SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Kosuke Morita of Riken points to 'nihonium' on the revised periodic table of elements
Chemistry

ආවර්තිතාවට අලුතෙන් මූලද්‍රව්‍ය හතරක්

ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යාව පිලිබඳ අන්තර්ජාතික එකමුතුව විසින් පසුගිය නොවැම්බර් මස 28 වන දින ආවර්තිතා වගුව සඳහා එක් වූ නවතම මුලද්‍රව්‍ය හතරක නම් සඳහා අනුමැතිය ලබා දී ඇත. එය සිදු කොට ඇත්තේ මාස පහකට වැඩි මහජන විචාර කාලයකින් අනතුරුව ය. ඒ අනුව නම් කළ නව මුලද්‍රව්‍ය හතර මෙසේ ය.

  • නිහෝනියම් Nihonium (Nh)
  • මොස්කොවියම් Moscovium (Mc)
  • ටෙනෙසීන් Tennessine (Ts)
  • ඔගැනසන් Oganesson (Og)

අන්තර්ජාතික නාමකරණ නීතිවලට අනුකුලව නම් කෙරුණු මෙම මුලද්‍රව්‍ය කිසියම් ස්ථානයක්, භූගෝලීය පිහිටීමක් හෝ විද්‍යාඥයයෙක් නමින් නම් කිරීම සිදු කොට ඇත. ආවර්තිතා වගුවේ  113 වන මුලද්‍රව්‍යය ලෙස සොයා ගැනුණු නිහෝනියම් මුලද්‍රව්‍යය ජපානයේ RIKEN Nishina Center for Accelerator-Based Science යන ආයතනය විසින් සොයාගෙන ජපන් භාෂාවෙන් ජපානය යන්න ප්‍රකාශ කිරීමට යොදා ගැනෙන නිහෝන් (Nihon) යන අර්ථය ඇතිව මෙම මුලද්‍රව්‍යය නම් කොට ඇත. එමෙන්ම එහි “ඉර නැගෙන භුමිය” වැනි අර්ථයක් ද ඇත.

මොස්කොවියම් යන මුලද්‍රව්‍යය හා ටෙනෙසීන් මුලද්‍රව්‍යය නම් කොට ඇත්තේ රුසියාවේ පිහිටි Joint Institute for Nuclear Research ආයතනය හා ඇමරිකාවේ Oak Ridge National Laboratory ආයතනය , Vanderbilt විශ්වවිද්‍යාලය හා Lawrence Livermore National Laboratory ආයතනය එක්ව ය. මෙහිදී මොස්කොවියම් (115) මුලද්‍රව්‍යය සොයාගනු ලැබුයේ රුසියාවේ මොස්කව් ප්‍රදේශයෙන් වීම නිසා එම නාමය ලැබී ඇත. ඇමරිකාවේ ටෙනෙසි (Tennessee) ප්‍රදේශයෙන් සොයාගත් හෙයින් ආවර්තිතවේ 117 වන මුලද්‍රව්‍යයට ටෙනෙසීන් ලෙසින් නම් තබා ඇත. මෙය ආවර්තිතාවේ 17 වන ඛාණ්ඩයට අයත් වේ.

ආවර්තිතාවේ 18 වන ඛාණ්ඩයට අයත් 118 වන මුලද්‍රව්‍යය ඔගැනසන් නම් කොට ඇත්තේ මහාචාර්ය යූරි ඔර්ගැනේසියන් නමිනි. ඔහු විසින් ආවර්තිතා වගුවේ වගුවේ අධි බරැති මුලද්‍රව්‍ය සොයාගැනීම කෙරෙහි වූ පුරෝගාමී දායකත්වය උදෙසා එම මුලද්‍රව්‍යය ඔගැනසන් ලෙසින් නම් කර ඇත.

අභිනවයෙන් සොයාගත් මෙම මුලද්‍රව්‍ය සියල්ල අවර්තිතා වගුවේ හත්වන ආවර්තයට අයත් ඒවා වෙයි.

තාරා ආනන්දවංශ

%d bloggers like this: