SciTech Publishing Corporation (Pvt) Ltd.
පිපිරෙන බෝල

පිපිරෙන බෝල – 5

 

ප්‍රධාන ගණිත කර්ම 3ක්ම පිපිරෙන බෝල යන්ත්‍රයත් එක්ක ගවේෂණය කරපු ජේම්ස් හිතුව, බෙදීමේ ගණිත කර්මයත් පිපිරෙන බෝල යන්ත්‍රයත් එක්ක අත්හදා බලන්න ඕනෑ කියල.

ඉතිං, සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදනවා කියන එකේ තේරුම මොකක්ද?

බෙදීම ගැන හිතන්න පුළුවන් ආකාර කීපයක්ම තියෙනවා. ඒ හැම අකාරයක්ම දැනගෙන ඉන්න එක ගණිතයේ යෙදෙන කොට හරි පහසුවක්. අපි විධි දෙකක් ගැන දැනට හිතමු.

අපිට ස්වාභාවිකවම බෙදීම ගැන හිතෙන්නේ මේ විදියට. මොහොතකට හිතන්න මොනවා හෝ 12ක් 3 දෙනෙක් අතරේ සමානව බෙදනවා කියල. ඒ කියන්නේ 12, ගොඩවල් 3කට සමානව වෙන් කරල, එක ගොඩක කීයක් තියෙනව ද බලන එක.  එතකොට අපි දන්නවා උත්තරේ 4යි කියල.

ඒත් තවත් වැදගත් විධියක් තියෙනවා බෙදීම ගැන හිතන්න පුළුවන්. ඒ තමයි, තුනේ ගොඩවල් කීයක් 12 තුළ තියෙනව ද කියල බලන එක. එතකොට කරන්න තියෙන්නේ, තුනේ ගොඩවල් ගහන එක. ගොඩවල් එනවා 4ක්. එක තමයි උත්තරේ.

මෙතැනදී ජේම්ස් කලපනා කරනවා ඉස්කෝලේ කොහොම ද බෙදීම කළේ කියල. “අම්මෝ දීර්ඝ බෙදීම!” ජේම්ස්ට එක පාරට මතක් වුණා.

“දීර්ඝ බෙදීම නම් මට හරිම ප්‍රෙහේලිකාවක්. මොනවද කරන්නේ කියල හරියට තේරෙන්නේ නෑ. ඒක ලියන විදියත් හරි අමුතුයි. පියවර ගොඩක් තියෙනවා කරන්නත්. උත්තරේ නම් එනවා. එත්, මොකද වෙන්නේ කියල නම් මට කිසිම අදහසක් නැ”.

අනිත් කාරණාව තමයි, එකතු කිරීමේ දී යි, අඩු කිරීමේ දී යි, ගුණ කිරීමේ දී යි වගේ නෙමෙයි, දීර්ග බෙදීමේ දී පටන් ගන්නේ වම් පැත්තෙන්.

“කොහොමහරි එහෙම  එහෙම කරන්නේ ඇයි කියන හේතුවත් සොයා ගන්න ඕනෑනෙ.”

බෙදීමේ ගාණනක් හදල බලනවා බෙදීමේ තේරුම ගැන විතරක්  හිතල.

මම බෙදනව 276, 12න්.

ඒ කියන්නේ මොනවා හෝ 276ක් තියෙනවා, ඒකෙ 12 ගොඩවල් කීයද කියල බලන්නයි ඕනෑ. 12, 4න් බෙදනවා වගේ ලේසි නෑ ඒක. ජේම්ස් තිත් ගොඩාක් තියාගෙන තියාගෙන ගියා 276ක් වගේ වෙන්න. ඊට පස්සේ රවුම් කරා 12 ගොඩවල් කිහිපයක්.

එයාට ඕනෑ වුණේ බෙදීම කියන සංකල්පය හොඳට ඔලුවට ගන්න. එයා දන්නවා, එහෙම වෙන්න නම්, සරලම මට්ටමට ගිහින්, තමන්ගේ අත් දෙකෙන්ම බෙදීමේ නියම ක්‍රියාවලියක යෙදෙන්න ඕනෑ කියල. එකයි ජේම්ස් එහෙම කළේ.

“මෙහෙම කරන්න ගියොත් දවසම යයි. ඒත් මේක තමයි මූලික අදහස බෙදනවා කියන එකේ.”

276යේ ගොඩක, 12 ගොඩවල් හොයනවා කියන අදහස අරගෙන මම දැන් මේ බෙදීම කරන්න ඕනේ පිපිරෙන බෝල යන්ත්‍රයත් එක්ක! ජේම්ස් හිතුවා.

ඒක වෙන්නෙ කොහොමද කියලා අපි වීඩියෝවෙන් බලමු.

Ph.D. Visiting Student Adviser- University of Colombo, Chief Mathematics Coordinator- Lyceum International School The Global Math Project Simon Fraser University, BC, Canada

FREE Shipping on orders over Rs.1500/= Dismiss