පරිණාමය පසුපසට ගිය අවස්ථා ගැන සාක්ෂි රැසක්!
ජීව පරිණාමය පිළිබඳව විද්‍යාඥයන් අධ්‍යයනය කරන්නේ දැනට ජීවත්වන ජීවී විශේෂ හා පොසිල පිළිබඳව සොයා බැලීමෙනි. මෙමගින්, එක් එක් ජීවී විශේෂවල පරිණාමය ඇරඹුණේ කේසේ ද?, එදා මෙදාතුර කාලයේ කවර වෙනස්කම් සිදු වී තිබේ ද?, ඒ ඒ ජීවී විශේෂ අතර පරිණාමික සබඳතා මොනවා ද? ආදිය සොයා බැලේ. එවැනි සොයා ගැනීම් අතරතුර පරිණාමය පිළිබඳව පෙර පැවතී මතවාද වෙනස් කරන්නාවූ සොයා ගැනීම් ද විය හැකිය. මේ ලිපියෙන් කියැවෙන්නේ එවැන්නකි.
ස්වාභාවික පරිනාමික මගෙහි ඉදිරියට ගමන් කරමින් සිට නැවත පරිනාමයේ මුල් අවධිවල ලක්ෂණ පෙන්වමින් පරිණාමික මගෙහි ආපස්සට නොහොත් ප්‍රතිගාමී පරිණාමයක් සිදුවූ අවස්ථා කිහිපයකි මේ.
පෙනුමෙන් ආඳකුගේ හැඩය ඇති කරදිය සතෙකු වන hagfish, ප්‍රසිද්ධව ඇත්තේ අක්ෂි රහිත අන්ධ සත්ත්වයෙක් ලෙස ය. ස්පර්ශය හා ගන්ධ සංවේදනයෙන් ඌ මුහුදු පත්ලේ තම මාර්ගය සොයා ගනී. පරිණාමයෙන් අපෘෂ්ඨ වන්ශීන්ට වඩා උසස් ජීවීන් ලෙස සැලකෙන මෙම සත්ත්වයින් අක්ෂි හා දෘෂ්ටිය රහිත වීම මෙතෙක් කලක් සැලකුණේ, අපෘෂ්ඨ වංශීන්ට ලෝකය දැනගැනීම සඳහා ආධාර වූ ප්‍රාථමිකම උපාංග වන අක්ෂි ලප සහ පෘෂ්ඨවන්ශීන්ගේ වඩාත් සංකීර්ණ දෘෂ්ටි මෙවලම් වන සංයුක්ත ඇස් යන ලක්ෂණ දෙකෙහි අතරමැදි අවස්තාවක් ලෙස ය. එහෙත් මෑතක දී සිදු කළ පොසිල අධ්‍යයනයකින් අනාවරණය වුයේ, එම ජීවීන්ගේ මූලික ම අවධිවල දී දෘෂ්ටිය සඳහා අවැසි වර්ණක හා සැකසුම් තිබූ බව ය. එහෙයින් මෙම ජීවීන් තවදුරටත් අක්ෂි රහිත ඛණ්ඩයක් ලෙස සැලකිය නොහැකි වන අතර පෙර අවධිවල දෘෂ්ටිය තිබී නැවතත් ඔවුනට දෘෂ්ටිය අහිමි වීම පරිණාමිකව ආපසු යෑමක් ලෙස හැඳින්විය හැකි ය. පරිණාමිකව ඉදිරියට යෑමේදී දෘෂ්ටිය වැනි වාසිදායක ලක්ෂණයක් අහිමි වුයේ කෙසේද? යන ගැටලුව ඔබට දැන් මතුවනු ඇත.
පරිණාමය වෙන්නෙත් ලාබ-පාඩු බලලා

සර්පයින්ට සිය පාද අහිමි විය
පරිණාමය සෑම විටම වාසිදායක ලක්ෂණ පමණක් ඉදිරියට ගෙන යන්නේද යන්න පිළිබඳව පැවසීම මෙවැනි අවස්තාවක තරමක් අපහසු ය. එය ඇතැම් විටෙක, පිරිවැය අඩු ලාබය වැඩි අවස්ථාවකට වඩාත් වැඩි ඉඩකඩක් ලබා දෙන බව පැවසීම වඩා උචිත ය. හැග්ෆිෂ් මෙන්ම වෙනත් ගුහා ආශ්‍රිතව ජීවත්වන සත්ත්වයින්ගේ ද දෘෂ්ඨිය අහිමි වීමට හේතුව මෙවැන්නක් විය හැකි ය. ඔවුන්ගේ සම්පුර්ණ ශක්ති පරිභෝජනයෙන් 5% සිට 17% දක්වා ප්‍රමාණයක් දෘෂ්ඨි සංයෝජනයට වැය වේ. එය එම සත්වයිනට අනවශ්‍ය වියදමක් සේ සලකා පරිණාමය විසින් ඔවුන්ගේ දෘෂ්ටිය නැවත අහිමි කොට තිබීම හෝ වෙනත් විකෘතියක් නිසා හෝ මෙම සිදුවීම් දෙකම නිසා විය හැකිබව මෙහිලා උපකල්පනය කළ හැකි ය.
මෙවැනි පසුගාමී පරිණාම අවස්ථාවලට තවත් උදාහරණ ඇත. පෙන්ගුයින් පවුලේ

කුරුල්ලන්ට දත් අහිමි විය
ආදී මුතුන් මිත්තන් පියාසර කළ හැකියවුන්ව සිටි අතර පසුකාලීනව උන් ජීවත්වන ජලය ආශ්‍රිත පරිසරවලට වඩාත් උචිත වන පරිදි පියාසර කිරීමේ හැකියාව නැති වී ජලයේ පිහිනා යෑමට හැකි විශාල මාංශ පේශි, ඝනකම් අස්ථි හා කුඩා එහෙත් තද පියාපත් ඇතිවීම එක් උදාහරණයකි. එමෙන්ම සර්පයින්ට පාද අහිමිවීම, ශාක සෛලවල යුෂ උරාබොන කුඩිත්තන් ගේ ආහාරයේ ඇති සරළ බව නිසා විශේෂිත වූ පරිවහන ක්‍රමයක අවශ්‍යතාව නැති වී අනෙක් කෘමි සතුන්ගේ හමුවන විශේෂිත බහිස්රාවී අවයවයක් වන මැල්පිගීය නාලිකා නොමැති වී යෑම හා කුරුල්ලන්ට සිය දත් අහිමිවීම යන සිදුවීම් ද පරිණාමය පසුපසට ගමන් කළ අවස්ථා ලෙස දැක්විය හැකි ය.
තාරා ආනන්දවංශ