SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

විදු වැකිය

ආර්ථික සුළි කුණාටුවට තාක්‍ෂණික බැම්මක්

ඩුබායි ගුවන් තොටුපල අසළ අතහැර දමාගිය දුහුවිලි තට්ටු බැඳුනු අධි සුඛෝපභෝගී මෝටර් රථ රාශියකි. නගරය පුරා අර්ධ ලෙස අවසාන කර අතහැර දැමු යෝධ ගොඩනැගිළි, ඇටසැකිලි මෙන් අහස දෙස බලාගෙන සිටිති. මේ මැද පෙරදිග ආර්ථිකය බිඳ වැටීමේ සංකේතයන්ය. පෙර කල සශ්‍රීක රාජ්‍යයන් වූ අබුඩාබි, සෞදි වැනි තෙල්වලින් පොහොසත් රාජ්‍ය පවා සීග්‍රයෙන් ඇද වැටෙමින් පවතියි.

මේ මැද පෙරදිගට පමණක් සීමා වූ ගැටලුවක් නොවේ. ඒ හරහා ඉතා බියකරු ආර්ථික සුළි කුණාටුවක් ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයක් දෙසට හමා එයි. මේ බැරෑරුම් තත්වය ඉක්මනින් අවබෝධ කරගන්නා තරමට අපේ රටට යම් තාක් දුරකට පණනල ගැටගසා ගන්නට හැකිය. නොඑසේ නම් අප වැටෙන්නේ අඳුරු අගාධයකට ය. සෞදි අරාබිය මේ වන විටත් රටේ බොහෝ රැකියා අවස්ථා සඳහා සෞදි ජාතිකයින්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට අණ පනත් සම්මත කරගනිමින් සිටියි. කළාපයේ අනෙකුත් රාජ්‍ය ද මේ පිළිවෙත අනුගමනය කරනු ඇත.

එකවරම රැකියා විරහිතව ආපසු සිය රටට පැමිණිය හැකි දහස් සංඛ්‍යාත ශ්‍රම බළකායකට ජීවිකාව සැලසීමට අප රට සුදානම් ද?

මේ තත්වයට මුහුණ දීමට අපට ඇති එකම පිළිසරණ විද්‍යාව හා තාක්ෂණය බව අපගේ හැඟීමයි. මේ සඳහා දේශපාලන බල අධිකාරියේ මෙන්ම තෘතිය අධ්‍යාපන ආයතනවල සේවය කරන උගතුන්ගේ ද ඉක්මන් අවධානය යොමු විය යුතු ය. රැකියා උත්පාදනයට කෙටි, මාධ්‍ය සහ දීර්ඝ කාලින වශයෙන් බෙදුනු ජාතික ප්‍රතිපත්තියක්, යෝජනාවලියක් සහ වැඩ පිළිවෙලක් රටේ හදිසි තත්වයක් ලෙස සලකා වහා සකස් කළ යුතුව තිබේ.

අප රටේ මිනිස් සම්පත වඩා ශක්තිමත් කුමන අංශ සඳහා දැයි හඳුනා ගැනීම මුලික අවශ්‍යතාවයකි. කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය, ධිවර කර්මාන්තය, නෞකා සහ ඩ්‍රෝන තාක්ෂණය, ගොඩනැගිළි තාක්ෂණය, අධ්‍යාපනය, හෙද සේවය සහ ගෘහ සේවය මේ අතරින් කිහිපයකි. මෙම ශ්‍රමිකයන් නැවත පැමිණෙන්නේ හිස් අතින් නොවන බවත්, ඉතා අගනා අත්දැකීම් සම්භාරයක් ඔවුන් රැගෙන එන බවත් අප අමතක නොකළ යුතුය.

මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් නම් නැවත පැමිණෙන ශ්‍රමිකයන් සතු අත්දැකීම් සම්භාරයට අගය එකතු කිරීමේ ක්‍රමවේද සොයා ගැනීමයි. උදාහරණයක් ලෙස හෙද සේවයේ අත්දැකීම් ඇති පිරිසට නවීණ හෙද තාක්ෂණය පිලිබඳව සහ ගෘහ සේවයේ අත්දැකීම් ඇති අයට මනෝ විද්‍යාව, ප්‍රථමාධාර සහ සරළ ගෘහ උපකරණ අළුත්වැඩියාව ආදිය පිළිබඳව කෙටි කාලින පුහුණුවක් ලබා දීම සඳහන් කළ හැක. එමගින් මෙම ශ්‍රමිකයන්ට ඉහළ වැටුප් තලයක වෙනත් ශ්‍රම වෙළඳපොල වෙත ලඟා විය හැක.

වෙනත් රටවල ඇති වෙළඳපොල පිළිබඳව පුර්ණ ගවේෂණයක් කිරීමට ද සුදුසුම කාලය මෙයයි. සමහර විට අප දැනටමත් පමා වුවා විය හැක. ජාත්‍යන්තර තලය නිරීක්ෂණය කිරීමේ දී, අප අනුමාණ නොකරන රටවල (උදා. ෆීජී, පැපුවා නිව් ගිනියා, කසඛස්තාන්), එම පරිසර තුළ උපරිම ඵලදායිතාවයක් සහිත නවීණ තාක්ෂණික උපකරණ, අංගෝපාංග සහ සේවා සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව පෙනෙයි. බොහෝ විට සංවර්ධිත රටවල්, වෙළඳපොළ කුඩා වීම හෝ වෙනත් කරුණු නිසා මේ රටවල අවශ්‍යතා කෙරෙහි වැඩි උනන්දුවක් නොදක්වයි. උදාහරණයක් ලෙස බොහෝ පැරණි සෝවියට් සංගමයේ රටවල මේ වන විට සමහර නවීණ තාක්‍ෂණික උපාංග සහ තොරතුරු තාක්ෂණික සේවා සඳහා විශාල ඉල්ලුමක් පවතී.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය ද එකතුව සද්භාවයකින් යුතුව මෙම ක්‍රියාදාමයට යොමුවෙනවා නම් ඇතිවිය හැකි ජාතික ගැටලුවක් වළක්වා ගත හැකි වනු ඇත. අත ළඟ ඇති ව්‍යසනය, වාසනාවක් හෝ අවාසනාවක් බවට පත් කරගැනීම ඇත්තේ අප අතේම ය.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

%d bloggers like this: