4. ස්ත්‍රීන් ගැන
තියුණු ශීර්ෂකෝණවලින් යුත් සොල්දාදු පන්තිය භයානක යැයි කියන්නේ නම්, අපගේ ස්ත්‍රී පක්ෂය විග්රහ කිරීමෙහි ලා සුදුසු වන්නේ අතිභයානක යන පදය යි. සොල්දාදුවකු කුඤ්ඤයක් නම්, ගැහැනිය ඉදිකටුවකි. වෙනත් විධියකින් කියන්නේ නම්, කොතැනත් උල් ය – අඩු තරමින් දෙකෙළවර ම උල් යැයි කිව හැකි ය. ඇගේ මනාපය පරිදි කැමති වෙලාවක ඇසට නො පෙනී යන්නට තිබෙන අසිරිමත් හැකියාවත් ඕකට ම එකතු කරගන්නකෝ. එතකොට පෙනේවි ඔබට, පැතලිලන්ත ස්ත්‍රියක් සමග ගනුදෙනුව කොහෙත් ම සෙල්ලමක් නො වන වග.
එහෙත් මගේ පාඨකයන් අතරින් වයසින් අඩු අය මෙතැනදී ප්‍රශ්නයක් නගනු ඇත. ඒ, පැතලිලන්ත ස්ත්‍රියකට අදෘෂ්‍යමාන විය හැක්කේ කෙසේ ද යන්න යි. මට පෙනෙන හැටියට නම්, මෙය දීර්ඝ විස්තරකිරීම් අවශ්‍ය නැති සරල කාරණයකි. කෙසේ නමුත් පැහැදිලි ව දකින්නට නො හැකි අයගේ පහසුව තකා වචන කීපයක් වැය කරන්නම්.
ඉදිකටුවක් ගෙන මේසයක් මත තබන්න. මේස ගැට්ටට ඔබේ ඇස් මට්ටම සමපාත කොට බලන්න, ඔබ එහි මුලූ දිග ම දැකගනු ඇත. දැන් ඉදිකට්ටේ කෙළවරකින් නිරීක්ෂණය කරන්න. මෙවිට ඔබට පෙනෙන්නේ හුදු ලක්ෂ්‍යයක් පමණි. ප්‍රායෝගික වශයෙන් ගත් කල මෙය අවිද්‍යමාන ය. අපගේ ස්ත්‍රී පක්ෂය අරබයා ද මේ කාරණය මෙසේ ම වෙයි. එනම්, ඔවුන් ඔවුන් අප දෙසට ඔවුන්ගේ ශරීරය සම්මුඛ කරගෙන සිටින විට අපට පෙනෙන්නේ සරල රේඛා ඛණ්ඩයකි. ඇගේ ඇස සේ ම මුඛ විවරය ද වන අග්‍රය (අපේ ලෝකයේ මෙම ඉන්ද්‍රියන් දෙකක් ම එකකි.* එල්ල කරගෙන සිටින විට අප දකින්නේ දීප්තිමත් තිතකි. ඇය අපට තම පශ්චාත් භාගය හැරවූ විට පෙනෙන්නේ නො පෙනෙනා තරම් බොඳ වූ තිතකි. දීප්තිය බෙහෙවින් අඩු පශ්චාත් අග්‍රය, මේ ආකාරයෙන්, අදෘෂ්‍යමාන ව සිටින්නට හැකි ආවරණයක් ලෙස ඇගේ පිහිටට එයි.
ගැහැනුන් නිසා අප නිරාවරණය වන අන්තරායන් ගැන දැන් අවකාශලෝකයේ ඕනෑ ම මෝඩයකුට වුවත් සිතාගත හැකි ය. මධ්‍යම පාන්තික ත්‍රිකෝණාකාර වැදගතෙකුගේ කෝණයෙනුත් අනතුරු සිදු වන්නට බැරි නෑ තමයි. කොහොම නමුත් වැඩකරන පන්තියේ කෙනෙකුගේ ඇෙඟ් හැපුණොත් නො වරදවා ම සුළු තුවාල සිදු වේ. සොල්දාදුවකු හෝ නිලධාරියකුගේ හැපීම බරපතළ තුවාල ඇතිකරවන අත්වැරැුද්දකි. පෞද්ගලික සොල්දාදුවකුගේ යන්තම් ගෑවීම මාරක තුවාල ඇති කරන්නට සමත් ය. කරුණු එසේ නම්, ගැහැනියකගේ ඇෙඟ් හැපීම යනු ක්ෂණික මරණය බව අමුතුවෙන් කිව යුතු ද. අනෙක් අතට, ගැහැනිය නො පෙනී ඉන්නා විට, දීප්තියෙන් අඩු බොඳ තිතක් ලෙස පෙනී ඉන්නා විට, ඇය මගහැර යාම කොතරම් අසීරු විය යුතු ද.
මෙම උවදුර මගහැරීම පිණිස පැතලිලන්තයේ විවිධ ප්‍රාන්තවල විවිධ කාලවල විවිධ උපක්‍රම අත්හදාබැලිණ. ගුරුත්ව ඇදිල්ල බලවත් වූ, දකුණුදිග එතරම් සෞම්‍ය නො වූ දේශගුණික කලාපවල මනුෂ්‍යයන් මෙම උවදුරට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි ය. එම නිසා, මෙවැනි කලාපවල කාන්තාවන් සඳහා බරපතළ නීති හඳුන්වා දී තිබේ. පහත දැක්වෙන සාරාංශයෙන් එම නීති ගැන අදහසක් ඇති කරගත හැකි ය:
1. සෑම නිවසක ම නැගෙනහිර පැත්තෙන් ස්ත්රීද්වාරය ලෙස දොරටුවක් තිබිය යුතු ය. මෙය භාවිතා කළ යුත්තේ කාන්තාවන් පමණි. සෑම කාන්තාවක් ම තැනට ඔබින ආකාරයෙන්, විනීත ව, මේ දොරටුවෙන් පමණක් ගෙට ඇතුළු විය යුතු ය. කවර හේතුවක් උඩ හෝ කාන්තාවක විසින් පුරුෂද්වාර භාවිතා නො කළ යුතු ය.
2. පොදු ස්ථානයක ගැවසෙන සෑම කාන්තාවක විසින් ම සමාජයේ යහපත උදෙසා වන සිහින් හඬ නො කඩවා නිකුත් කළ යුතු ය. මෙය උල්ලංඝනය කරන කාන්තාවක මරණ දණ්ඩනය ලැබීමට සුදුසු වන්නී ය.
3. වලිප්පුව, අධික සොටු දියර ගලනා සෙම්ප්‍රතිශ්‍යාව හෝ අනපේක්ෂිත ලෙස ශරීරාවයව චලනය කරවන වෙනත් රෝගාබාධයකින් පෙළෙන කාන්තාවන් ක්ෂණික ව විනාශ කොට දැමිය යුතු ය.
ඇතැම් ප්‍රාන්තවල මීට අමතර වශයෙන් අපූරු නීතියක් ක්‍රියාත්මක වෙයි. එම නීතියට අනුව, කිසියම් කාන්තාවක් ප්‍රසිද්ධ ස්ථානයක සිටගෙන සිටින්නී හෝ ඇවිද යන්නී නම්, ඇය තම ශරීරයේ පසු භාගය ඒකාකාර ව වමටත් දකුණටත් පැද්දිය යුතු ය. මෙයාකාරයෙන් ඇය තම ශරීරය තිබෙන ස්ථානය තමන්ට පසුපසින් සිටින ජනයාට සංඥා කළ යුතු ය. මෙය මරණ දණ්ඩනය දක්වා කාන්තාවක යොමු කළ හැකි ප්‍රබල අනුල්ලංඝනීය නීතියකි. තවත් සමහර ප්‍රාන්තවල මීට වෙනස් නීතියක් ක්රියාත්මය වෙයි. එහි හැටියට කිසියම් කාන්තාවක් මහා මාර්ගයේ ගමන් කරන්නේ නම් ඇගේ පුතුන්, පිරිමි මෙහෙකරුවන් හෝ ස්වාමිපුරුෂයා කැටුව යාම අනිවාර්ය වේ. තවත් සමහර ප්‍රාන්තවල නීතියේ හැටියට, ආගමික උත්සව හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා ගෙයින් බැහැර යාම කාන්තාවකට තහනම් ය. එහෙත් අපගේ වෘත්තාකාරයන් සහ රාජ්‍ය පරිපාලකයන් අතරින් නැණවතුන් විසින් මෙම නීතිවල අයහපත් පලවිපාක කිහිපයක් සොයාගනු ලැබිණ. ඒ අනුව, මෙම නීති නිසා අපගේ ජාතිය දුබල වීමටත් ක්ෂය වීමටත් ලක් වේ. මීට් අමතර ව, මෙම නීති නිසා ගෘහස්ථ මිනීමැරීම් සංඛ්‍යාව වර්ධනය වී ඇත. ඒ අනුව, අවසානයේ බලන කල, අනවශ්‍ය තරම් දැඩි නීති නිසා අපගේ ප්‍රාන්තවලට වාසිවලට වඩා පාඩු සිදු වී තිබේ.
මෙලෙස ගැහැනියගේ ශක්තිය ගෙතුළට කොටු කොට තැබීමේ ප්‍රතිඵලයක් හැටියට, ස්වාමිපුරුෂයන් හෝ දරුවන් කෙරෙන් ස්වකීය පීඩනය මුදාහරින්නට ඔවුන් පෙළඹුණු අවස්ථා ඇත. ඝර්ම කලාපීය ප්‍රාන්තවලින් ඇතැම් විට අසන්නට ලැබුණේ, කාන්තා නැගිටීමක් තුළින්, කිසියම් ගම්මානයක පිරිමින් සියලූ දෙනා පැයක් හෝ දෙකක් තුළ විනාශ වූ බව යි. එබැවින් ඉහත සඳහන් කළ නීති ත්‍රිත්වය අපගේ ලෝකයේ වඩා සංවිධිත ප්‍රාන්ත සඳහා යෝග්‍ය වේ.
කෙසේ හෝ වේවා, අපගේ ශරීරාරක්ෂාව අවසාන වශයෙන් රඳා පවත්නේ බාහිර නීති මත නොව, කාන්තාවන් මත ම බව කිව යුතු ය. ඔවුන්ට තම ශරීර මඳක් චලනය කිරීමෙන් කිසියම් මිනිසෙකු මරණයට පැමිණවිය හැකි වුවද, දඟලන මිනිසා කෙරෙන් තම ශරීරය ඉවත් කර නො ගන්නා කාන්තාවගේ ශරීරය වෙවුලන්නට පටන් ගනී. මෙයට හේතුව ඔවුන්ගේ ශරීරශක්තිය මඳකම යි.
විලාසිතා කෙරෙහි කාන්තා පක්ෂය දක්වන මහත් අභිරුචිය ද පිරිමි අපගේ වාසියට හේතු වෙයි. එතරම් නාගරීකරණය නො වූ ඇතැම් ප්‍රාන්තවල, කාන්තාවක තම පසු භාගය දකුණේ සිට වමට පැද්දීම අනිවාර්ය කොට තිබෙන බව මීට ඉහත සඳහන් කළෙමි. ඇත්තෙන් ම වඩා ශිෂ්ටසම්පන්න ප්‍රාන්තවල එම පැද්දීම නීතියක් ලෙස අනිවාර්ය කරන්නට දෙයක් නැත. ශිෂ්ටසම්පන්න ස්ත්‍රිය ස්වභාවයෙන් ම මෙම පැද්දීම උරුම කරගන්නී ය. එවැනි ස්වභාවික චාරිත්‍රයක් නීතියක් ලෙස ලේඛනගත කරන්නට සිදු වීම අදාළ ප්‍රාන්තයට අවනම්බුවකි. වෘත්තාකාර පන්තියේ කුල කාන්තාවගේ රිද්මයානුකූල වූත් නිසියාකාර ව උස් පහත් වන්නා වූත් පැද්දීම, සාමාන්‍ය සමපාද පාන්තික ස්ත්‍රියගේ ඊර්ෂ්‍යාවට බඳුන් වෙයි. ඉක්බිති ඈ ද එම පැද්දීම් විලාසිතාව අනුකරණය කරන්නට තැත් කරන්නී ය. නමුත් ඇගේ විලාසිතා හැකියාව නිකම් අවලම්බයක් සේ පැද්දීමෙන් කෙළවර වෙයි. කෙසේ නමුත් මෙය සමද්විපාදයකුගේ උන්නතිකාමී බිරිඳක විසින් මහත් උවමනාවෙන් අනුකරණය කරනු ලැබේ. එයින් මෙතෙක් එම පවුලේ නො වූ අත්‍යවශ්‍ය ජීවිත වටිනාකමක් එයට ලබා දෙන්නට මේ බිරිඳ සමත් වන්නී ය. මේ නිසා කිසියම් හෝ වැදගත්කමක් කියා දෙයක් ඇති පවුලක පිරිමි කීප දෙනා, අදිසි ප්‍රහාරවලින් ආරක්ෂා වී ජීවත් වන්ට වාසනාව ලබන්නෝ ය.
අපගේ ස්ත්‍රීන් සතු ව ආදරණීය ගතියක් නැතැ යි මොහොතකටවත් නො සිතිය යුතු ය. නමුත් ගැටලූව වන්නේ ක්ෂණික චිත්තවේග හමුවේ මේ අයට අනෙක් හැම දේ ම අමතක වී යාම යි. මෙය ඇත්ත වශයෙන් ම ඔවුන්ට උරුම අවාසනාවන්ත දේහ විලාසයේ අනිවාර්ය ඵලයකි. ශීර්ෂකෝණයක් කියා නාමයක් නොමැති ශරීර ලැබීම හෙයින්, බුද්ධි ශක්තිය අතින් ඔවුහු සමද්විපාදයන්ගේ පහළ ම ස්තරයටත් වඩා දුර්වලයෝ වෙති. මේ නිසා දුරදක්නා නුවණ හෝ විනිශ්චයකට එළඹීමේ හැකියාව ඔවුන් සතු නො වන්නා සේ ම, කුඩා මතක ශක්තියකුදු ඔවුන් කෙරේ නො පිහිටයි. හදිසි කෝපය උඩ තම පවුල ම විනාශ කොට දමා, කෝපය සන්සිඳී පැය බාගයක් ගත වූ තැන, ප්‍රිය සැමියාත් දරුවනුත් කොහේදැ යි ඇසූ එක්තරා කාන්තාවක ගැන මම අසා ඇත්තෙමි.
ඉතා පැහැදිලිව ම, කිසියම් කාන්තාවක තම දේහය ඔබ වෙත හැරවිය හැකි අවකාශයක සිටින්නී නම්, ඇගේ කෝපය ඇවිස්සීම නො කළ යුත්තක් ම ය. කෙසේ නමුත් ඔවුන්ගේ මේ ශක්තිය අඩාල කොට තිබෙන අපගේ ගෘහ තුළ ඔවුන් සිටින විට නම් ඔබට කැමැත්තක් කිව හැකි ය. ඒ මොහොතේ තම ශරීර හරවා පහර දෙන්නට ඒවා තුළ අවකාශයක් ඔවුනට නැත. අනෙක් අතට, ඇය මේ මොහොතේ ඔබ මරා දමන බවට තර්ජනය කරන්නට මුල් වූ කාරණය ද, ඇය සන්සුන් කිරීම පිණිස ඔබ දෙන පොරොන්දුව ද යන දෙක ම තව මිනිත්තු කීපයකින් ඇයට අමතක වී යයි.
සමස්තයක් වශයෙන් සැලකුව කල, අපගේ ගෘහස්ථ සබඳතා ලොකු හානියකින් තොර ව කළමනාකරණය කරගන්නට අපි සමර්ථ වන්නෙමු. එහෙත් සොල්දාදු පන්තියේ තත්ත්වය මීට වෙනස් ය. තැනට සුදුසු නුවණින් හෝ උපාය ඥානයෙන් තොර වූ මේ පහළ පාන්තික සැමියන්ගේ ක්‍රියාකලාපය නිසා මෙහි ලා කිව නො හැකි තරම් දරුණු ක්‍රියා සිදු වේ. සිහිය පිළිබඳ වූ ආත්මාරක්ෂක ඉන්ද්‍රියන් හෝ අවස්ථානෝචිත චර්යාවන් වෙනුවට ඔවුහු තමන් සතු විනාශකාරී ආයුධ පිළිබඳ විශ්වාසය තබන්නෝ ය. මේ නිසා නිසි දිග පළල අනුව ස්ත්‍රී කුටීර නො සාදන්නෝ ය; නිවසින් බැහැර ව සිටින විට නපුරු බසින් සිය ඇඹේණියන් කෝප ගන්වන්නෝ ය. තව ද මේ පන්තියේ අය වාච්‍යාර්ථයේ සත්‍යාසත්‍යභාවය ගැන පමණට වඩා කරදර වෙති. ඒ නිසා වෘත්තයකු සිය ආර්යාවගේ කෝපය සන්සිඳුවීමට තෙපළන චාටු පොරොන්දු මොවුන්ගේ කටින් පිට වන්නේ නැත. මෙහි ප්‍රතිඵලය සමූහඝාතනය යි. කෙසේ නමුත් එහි හොඳ පැත්තක් නැතුවා නො වේ. සමද්විපාදයන් අතර සිටින අමාරුකාරයන් සමාජයෙන් ඉවත් කොට දැමීමට එය ආධාර වෙයි. බොහෝ වෘත්තයන්ගේ විශ්වාසය වන්නේ, ස්ත්‍රිය සතු මෙම නාශක බලය, ජනගහණ වර්ධනය පාලනය කිරීමටත් විප්ලවයේ අංකුර මැඬලීමටත් ලද වරප්‍රසාදයක් බව යි.
එසේ වුවත්, අපගේ ලෝකයේ ඉහළ ස්තරයේ වෘත්තභාවයට බොහෝ සෙයින් ම ළං වූ පවුල්වල තත්ත්වය ද, ඔබේ අවකාශලෝකයේ තරම් උසස් තලයක නැත. සාමය – එම වචනයෙන් අදහස් වන්නේ ඝාතන සිදු නො වන බව නම් – ඔවු, සාමය තිබෙන බව කෙනෙකුට කිව හැකි ය. එහෙත් එහි ඇත්තේ අල්ප එකමුතුකමකි. වෘත්තයන්ගේ බුද්ධිය විසින් ආරක්ෂාව වෙනුවෙන් ගෘහස්ථ සුවපහසුව කැප කරනු ලැබ තිබේ. වෘත්තයන්ගේත් බහුඅස්රයන්ගේත් පවුල් වල ඇත්තන් විසින් අනාදිමත් කාලයක පටන් රැුකගෙන එනු ලැබූ එක්තරා සිරිතක් වෙයි. එනම්, මවුවරුන් සහ ¥වරුන් නිරන්තරයෙන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයා සහ ඔහුගේ හිතවතුන් වෙත සිය ඇස සහ මුඛය යොමු කරගෙන සිටිය යුතු ය. වැදගත් පවුලක ස්ත්‍රියක විසින් සිය සැමියාට පසු භාගය හැරවීම සිය පවුල තත්වයෙන් පහළ වැටීම හඟවන එක්තරා අසුබ ලකුණකි. කෙසේ නමුත්, මවිසින් මින් ඉදිරියේ පෙන්වාදෙනු ලබන අන්දමට, ආරක්ෂාව අතින් වාසිසහගත වන මෙම සිරිත නිසා අවාසි කිහිපයක් ද සිදු වේ.
වැඩ කරන පන්තියේ ජනයාගේ හෝ කර්මාන්තකරුවන්ගේ නිවෙස්වල මේ සිරිත ක්‍රියාත්මක නො වේ. එබඳු ගෙවල ස්ත්‍රීනට වැඩපළ කරන අතර සිය ස්වාමිපුරුෂයන් කෙරේ පසු අග්‍රය හැරවීමට අවකාශ ඇත. එවැනි තන්හි ස්ත්‍රීන් විසින් සමාජයේ යහපත උදෙසා නොකඩවා නිකුත් කරනු ලබන සිහින් හඬ අමතක කළහොත්, ස්ත්‍රිය නො පෙනෙන හෝ නෑසෙන, බෙහෙවින් නිසංසල කාල ප්‍රාන්තර තිබේ. නමුත් ඉහළ පන්තියේ නිවාසවල එවැනි නිසංසලකමකට ඉඩක් නැත. මේ ස්ත්‍රීහු ස්වකීය ඝෝෂාකාරී මුඛ විවර ද තියුණු ඇස් බැල්ම ද නිරන්තරයෙන් සිය ස්වාමිපුරුෂයන් වෙත එල්ල කරගෙන සිටිති. යම් දාක ලෝකයේ ආලෝකය ගලා යාම නැවතුණ ද, ස්ත්රීන්ගේ භාෂණය එසේ නතර වන්නේ නො වේ. ස්ත්‍රියගේ දේහ අග්‍රවලින් සිදු වන අන්තරායන් වැළැක්වීමට යෙදුව උපායන් සමග ඇගේ නාදයෙන් ගැලවෙන්නට යොදන උපායන් සම කළ හැකි නො වේ. ස්ත්‍රියකට තම සිනාවට සීමා පනවාගන්නට, තමන් ප්‍රකාශ කරන දේ වළක්වාගන්නට හෝ සවිඥානිකබවක් නැත. ඉතින් මේ නිසා අපගේ ඇතැම් නරුම අදහස් ඇති පිරිමි, ස්ත්‍රියගේ මුඛ විවරය වෙනුවට අන්තරාදායක පසු අග්‍රය තමන් වෙත යොමු වී තිබීම වඩා හොඳ ය කියති.
අපේ ස්ත්‍රියගේ තත්ත්වය ඉතා පහත් එකකැ යි අවකාශලෝකයේ වෙසෙන මගේ පාඨකයන් දකිනු ඇත. ඇත්ත වශයෙන් ම එය එසේ ම ය. සමද්විපාදයන්ගේ පහත් ම පෙළේ පිරිමියාට වුව තම ශීර්ෂකෝණය යන්තමින් හෝ වැඩි කරගෙන පහත් තත්ත්වයෙන් ගොඩ එන්නට පුලූවන. ගැහැනියට ඒ වරම නැත. ”වරක් ගැහැනියක වී ද – ඇය සදාකාලික ව ගැහැනියකි,” යනු ස්වභාවධර්මයා විසින් පනවනු ලැබූ නියමයකි. අනෙක් අතට පරිණාමය පිළිබඳ ස්වභාව රීතිවලින් ද අවාසිදායක ලෙස ස්ත්‍රිය මගහරිනු ලැබ තිබේ. ඒ සියල්ල එසේ තිබියදීත්, ස්වභාවධර්මයා විසින් ස්ත්‍රිය මත පනවන ලද එක් දෙයක් ගැන අපට සතුටු විය හැකි ය. එනම්, ස්වකීය ජීවිතයේ ඛේදනීය තත්ත්වය ද බලාපොරොත්තුරහිතභාවය ද ඇයට නො දැනෙන ලෙස, මතකය යන සාධකය ස්ත්‍රිය කෙරෙන් තුරන් කොට තිබීම යි. ස්ත්‍රියගේ පැවැත්මට සේ ම, පැතලිලන්ත ව්‍යවස්ථාවට ද පදනම් වී ඇත්තේ මේ කාරණාව ය.