිපයකට වරක් ලංකාවට මාස කිහිපයක් පවතින දැඩි වියළි කාලගුණයක් ඇතිවෙයි. විශාල ජල සැපයුමක් මත යැපෙන ලංකාවේ බොහෝ ආර්ථික භෝග මෙම වියළි කාලගුණය හේතුවෙන් විනාශයට පත්වෙයි. බොහෝ ප්‍රදේශවල ජනතාව පානිය ජල හිඟය නිසා දැඩි ලෙස පීඩාවට පත්වෙයි. විදුලිය කැපෙයි. නියගය පිළිබඳව…

සංවර්ධනය උදෙසා කුහකත්වයෙන් ඔබ්බට

ස්වීඩනයේ සිටින අපගේ මිතුරෙක් වරක් අපූරු සිදුවීමක් ගැන පැවසීය. ඔහු වසර හතක් ඇතුළත සාර්ථක ශල්‍යකර්ම දෙකකට භාජනය වී ඇත. එහි විශේෂත්වය නම් ඔහුගේ දෙවන ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරයා, පළමු ශල්‍යකර්මයේ දී වෛද්‍යවරුන්ගේ අත් උදව්වට සිටි උපස්ථායකයා වීමයි. ලොව බොහෝ දියුණු රටවල මේ තත්වය සාමාන්‍ය දෙයකි.…
ඡායාරූපය- තාරක ගමගේ

ලොකු කම් ඉවතලමු වනාන්තර රැකගනිමු

මුළු සිංහරාජයේම නැති තරම් ගස් ප්‍රමාණයක් ඕනෑම දිනක මොරටුමුල්ලේ ඇතැයි ඒ ප්‍රදේශයේ කතාවක් තිබේ. එය අතිශයෝක්තියක් වුවත් එහි අන්තර්ගතයේ යම් ගත යුත්තක් ඇත. මොරටුමුල්ලේ ඇත්තේ සිංහරාජයේ මෙන් සිංහ සෙයියාවෙන් හිස ඔසවා ගත් වෘක්‍ෂ රාජයන් නොවේ. පළු බවට පත්වී අසරණව වැතිර සිටිනා දැව කඳන්ය. හරිත වනාන්තර…

සතුන් නොමරා මස් කමු

මාංශ භක්ෂණය අඩු කිරීමට කාලය එළඹ ඇත. ඒ මක් නිසාවත් නොව වැඩිවන ලෝක ජනගහණයට ආහාර සැපයීමේදී සත්ව මාංශ ආහාර මතු කරන බරපතල පැනයක් නිසාය. සරළ උදාහරණයක් ගතහොත් ගව මස් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා ආසන්න වශයෙන් ජලය ලීටර 16,000, හරිත ආහාර කිලෝ 7 ක්, ඉඩම් වර්ග…

මාර්ග දඩ පොලීසියෙන් තාක්ෂණයට

  මාර්ග නීති උල්ලංඝණය සඳහා වැඩි කෙරුණු දඩය පොලිස් නිලධාරීන්ට රජ මගුලක් වේද? මේ වර්තමානයේ දැඩි කතා බහකට ලක්වන මාතෘකාවකි. ලංකාවේ සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව සහ එම අනතුරුවල ස්වභාවය අධ්‍යනය කරන කිසිවෙක් මෙම දඩ මුදල් ඉහළ දැමීමට විරුද්ධ නොවනවා ඇත. එහෙත් ඕනෑම නව හඳුන්වාදීමක් සිදු…

ඩෙංගු වෛරසය අඩපණ කරමු

මිනිසා හැරුණු විට මිනිසාට මාරයා කැඳවන භයානකම සත්ත්වයා මදුරුවා ය. පසුගිය වර්ෂවල අප දුටු රටාව අනුව ඉදිරි සති කිහිපයේ නැවත පැමිණෙන්නේ මදුරු මාරයාගේ හෝරාවයි. මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලංකාවේ දිස්ත්‍රික් දහයක් මාරාන්තික ඩෙංගු රෝග අවධානම සහිත ප්‍රදේශ ලෙස නම් කර ඇත. ඒ කොළඹ,…