මුළු ලොවම මායාවක්ද?
"ඔබ මා දකින්නේ කොතනද?" සුප්‍රකට ඉන්දීය යෝගිවරයෙක් වන සද්ගුරු තම ප්‍රේක්ෂකයන්ගෙන් අසයි. සියලු දෙනාම සද්ගුරු සිටින දෙසට සිය අතැඟිලි දිගු කරයි. "ඔබ සියලු දෙනාම වැරදියි" සද්ගුරු සිනාසෙමින් පවසයි. "අප දන්නා සරළ භෞතික විද්‍යාවට අනුව මගේ සිරුරෙන් පරාවර්තනය වන ආලෝකය ඔබගේ අක්‍ෂි කාචයෙන් වර්තනය වී දෘෂ්ටිවිතානයේ…