SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Month: December 2016

විදු වැකිය

ඩෙංගු වෛරසය අඩපණ කරමු

මිනිසා හැරුණු විට මිනිසාට මාරයා කැඳවන භයානකම සත්ත්වයා මදුරුවා ය. පසුගිය වර්ෂවල අප දුටු රටාව අනුව ඉදිරි සති කිහිපයේ නැවත පැමිණෙන්නේ මදුරු මාරයාගේ හෝරාවයි. මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලංකාවේ දිස්ත්‍රික් දහයක් මාරාන්තික ඩෙංගු රෝග අවධානම සහිත ප්‍රදේශ ලෙස නම් කර ඇත. ඒ කොළඹ,…
විදු වැකිය

වී ගොවිතැන නවත්වමුද?

මන්ප්‍රීති සිං පංජාබයේ වී ගොවියෙකි. වසර දහස් ගණනක සිට වී ගොවිතැනට අවශ්‍ය ජලය මන්ප්‍රීති සිංලාට වැසි දෙවියෝ ඕනෑවටත් වඩා ලබා දුන්නේය. එහෙත් දැනට දශක දෙකක පමණ සිට සියල්ල වෙනස් වෙමින් පවතී. පංජාබයට දැන් වැස්ස ලැබෙනවාට වඩා නොලැබෙන වාර ගණන වැඩිය. එදා මෙන් හිතේ හැටියට කුඹුරු…
විදු වැකිය

අපි යන්නේ කොයි පාරේ?

Chronic kidney disease (CKD) ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වෙන වකුගඩු නරක් වීමේ රෝගය පිළිබඳව පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකාවේ දැඩි ලෙස කතා බහ සිදු කෙරුණි. දෙව් බඹුන් පවා මැදිහත් වූ මේ විසංවාදය තව දුරටත් පවතින නමුත් රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට නම් අස්වැසිල්ලක් ලැබී ඇති බවක්…
Health/Medicine

කල් ගතවන තුවාල සුව කිරීමට නව ක්‍රමයක්!

මිනිසුන් වයසට යත්දී වෙනස්වන්නේ බාහිර පෙනුම පමණක් නොවේ. දේහයේ සිදුවන විවිධ ක්‍රියාවලි ද වයසට යත්ම වෙනස් වේ. වයසට යන විට තුවාල සුව වීමට කල් ගන්නා බව පළමුවේන් ම සොයා ගනු ලැබුවේ දෙවැනි ලෝක යුධ සමයේ දී ය. තරුණ සොල්දාදුවන්ට වඩා වයස්ගත සොල්දාදුවන්ගේ තුවාල සුව වීමට…
Biotechnology

ක්ෂුද්‍ර ජීවීන්ගෙන් විදුලි බලාගාරයක්

නිරතුරුව කැලැතෙමින් ඇති ජීවී බැක්ටීරියා සෛලවලින් සැදි තරලක්, කුඩා විදුලිබලාගාරයක් බවට හැරවිය හැකි යැයි කිව හොත් ඔබ පුදුම වනු ඇති.  එහෙත්, කැලතෙන ද්‍රවයක් තුළ රටාවකට චලනය වන බැක්ටීරියා උපයෝගී කරගනිමින් ටර්බයිනයක් කරකවා විදුලිය නිපදවා ගැනීමේ උත්සාහයකට විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබේ. පෙරදී ද මෙවැන්නක් අත්හදා බලා…
පැතලිලන්තය Flatland by Edwin A. Abbott

4. ස්ත‍්‍රීන් ගැන

තියුණු ශීර්ෂකෝණවලින් යුත් සොල්දාදු පන්තිය භයානක යැයි කියන්නේ නම්, අපගේ ස්ත‍්‍රී පක්ෂය විග‍්‍රහ කිරීමෙහි ලා සුදුසු වන්නේ අතිභයානක යන පදය යි. සොල්දාදුවකු කුඤ්ඤයක් නම්, ගැහැනිය ඉදිකටුවකි. වෙනත් විධියකින් කියන්නේ නම්, කොතැනත් උල් ය - අඩු තරමින් දෙකෙළවර ම උල් යැයි කිව හැකි ය. ඇගේ මනාපය…
විදු වැකිය

ඊළඟ නාය යෑමට පෙර…

අරණායක එකම සෝ ගඟක් වී මාස කිහිපයකට වඩා නැත. උඩරට දුම්රිය මාර්ගය ඇත්තේ දැඩි නායයෑමේ අවදානමක් පවතින ප්‍රදේශ හරහා බව අප කිහිප වතාවක්ම පවසා ඇත. දැන් අපි නැවතත් ගතකරන්නේ ලංකාවේ පසුගිය දශක කිහිපය ඇතුළත වැඩිම නායයෑම් ප්‍රමාණයක් වාර්තා වූ තෙමස ය. එනම් නොවැම්බර්, දෙසැම්බර් සහ…
පැතලිලන්තය Flatland by Edwin A. Abbott

3. පැතලිලන්තවාසින් ගැන

වැඩුණු පැතලිලන්තවාසියකුගේ වැඩිම දිග හෝ පළල ඔබේ ඒකකවලින් කියතොත් අඟල් එකොළහකට පමණ ආසන්න වෙයි. අඟල් දොළහ යනු උපරිමය යි. අපගේ ගැහැනු සරල රේඛා ඛණ්ඩ වෙති. සොල්දාදුවන් ද පහළ ම ස්තරයේ කම්කරුවන් ද සම දිග පාද දෙකක් සහිත ත‍්‍රිකෝණ හැඩැති ය. මොවුන්ගේ මේ සම පාදයක දිග…