SciTech Publishing Corporation (Pvt) Ltd.

Astronomy

කෙප්ලර් අලුත් ග්‍රහලෝක 219ක් සොයා ගනී – දහයක්ම පෘථිවිය වගේ

නාසා කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය උපයෝගී කොට ගනිමින් හිරුමඬලෙන් එපිට ග්‍රහලෝක 219ක් සොයා ගැනීමට තාරකාවිද්‍යාඥයන් සමත්ව සිටිති. ලැබුණු දත්ත අනුව, පෘථිවිය ප්‍රමාණයේ ග්‍රහලෝක සහ ඊට මදක් විශාල ප්‍රමාණයේ ‘කුඩා-නෙප්චූන්‘ ග්‍රහලෝක ලෙස ඒවා දෙවගකට බෙදීමට ද හැකි වී ඇත. කෙප්ලර්, ග්‍රහලෝක අනාවරණය කර ගන්නේ ඒවායේ තරු නිරීක්ෂණය…

කඩිමුඩියේ ලෝකෙන් චුත වෙන්නැයි ස්ටීවන් හෝකින් අනතුරු අඟවයි!

සුනාමි අත්දැකීම් නොතිබූ අපට සුනාමිය එන්නට පෙර ඒ ගැන කිසිවෙකු හෝ පැවසුවේ නම්, කවුරුන් එය විස්වාස කරාවි ද? අපේ එදිනෙදා ජීවිත රටාවෙන් ඔබ්බේ වූ අනාගත සිදුවීම් ගැන, සාමාන්‍ය මිනිසුන් කල්පනා කරන විදිය එසේ ය. ඔවුහු අත්දැකීමෙන්, පළපුරුද්දෙන්, අහන දකින දෙයින් යමක් තේරුම් ගන්නවා විනා, විශ්ලේෂණයෙන්…

ජීවය නැංවෙන ලොවෙන් එහා සාගර ලෝක

හිරුමඩලලේ ග්‍රහලෝක ගැන සොයාබලන නාසා මෙහෙයුම් දෙකකින්, සෙනසුරු සහ බ්‍රහස්පතිගේ ‘සාගර ලෝක‘ දෙකක් ගැන අලුත්ම තොරතුරු හෙළි කරනවා. ඒ අතරින් කැසිනි මෙහෙයුමේ විද්‍යාඥයන් පවසන්නේ, සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන එන්සිලඩස් මත ජීවී පෝෂණයට තුඩු දෙන රසායනික ශක්ති ප්‍රභවයක් පෙනෙන්නට ඇති බවයි. හබ්ල් දුරේක්ෂයට සම්බන්ධ විද්‍යාඥයන් පවසන්නේ, බ්‍රහස්පතිගේ…

විශ්වයේ ජීවය සොයන්න රතු වාමනයන්ගෙන් අලුත් දොරටුවක්!

ඇමරිකාවේ නාසා ආයතනයහි ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු හා කණ්ඩායම් අධීක්ෂකයෙකු වශයෙන් සේවය කරන ආචාර්ය සරත් ගුණපාල, පසුගිය දා සිය මව්බිමට පැමිණියේ ඔහුවෙත පිරිනැමුණු ශ්‍රී ලංකා රංජන සම්මානය ලබා ගැනීම සඳහා ය. මෙහි පළවන්නේ එහි දී ඔහු හා කළ කෙටි පිළිසඳරකි.     හදිසියේ…

ළඟම තරුවක් වටා පෘථිවිය තරමේ ග්‍රහලෝක හතක් !

පිටසක්වළ ග්‍රහලෝක පිළිබඳ උනන්දු වන විද්‍යාඥයන් සැම විටම සොයා බලන්නේ පොළොව මෙන් ග්‍රහලෝක ඇත් දැයි කියා ය. පෘථිවිය වාගේ ග්‍රහලොවක් යන්නෙන් අදහස් වන්නේ එය, ඉතා උණුසුම් නොවන, ඉතා ශිත ද නොවන ජලය පැවැතිය හැකි පාෂාණමය ග්‍රහයෙකු වීමයි. එය තරුවට වඩාත් කිට්ටු නම් ජලය පැවැතිය නොහැකි…

ජීවය සොයා යුරෝපා මතට…

පෘථිවියෙන් ඔබ්බේ ජීවයක් පිළිබඳව මිනිසාට ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. ඈත එපිට විශ්වය තුළ ජීවය කෙසේ වෙතත් අප හිරුමඬල තුළවත් ජීවයක් සොයා ගත හැකි නම්...? එහිලා අඟහරු ලොව කෙරේ තබා තිබූ බලාපොරොත්තු සුළුපටු නොවේ. අතීතයේ පටන් මෑතක් වන තුරුම අඟහරු මත ජීවීන් පිළිබඳ බලාපොරොත්තු ලියලා වැඩෙමින් තිබුණි.…

ග්‍රහක වළල්ලට අපෙන් හතක්

අඟහරු හා බ්‍රහස්පති අතර ග්‍රහක වළල්ලේ අලුත් ග්‍රහක හතක් සොයා ගැනීමට ශ්‍රී ලංකික සිසු පිරිසක් සමත්ව සිටිති. ඔවුන්මෙම සමත්කම දක්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ උපදේශක මණ්ඩලය විසින් අන්තර්ජාතික තාරකාවිද්‍යා ගවේෂණ එකමුතුව (IASC) සහ ඇමෙරිකාවේ හාඩින්-සිමන්ස් විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කැරුණු ග්‍රහක හා භූ සමීප වස්තු සෙවීමේ…