SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Month: November 2016

විදු වැකිය

විද්වතුන්ගේ ඉදිරි දැක්ම බලවතුන්ගේ අවධානයට!

ලංකාවේ සතියකට එක වරක්වත් බොහෝ රූපවාහිණි නාලිකාවල අනාගත වාක්‍ය පවසන්නෙක් දක්නට ලැබේ. ලොව සියළුම සංවර්ධිත රටවල් අද එම ස්ථානයේ සිටින්නේ මීට කලකට පෙර ඔවුන් අනාගතය දුටු බැවිනි. ඒ හක් ගෙඩි, පහන් තිර මත රටේ අනාගතය සැලසුම් කිරීමෙන් නොව මනා විශ්ලේෂණයකින් පසු විද්‍යාවේ සහ තාක්ෂණයේ ඉදිරි…
විදු වැකිය

ගං වතුරට බිය නැත්තෝ

අප දන්නා කාලයක සිට කැළණි ගං මිටියාවතේ වෙසෙන පදිංචි කරුවෝ ගංවතුරට බියෙන් වසර කිහිපයකට වරක් පලායති. ගඟේ ජල මට්ටම ඉහළ යද්දී, පෙර කලදී නම් ගුවන්විදුලියෙන් ද මෑත දශකවල දී නම් රූපවාහිණියෙන් ද ජනතාවට තම නිවාසවලින් ඉවත් වී උස් බිම් කරා යන ලෙස රජය අවවාද කරයි.…
පැතලිලන්තය Flatland by Edwin A. Abbott

2. පැතලිලන්තයේ දේශගුණය සහ නිවාස

ඔබේ මෙන් ම අපේ මාලිමාවේ ද දිශා හතරකි. එනම්, උතුර - දකුණ - බටහිර සහ නැගෙනහිර යනුවෙනි. ඉර හඳ තරු අපේ ලෝකයේ නොමැති හෙයින්, ඔබේ ක‍්‍රමයට උතුර නිශ්චය කරගැනීම අපට කළ නො හැක්කකි. අපට අපේ ම ක‍්‍රමයක් ඇත. ස්වභාවධර්මයාගේ නීතියක් අප මත ක‍්‍රියාත්මක වීමෙන්, අපේ…
පැතලිලන්තය Flatland by Edwin A. Abbott

1. පැතලිලන්තයේ ගති සොබා

අපේ ලෝකයට මම පැතලිලන්තය කියමි. ඒ, අප මේ නමින් එය හැඳින්වූ නිසා හෙම නොව, අවකාශලෝකයේ ජීවත් වන්නට වරම් ලද මා හිතවත් පාඨක ඔබට එහි ගති සොබා ගැන පැහැදිලි අදහසක් ඇති කරගැනීම පහසු වනු පිණිස ය. ලොකු කඩදාසියක් හිතෙන් මවාගන්න. ඒ මත සරල රේඛා, ත‍්‍රිකෝණ, චතුරස‍්‍ර,…
Biology

වසර මිලියන ගණනකට පෙර ඇසුණු පුදුරු කටහඬක්

ආගන්තුක පෙදෙසක ගමන් කරමින් සිටින ඔබට සුපුරුදු කටහඬක් අසන්නට ලැබුණොත්? ඔබ දෙවරක් නො සිතා එදෙස හැරෙනු ඇත. ඒ කවුරුන් දැයි විමසනු ඇත. එහෙත් මේ නම් ඇසෙන්නේ එසේ මෙසේ කාලයකට පෙරාතුව කටහඬක් නොවේ. වසර මිලියන හැටහයකට පෙර තිබූ කටහඬකි. පසුගිය දා නේචර් ජර්නලයේ පළ වූ පර්යේෂණ…
විදු වැකිය

මිනිස් ජාන සංස්කරණය

ඔබ මෙය කියවන විටත් ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නුවර කැරෝලින්ස්කා ආයතනයේ ජීව විද්‍යාගාරයක මිනිස් කළලයක DNA අනු නොයෙකුත් සංස්කරණයන්ට භාජනය වෙමින් පවතී. පරීක්ෂණ මෙහෙයවන මහාචාර්ය ෆ්‍රෙඩ්රික් ලැනර් පවසන්නේ ඔවුන් අවතීර්ණ වෙමින් සිටින්නේ මිනිස් වංශ කතාවේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට බවයි. ජාන සංස්කරණය කරන ලද බෝග වර්ග පරිභෝජනයේ ඇති…
Mathematics

කඵ වලාවේ රිදී ඉර වෙමු – සරසවි ඇදුරන්ට ඇරයුමක්!

කළු වලාවක රිදී රේඛාවක් දැකීම අප සිත් තුළ සනිටුහන් කරන්නේ කුමක්ද? කළු වලාව අඳුර නම් රිදී රේඛාව එළිය ය. කළු වලාව දොම්නස නම් රිදී රේඛාව සොම්නස ය. කළු වලාව සුලබ නම් රිදී රේඛාව දුලබ ය. ගණිත විෂය අප රටේ බොහෝ දෙනාට කළු වලාවක් බව කීම…
Biotechnology

නැනෝ අංශු කටට – සුපිරි සේද පිටට

පට පණුවන්ට කාබන් නැනෝ කෙඳි කෑමට දී සවිශක්තියෙන් වැඩි සුපිරි සේද නිපදවා ගන්නට චීන පර්යේෂක පිරිසක් සමත්ව සිටිති. සේද කෙඳි නිපදවන්නේ පට පණුවන්ගේ ඛේට ග්‍රන්ථිවල ඇති දියරමය ස්වභාවයක් ගන්නා සිල්ක් ප්‍රෝටීනවලිනි. විශේෂයෙන් සැකසුන ග්‍රැෆීන් හෝ කාබන් නැනෝ නළ අඩංගු මිශ්‍රණයක් මල්බෙරි ශාක පත්‍රවලට විසිරුවා හැර,…
Biology

වනාන්තර සංරක්ෂණය හුදෙකලාව නො ගත යුතුයි!

“ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයකට“ සමුළුව හා ප්‍රදර්ශනය දෙස් විදෙස් සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය දා සාර්ථකව නිමාවට පත් විය.‍ දේශගුණික විපර්යාස හා ස්වභාවික සම්පත්වල තිරසාර භාවිතය, වනාන්තර පරිසර පද්ධති හා ඒවායේ සේවාවන් ඇගයීම, වෙරළාශ්‍රිත හා මුහුදු පරිසර පද්ධති, ප්‍රජා වන…