ක්ෂුද්‍ර ජීවීන්ගෙන් විදුලි බලාගාරයක්
නිරතුරුව කැලැතෙමින් ඇති ජීවී බැක්ටීරියා සෛලවලින් සැදි තරලක්, කුඩා විදුලිබලාගාරයක් බවට හැරවිය හැකි යැයි කිව හොත් ඔබ පුදුම වනු ඇති. එහෙත්, කැලතෙන ද්‍රවයක් තුළ රටාවකට චලනය වන බැක්ටීරියා උපයෝගී කරගනිමින් ටර්බයිනයක් කරකවා විදුලිය නිපදවා ගැනීමේ උත්සාහයකට විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබේ.
පෙරදී ද මෙවැන්නක් අත්හදා බලා තිබුණත් එහි දී සිදු කර තිබුණේ, ටර්බයිනයක දැති මතට බැක්ටීරියා පතිත වීමෙන් එය ක්‍රියාත්මක වීම ය. එහෙත්, ඒ වෙනුවට සිලින්ඩරයක් යොදා ගනිමින් වඩා ඵලදායී ලෙස මෙය සිදු කළ හැකි යැයි, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් විසින් පෙන්වා දී ඇත.
කැලැතෙන තරලයක සිටින බැක්ටීරියාවන් එකම දිශාවකට එකවිට චලනය වන බව නිරීක්ෂණය කරන ලද්දෙන්, මිලිමීටරයකින් සියයෙන් පංගුවක් තරම් ඉතා කුඩා භ්‍රමක පද්ධතියක් එතුළට දැමූ විට, එම චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්ථනය කර ගත හැකි ය.
– තාරා ආනන්දවංශ