SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Month: March 2017

Health/Medicine

දියවැඩියාව ආපසු හරවන අලුත් බෙහෙතක්!

දියවැඩියාව හෙවත් රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම නිසා පීඩා විඳින අයට සැනසිලිදායක පුවතක් අලුත්ම පර්යේෂණයකින් වාර්තා වෙනවා. දැන් තව දුරටත් දිවා රෑ නැතුව ඉන්සියුලින් එන්නත් කරන්නත්, අසීරුවෙන් සීනි කෑමෙන් වැළකී සිටින්නත් ඕන නෑ. දවසට එක පෙත්තක් ගත්තම දියවැඩියා තත්ත්වය ආපසු හරවන්න පුළුවන්. දිනපතා මෙම ඖෂධය…
විදු වැකිය

බස් පෙරළියේ තාක්ෂණික පෙරළිය!

මීට වසර තුනකට පමණ පෙර අපට කසඛස්ථානයේ අස්තානා නගරයේ පිහිටි කෘෂි-තාක්‍ෂණික සරසවියේ පශ්චාත් උපාධිධාරීන් සඳහා පාඨමාලා දෙකක් පැවැත්වීමට ආරාධනා ලැබුණි. එම සරසවියට පිවිසි අපට හැගී ගියේ එහි සිසු සිසුවියන්ගේ පමණක් නොව ආචාර්ය මණ්ඩලයේ පවා ඉංග්‍රීසි භාෂා දැනුම ඉතා අල්ප බව ය. පාඨමාලා දෙකම සවිස්තරාත්මකව ඉගැන්විය…
Astronomy

විශ්වයේ ජීවය සොයන්න රතු වාමනයන්ගෙන් අලුත් දොරටුවක්!

ඇමරිකාවේ නාසා ආයතනයහි ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු හා කණ්ඩායම් අධීක්ෂකයෙකු වශයෙන් සේවය කරන ආචාර්ය සරත් ගුණපාල, පසුගිය දා සිය මව්බිමට පැමිණියේ ඔහුවෙත පිරිනැමුණු ශ්‍රී ලංකා රංජන සම්මානය ලබා ගැනීම සඳහා ය. මෙහි පළවන්නේ එහි දී ඔහු හා කළ කෙටි පිළිසඳරකි.     හදිසියේ…
විදු වැකිය

ගල් අඟුරු අළු: හිසරදයක් කරගත් ධන උල්පතක්!

ඔබට දියුණු වීමට අවශ්‍ය නම් මී කුණකින් වුව ද ඔබේ ගමන ඇරඹිය හැකි බව බෞද්ධ පොත පතේ සඳහන් වේ. මේ කතාව අපට සිහිගැන්වෙන්නේ පසුගිය සතියේ ලංකාවේ පැවැත් වූ අකුණු ආරක්‍ෂණ පුහුණු වැඩ මුළුවක දී ඇති වූ සංවාදයක දී ය. මෙම වැඩමුළුවට සහභාගී වූ තරුණ ඉංජිනේරුවරියන්…
Health/Medicine

ජීවිතේ දිගු කර ගන්න – ළමයෙක් හදන්න!

අම්මා කෙනෙක්, තාත්ත කෙනෙක් වෙන එක බොහෝ දෙනාගෙ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක්. ඉන් ලැබෙන දේ බොහෝමයි. කැදැල්ලක උණුහුම, ආදරය සෙනෙහස විතරක් නොවෙයි එය තමන්ගේ ජීවිතේ දිගු කර ගන්නත් රුකුලක් ලැබෙන බවයි අලුත් ම පර්යේෂණයකින් හෙළි වන්නේ.   ස්වීඩනයේ 1911 සිට 1925 දක්වා උපන් මිලියන 1.4කගේ තොරතුරු…
විදු වැකිය

පත්තර පිටුවෙන් ඔබ්බට නොයන අපේ කෘෂිකාර්මික සොයා ගැනීම්

මීට වසර කිහිපයකට පෙර පැපොල් කොළවල ඇති ඖෂධීය ගුණය පිළිබඳව ශ්‍රී ලාංකිකයෙකු සොයාගත් බව දැක්වෙන ලිපියක් පත්තර පිටුවක් පුරා පළ විය. ඉන් පසු ගෙවුණු මාස කිහිපයේ දී මේ ලාංකික සොයාගැනීම පිළිබඳව බොහෝ උදම් ඇනුම් වතපොතේ සංසරණය විය. ගිය වසරේ මැද භාගයේ දිනෙක අප උදැසන ආහාරය…
Space

ග්‍රහක මැට්ටෙන් විකිරණ පළිහක්

අභ්‍යවකාශයේ පාවී එන යෝධ පාෂාණ කුට්ටි හෙවත් ග්‍රහක, පෘථිවි වාසීන්ට තර්ජනයක් විදියටයි සැලකෙන්නෙ. එවැන්නක් පෘථිවියේ ගුරුත්වයට හසුවෙලා පොළොවට කඩාගෙන වැටුණොත් මහත් විනාශයක් වෙන බව කියන්න දෙයක් නෑ. ඒත් මේ ආරංචිය නම්, ග්‍රහකවල උදව්වෙන් අභ්‍යවකාශගාමීන්ගෙ ජීවිත බේරාගන්නා විදියක් ගැන. ගැඹුරු අභ්‍යවකාශයේ දී සිදුකෙරෙන මෙහෙයුම්වල දී අභ්‍යවකාශගාමීන්ට…
Paleontology

නියැන්ඩර්තාල්ගේ හාදු දීම හා කෑම බීම දත් ඇන්දෙන් හෙළි වේ!

පුරාණ බෙල්ජියමේ ජීවත් වූ නියැන්ඩර්තාල් මානවයා මස් ආහාරයට ගත් අයෙක් වුවත් ඉන් කිලෝමීටර් දාහක් ඈත දැන් උතුරු ස්පාඤ්ඤය ලෙස හඳුන්වන පෙදෙසේ ජීවත් වූ නියැන්ඩර්තාල්වරුන් වෙසෙසින් ම නිර්මාංශ ආහාරවලට පුරුදු වී සිටියා. මේ බව හෙළි වන්නේ අලුත් ම පර්යේෂණයකින්. ඒ විතරක් නොවෙයි, එහි දී සිදු කළ…
Health/Medicine

තිරිහන් වෙන්න අලුත් ව්‍යායාම ක්‍රමයක්!

හැම දේටම වඩා හොඳම බෙහෙත ව්‍යායාමය බවයි පැවසෙන්නේ. ඒක අප කාලෙක ඉඳන් දන්න කතාවක්. ඒත් දැන් අලුත් ම පර්යේෂණ මගින් වෙනත් කතාවක් කරලියට ඇවිත්. ඉන් කියැවෙන්නෙ නිරන්තරයෙන් සිදු කෙරෙන කෙටි-දැඩි ව්‍යායාමවලින් වයස්ගත වීම පාලනය කළ හැකි බවයි. වෙසෙසින්ම අපේ ශරීරයේ සෛලවල ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා යන ශක්තිය…
ඡායාරූපය- තාරක ගමගේ
විදු වැකිය

අත ළඟ එන බක් මහ අකුණු

ඔබ මේ ලිපිය කියවන විටත් හෙණ කුණාටු ලංකාව පුරා, විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත්වල ඇරඹි තිබෙනු ඇත. වසරකට දෙවරක් ලංකාවේ අකුණු භරිත කාලගුණ තත්වයක් ඇති වේ. ඒ අන්තර් මෝසම් සමය වන මාර්තු-අප්‍රේල් සහ ඔක්තෝබර්-නොවැම්බර් කාල පරිච්ඡේදවල ය. වසර 2008 යනු ශ්‍රී ලංකාව දරුණු යුද්ධයකට…
  • 1
  • 2