නැනෝ අංශු කටට – සුපිරි සේද පිටට
පට පණුවන්ට කාබන් නැනෝ කෙඳි කෑමට දී සවිශක්තියෙන් වැඩි සුපිරි සේද නිපදවා ගන්නට චීන පර්යේෂක පිරිසක් සමත්ව සිටිති. සේද කෙඳි නිපදවන්නේ පට පණුවන්ගේ ඛේට ග්‍රන්ථිවල ඇති දියරමය ස්වභාවයක් ගන්නා සිල්ක් ප්‍රෝටීනවලිනි.

නැනෝ අංශු මුසු කළ කොළ බුදින පට පණුවන්
විශේෂයෙන් සැකසුන ග්‍රැෆීන් හෝ කාබන් නැනෝ නළ අඩංගු මිශ්‍රණයක් මල්බෙරි ශාක පත්‍රවලට විසිරුවා හැර, එම ශාක පත්‍ර පණුවන්හට ආහාරයට ගැනීමට සලස්වා මෙම සවිශක්තියෙන් ඉහළ සේද කෙඳි ලබාගෙන ඇත. මේවා සාමාන්‍ය සේද කෙඳි මෙන් දෙගුණයක් ඝනකම් වන අතර ආතතියට ඔරොත්තු දීමේ හැකියාව ද සියයට පනහකින් පමණ වැඩි බව අනාවරණය වී තිබේ. එමෙන්ම මේවා විද්‍යුත් සන්නායක ගුණයෙන් ද යුක්ත ය.
මේ ආකාරයෙන් නිපදවෙන විශේෂිත සේද කෙඳි නුදුරු අනාගතයේදී ම සවිශක්තියෙන් ඉහළ කල් පවතින ආරක්‍ෂිත ඇඳුම් නිපදවීමට, ස්වභාවිකව දිරාපත්වන දේහය තුළ තැන්පත් කරන වෛද්‍ය උපාංග, පරිසර හිතකාමී දේහයේ පැළඳිය හැකි ඉලෙක්ට්‍රොනික උපාංග වැනි යොදාගැනීම් කෙරෙහි භාවිතයට ගැනීමට සැලසුම් කෙරේ.
තාරා ආනන්දවංශ