SciTech Publishing Corporation (Pvt) Ltd.

විදු වැකිය

වී ගොවිතැන නවත්වමුද?

මන්ප්‍රීති සිං පංජාබයේ වී ගොවියෙකි. වසර දහස් ගණනක සිට වී ගොවිතැනට අවශ්‍ය ජලය මන්ප්‍රීති සිංලාට වැසි දෙවියෝ ඕනෑවටත් වඩා ලබා දුන්නේය. එහෙත් දැනට දශක දෙකක පමණ සිට සියල්ල වෙනස් වෙමින් පවතී. පංජාබයට දැන් වැස්ස ලැබෙනවාට වඩා නොලැබෙන වාර ගණන වැඩිය. එදා මෙන් හිතේ හැටියට කුඹුරු…

අපි යන්නේ කොයි පාරේ?

Chronic kidney disease (CKD) ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වෙන වකුගඩු නරක් වීමේ රෝගය පිළිබඳව පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකාවේ දැඩි ලෙස කතා බහ සිදු කෙරුණි. දෙව් බඹුන් පවා මැදිහත් වූ මේ විසංවාදය තව දුරටත් පවතින නමුත් රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට නම් අස්වැසිල්ලක් ලැබී ඇති බවක්…

ඊළඟ නාය යෑමට පෙර…

අරණායක එකම සෝ ගඟක් වී මාස කිහිපයකට වඩා නැත. උඩරට දුම්රිය මාර්ගය ඇත්තේ දැඩි නායයෑමේ අවදානමක් පවතින ප්‍රදේශ හරහා බව අප කිහිප වතාවක්ම පවසා ඇත. දැන් අපි නැවතත් ගතකරන්නේ ලංකාවේ පසුගිය දශක කිහිපය ඇතුළත වැඩිම නායයෑම් ප්‍රමාණයක් වාර්තා වූ තෙමස ය. එනම් නොවැම්බර්, දෙසැම්බර් සහ…

විද්වතුන්ගේ ඉදිරි දැක්ම බලවතුන්ගේ අවධානයට!

ලංකාවේ සතියකට එක වරක්වත් බොහෝ රූපවාහිණි නාලිකාවල අනාගත වාක්‍ය පවසන්නෙක් දක්නට ලැබේ. ලොව සියළුම සංවර්ධිත රටවල් අද එම ස්ථානයේ සිටින්නේ මීට කලකට පෙර ඔවුන් අනාගතය දුටු බැවිනි. ඒ හක් ගෙඩි, පහන් තිර මත රටේ අනාගතය සැලසුම් කිරීමෙන් නොව මනා විශ්ලේෂණයකින් පසු විද්‍යාවේ සහ තාක්ෂණයේ ඉදිරි…

ගං වතුරට බිය නැත්තෝ

අප දන්නා කාලයක සිට කැළණි ගං මිටියාවතේ වෙසෙන පදිංචි කරුවෝ ගංවතුරට බියෙන් වසර කිහිපයකට වරක් පලායති. ගඟේ ජල මට්ටම ඉහළ යද්දී, පෙර කලදී නම් ගුවන්විදුලියෙන් ද මෑත දශකවල දී නම් රූපවාහිණියෙන් ද ජනතාවට තම නිවාසවලින් ඉවත් වී උස් බිම් කරා යන ලෙස රජය අවවාද කරයි.…

මිනිස් ජාන සංස්කරණය

ඔබ මෙය කියවන විටත් ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නුවර කැරෝලින්ස්කා ආයතනයේ ජීව විද්‍යාගාරයක මිනිස් කළලයක DNA අනු නොයෙකුත් සංස්කරණයන්ට භාජනය වෙමින් පවතී. පරීක්ෂණ මෙහෙයවන මහාචාර්ය ෆ්‍රෙඩ්රික් ලැනර් පවසන්නේ ඔවුන් අවතීර්ණ වෙමින් සිටින්නේ මිනිස් වංශ කතාවේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට බවයි. ජාන සංස්කරණය කරන ලද බෝග වර්ග පරිභෝජනයේ ඇති…

කසළ, ශක්තියට හරවමු

කාන්තන්කුඩියේ සිට කොළඹ බ්ලූමැන්ඩල් වීදිය දක්වා අප රටේ සෑම දිශාවකින්ම ඇසෙන පොදු අදෝනාවක් නම් කසළ කළමනාකරණයේ ඇති ව්‍යාකූලතාවයයි. මෑතකදී බදුල්ල ප්‍රදේශයේ කුණු කන්දකට ගිනි ඇවිලීමෙන් මහත් පාරිසරික ගැටලුවක් ඉස්මතු විය. ලංකාවට හිසරදයක් වන නාගරික ඝන අපද්‍රව්‍ය, ලොව බොහෝ රටවලට ධනය උපයන ව්‍යාපාරික ආයෝජනයකි. මේ පිළිබඳව…

ගොවි දෑතට ඩ්‍රෝන තාක්ෂණය

මීට දස වසකට පෙර, "ඩ්‍රෝන්" හෙවත් මිනිසුන් රහිත ගුවන් යානා ගැන අසන්නට ලැබුණේ හොලිවුඩ් තිරයේ සහ ඇමරිකානු පහර දීම් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල දී පමණි. එහෙත් අද වන විට එය කුඩා දරුවන්ගේ කෙළි බඩුවක් තත්වයට පත්ව ඇත. ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන පර්යේෂණවල දී ප්‍රතිඵල සමාජගත…