SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

අපි කවදා හරි මග යමු ද?

මීට සති කිහිපයකට පෙර අපි ඉන්දියානු මිතුරෙකු ද සමග බැංගලෝරයේ කාර්ය බහුල මාවතක ඇවිදගෙන යමින් සිටියෙමු. කෙටි දුර පරතරයකින් පිහිටි උක් පැණි සහ පළතුරු යුෂ විකුණන කරත්ත කඩද, මාර්ග අලුත්වැඩියා කටයුතුවලින් පසු ඉවත් කර නො ගත් පස් සහ කොන්ක්‍රීට් සුන්බුන් ගොඩවල් ද හේතුවෙන් අපට නිතරම…
විදු වැකිය

කොළඹ කළඹන කිඹුල්ලු!

සති කිහිපයකට පෙර අපගේ මිත්‍ර ආචාර්ය මහේෂ් එදිරිසිංහ තම වතපොතෙහි පළ කර තිබූ ඡායාරූපයක් වෙත බොහෝ දෙනෙකුගේ නෙත් ඇදී ගියේ ය. ඒ විශාල කිඹුලකුගේ සමීප දසුනකි.  ඔහු පවසා තිබුණේ එදින උදාසන දියවන්නා ඔය අසබඩ ඇවිදින මං තීරුවේ ශාරීරික අභ්‍යාසවල යෙදෙන විට මේ අමුත්තා දුටු බවයි.…
Books

අයින්ස්ටයින් – ජීවිතය සහ සිද්ධාන්ත

විද්‍යාඥයකුගේ ජීවන වෘත්තාන්තයක් කෘතියක් හැටියට එළිදැකීම, යම් වැදගත්කමකින් යුක්ත වෙයි. යම් හෙයකින් එම කෘතිය විද්‍යාඥයාගේ විද්‍යා ජීවිතය ද සම සේ හාරාවුස්සන්නට පෙලඹේ නම්, එහි වැදගත්කම ඉහළ යයි. මෙකී විද්‍යා ජීවිතය දැකිය හැකි වන්නට නම්, කෘතිය රචනා කරන කවර කෙනකු හෝ එම ක්ෂෙත‍්‍රයෙහි ලා ප‍්‍රාගුණ්‍යයක් වඩා…
පිපිරෙන බෝල

පිපිරෙන බෝල – 4

මේ ‘පිපිරෙන බෝල‘ යන්ත්‍රෙයන් අපේ සංඛ්‍යා පද්ධතිය ලස්සනට පෙන්නුම් කරන නිසා, සංඛ්‍යා එක්ක කරන විවිධ දේ යන්ත්‍රයෙන් අපූරුවට තේරුම් ගන්න පුළුවන්. දැනටමත් අප එකතුකිරීමයි ගුණකිරීමයි ගවේෂණය කළ නිසා දැන් ඒ ගණිත කර්මවලට පාසලේ දී ඉගෙන ගත් රීතිය  ක්‍රියාකරන හැටි හොඳට අවබෝධ වන්නට ඇති. මතක ඇතිනේ…
Technology

යට උණුහුමෙන් උඩට විදුලිය

සිය බලශක්ති අවශ්‍යතා පෘථිවි තාපය උපයෝගී කරගනිමින් සපුරාගැනීමට බොහෝ රටවල් දැන් දැන් යොමුවෙමින් තියෙනවා. මෙකී බලශක්තිය ඉන්දුනීසියාවේ ගැඹුරු තාප ලිංවල මෙන් ම ඔබ ගෙවත්තේ ද තිබිය හැකි යැයි කීවොත් ඔබ පුදුම වනු ඇති! අඩුවීගෙන යන ඛනිජ තෙල් සදහා භූතාප ශක්තිය කදිම ආදේශකයක්! එමඟින් ඛනිජ තෙල්…
Technology

කවුරු කොහෙන් කතා කරනවා දැයි සොයාදෙන Truecaller

නොදන්නා දුරකථන අංකයකින් කිසිවකු ඔබට අනවශ්‍ය ඇමතුම් ලබාදෙන අවස්ථා එමට තියෙන්න ඇති. එය කරදරයක්, බිය දනවන දෙයක් වන්නටත් පුළුවන්. මේ කරදරකාරයන් හඳුනාගන්න, නවත්වන්න වගේම ඔබගේ අංකයට නිසි වලංගුභාවයක් ලබා දෙන්නටත් දැන් ඇප් එකකින් පුළුවන්. ඒ තමයි Truecaller. එය ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මාදිලි දෙවගම සඳහා…
විදු වැකිය

අතීතය දකින රේඩාරය හොරුන්ගේ අතට යයි ද?

වර්ණවත් සරමක් සහ කමිසයක් හැඳගත් කඩවසම් තරුණයෙක් රුපවාහිනී කැමරාව ඉදිරියේ ගල්තලාවක් මත හිඳගෙන සිටියි. ඔහු ඈත කදු වළල්ලක් පෙන්වමින් ගැඹුරු හඬින් කතා කරයි. "රාවණාගේ දේහය මිහිදන් කර ඇත්තේ අතන. අර කඳු පවුරෙන් වසා ගෙන ඇත්තේ රාවණාගේ මාලිගාවයි. පුලස්ති සෘෂි වරයාගේ බෙහෙත් වට්ටෝරු නිදන් කොට ඇත්තේ…
Technology

අපි රොබෝවරු වෙමු ද නැනෝ යන්ත්‍රයට නතු!

ලෝකයේ සියල්ලන් ම පාහේ දැන් නිනිති තාක්‍ෂණය හෙවත් නැනෝතාක්‍ෂණය (Nanotechnology) ගැන කතා කරන්නට පටන් අරන්. නැනෝතාක්‍ෂණය කියන්නෙ මොකක්ද කියලා නොදැන වුණත් අප ඒ ගැන කතා කරනවා. ඒ වගේම අප නොදැන ම වුවත් නැනෝතාක්‍ෂණය පාවිච්චි කරන අවස්ථා ද නැතුවා නොවෙයි. සාමාන්‍යෙයන් අප දිග මනින්නේ මීටරවලින්. සෙන්ටිමීටර,…
පිපිරෙන බෝල

පිපිරෙන බෝල -3

දහය-එක පුපුරන බෝල යන්ත්‍රයත් එක්ක සංඛ්‍යා එකතු කරන හැටි ගවේෂණය කරපු ජේම්ස්ට ඊ ළඟට ගවේෂණය කරන්න හිතුණේ මොකක්ද දන්නවද? අඩු කිරීම? නෑ !! වැඩි කිරීම! ඒ මොකද කියල ජේම්ස් පස්සේ කියයි. ජේම්ස්ට මතකයි ඉස්කෝලේ සංඛ්‍යා දෙකක් වැඩි කිරීම කියල හැඳින්නුවේ නැවත නැවත එකතු කිරීම. ඒ…
විදු වැකිය

බදුල්ලට ජලය දෙන්න ඛනාට් වාරි උමගක්!

ගසක් කොළක් පෙනෙන තෙක් මානයේ නැති, සැතපුම් සිය ගණනකින් මෙපිට ගංගාවක් හෝ මිරිදිය ජලාශයක් නොමැති ඉරානයේ ඇතැම් නගරවල පුදුමය දනවන කරුණක් දැකිය හැකි ය. එනම් එම නගරවලට අවශ්‍ය තරමට පිරිසිඳු ජලය ලැබෙන බව ය. මීට වසර තුන්දහසකට පමණ පෙර සිට මැද පෙරදිග කාන්තරබද ජනාවාසවලට පිරිසිඳු…