SciTech Publishing Corporation (Pvt) Ltd.
Technology

බලශක්ති ගැටලුවට බැටරිවලින් විසඳුමක්!

 

බලශක්තිය යනු ඔබට මට මෙන්ම මුළු ලොවටම අත්‍යවශ්‍ය දෙයක්. බලශක්ති නිෂ්පාදන ක්‍රම කොතෙකුත් තිබුණත් අවශ්‍ය මොහොතේ දී එය ලබාගැනීම සඳහා ගබඩාකර තැබීම ඉතා වැදගත්.

මේ සඳහා ගබඩා විධික්‍රම හා උපාංගවල දැඩි අවශ්‍යතාවයක් පවතිනවා. ඒ කියන්නේ බලශක්තිය පිලිබඳ නෙත් යොමුකරද්දී මූලිකවම කරුණු දෙකක් ගැන සොයා බැලිය යුතු වෙනවා. එනම් බලශක්ති උත්පාදනයත් ගබඩා කිරීමත් යන කරුණු දෙක. කොපමණ බලශක්තිය නිෂ්පාදනය කළත් ඒවා ගබඩා කර තබා ගැනීමට නොහැකි වුව හොත් උත්පාදිත බලශක්තිය සියයට සියයක් පාවිච්චිකිරීමට අපට නො හැකි වෙනවා. විශේෂයෙන්ම බලශක්ති උත්පාදන ක්‍රම දෙස බලද්දී සම්මතය වෙන්නේ පරිසර හානි අවම වන ක්‍රම යොදා ගැනීමයි. ඒ වගේම විකල්ප බලශක්ති ගැන ද අනාගත බලාපොරොත්තු ඇතිවෙලා තියෙනවා. සුළං හා සූර්ය බලශක්තියෙන් විදුලිබලය නිපදවීමේ දී ඇතිවන ගැටලුව වන්නේ සූර්ය එළිය වගේම සුළං තත්ත්ව පවත්නා විට ජනනය කරගන්නා බලශක්තිය අඛණ්ඩ සැපයුමක් සඳහා යොදා ගන්නේ කෙසේ ද යන්නයි. ඒ සඳහා අවශ්‍යයෙන්ම ගබඩා කර තබාගන්නා ක්‍රමවේදය මත සැපයුම් අඛණ්ඩතාවය රඳා පවතිනවා.

ඉතින් විදුලිය ගබඩාකරණ ක්‍රම ගැන කතා කරද්දී ප්‍රධාන ක්‍රම කීපයක් තිබුණත් රසායනික ක්‍රමයක් මගින් විදුලිය ගබඩාකර තබා ගන්න ක්‍රමවේදයක් ගැන අහද්දී අප කාගේත් මතකයට නැගෙන්නේ විද්‍යුත් කෝෂ නැතිනම් බැටරි ගැනයි. බොහෝ විට ලොවපුරා ජංගම විදුලි උපාංග බලගන්වන්නට විශාලවශයෙන් නැවත ආරෝපණය කළහැකි බැටරි යෝදා ගැනුණත් යම් රටක ජාතික විදුලිපද්ධතියට සම්බන්ධවන බැටරි පද්ධතියක් ගැන ඔබ අසා තිබෙනවා ද?

එත්, දකුණු කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ හි සාර්ථකව ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ වන පරිද්දෙන් බැටරි ‘ෆාම් එකක්‘ ඉදිකරලා තියනවා. 2016 දෙසැම්බරයේ සිටයි මෙය එරට ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ කළේ.  අක්කර 1.5ක් පුරාවට පැතිර පවතින මේ බැටරි ෆාම් එකේ ශීතකරණයක ප්‍රමාණයකට වඩා මදක් විශාල ලෝහ පෙට්ටි 400ක් පමණ අඩංගු වෙනවා. මෙම ව්‍යාපෘතිය ලෝකප්‍රකට බැටරි නිපදවන්නකු වන ටෙස්ලා ආයතනය සිදු කළත්, සමස්ථ ව්‍යාපෘතිය එඩිසන් සමාගම සතු වෙනවා.

පැයකට මෙගාවොට් 20 බැගින් උපරිම පැය හතරක් දක්වා ඒ කියන්නේ මෙගාවොට් 80ක විසර්ජන හැකියාවක් මේ බැටරි පද්ධතිය සතු වෙනවා. එයින් හයිබ්‍රිඩ් රථ 15,000ක් බලගන්වන්නට හැකිවාක් මෙන්ම නිවාස 15,000ක පමණ විදුලි ඉල්ලුම සපුරාලන්නටත් ඊට පුළුවන්.

සන්තියාගෝවේ ද මෙවැනි ම ලිතියම්-අයන් බැටරි පද්ධතියක්  සැම්සුං බැටරි යොදාගෙන නිම කළ ද එහි ධාරිතාව වූයේ මෙගාවොට් 37.5ක් පමණයි. එහෙත් එය 2020 දී මෙගාවොට් 100ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා.

ලිතියම්-අයන් බැටරිය මුල දී මිලෙන් අධික වුණත් පැනසොනික්, ටෙස්ලා හා සැම්සුන් වැනි යෝධ ව්‍යාපාර නව නිෂ්පාදන ක්‍රම උපයෝගී කරගනිමින් විශාල වශයෙන් බැටරි නිපදවීම නිසා නිෂ්පාදන පිරිවැය අවම වී විකුණුම් මිල අවම තත්වයකට පත් වී තියෙනවා. යුරෝපීය රටවල පසුගිය දෙවසර තුළ සියයට 70කින් පමණ මේවායේ මිල අඩුවු බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ටෙස්ලා ආයතනය ඔවුන්ගේ විකුණුම් මිල තවත් සියයට තිහකින් පමණ අඩු කරන්නට බලාපොරොත්තු ‍වෙනවා. ඒ සඳහා ඔවුන් උපායමාර්ගික වැඩපිලිවෙලක් යොදාගෙන තියනවා. ඒ තමයි නෙවාඩාහි ඉදිකරන ලෝකයේ විශාලතම බැටරි නිෂ්පාදන කර්මාන්තශාලාව. මේ කර්මාන්ත ශාලාවට ඔවුන් කියන්නේ “ගිගා ෆැක්ටරි” කියලයි.

බැටරි තාක්ෂනයේ දී ධාරා ඝනත්වය, ශක්ති ඝනත්වය, විසර්ජන හැකියාව,අවමයෙන් ස්වයංවිසර්ජනය, ශක්තිය මුදා හැරීමේ සීග්‍රතාව, ඉක්මන් ආරෝපණ කාලය වගේ කරුණු ගැන අවධානය යොමු වෙනවා. ඒත් ලොකුම දේ තමයි ගිනිගැනීම්වලින් ආරක්ෂා වීම.

ක්‍රියාකාරී අවස්ථාවේ දී බැටරියක රසායනික ශක්තියත් විද්‍යුත් ශක්තියත් අතර වන ශක්ති පරිවර්තනය නිසා තාප ශක්තිය හටගන්නවා. එම තාප ශක්තිය අවමකිරීමට නොයෙකුත් ක්‍රම යෝදා ගැනෙනවා. පරිවාරක යෝදා ගැනීමත් ඉලෙක්ට්‍රොනික මෘදුකාංග හරහා තාපය පාලනය කිරීමත් ඉන් ප්‍රධානයි. ටෙස්ලා ආයතනය පසුගිය දශකය ඔස්සේ තාක්ෂණය යොදා ගෙන ආරක්ෂාකාරී බැටරි නිපදවනු ලැබුවා. විශේෂයෙන් හයිබ්‍රිඩ් වාහන බලගන්වන බැටරි. එහෙත් ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ ඉන් ඔබ්බට පියවර තබා විශාල බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා තම දායකත්වය සැපැයීමටයි.

හවායි හි කුවායි දුපත්වලත් උතුරු කැරොලිනාවෙත්, නවසීලන්තයේ වගේම එක්සත් රාජධානියේ ද මෙවැනි මෙගා බැටරි පද්ධති ඉදිකර තියෙනවා. ලෝකයේ ලොකුම ‘බැටරි ෆාම්‘ පද්ධතිය ඔස්ට්‍රලියවේ දී නිපදවීමට ටෙස්ලා ආයතනය දැනටමත් අරඹා ඇති අතර එහි ඉදිකිරීම් මේ දෙසැම්බරයේ නිමකිරීමටයි ඔවුන්ගේ බලාපොරොත්තුව.

මේ සේරම දේවල් කරන්නේ ලිතියම් අයන බැටරි යොදා ගෙන වුවත් ඉදිරියේ දී ලිතියම් අයන බැටරිවල තාක්ෂණය ද වෙනස්වන්නට ඉඩ තියෙනවා. ලිතියම් අයන බැටරිවල කාර්යක්ෂමතාව වැඩිකරමින් දැනටමත් ලිතියම් පොලිමර් බැටරි යම් යම් උපාංග බලගැන්වීමට යොදා ගන්නවා. ලිතියම් පොලිමර් බැටරිවලට පුළුවන් අධික ජවයක් ලබාදෙන්නට. මේවායේ ශක්ති ඝනත්වය සාපේක්ෂව ඉහළයි. ලිතියම් අයන බැටරිවලට සාපේක්ෂව ස්වයං විසර්ජනය, ඒ කියන්නේ පාවිච්චි නොකරන අවස්ථාවේ දී ඉබේටම බැටරි බහින ගතිය, බෙහෙවින් අඩුයි.

සමහරවිට වෙනස්ම බලශක්ති ගබඩා කළ හැකි තාක්ෂණයක් හා උපාංග ද අනාගතයේ ඇතිවන්නට පුළුවන්. කෙසේවෙතත් අපිට අකුණුවලින් ක්ෂනිකව ලැබෙන බලශක්තියත් හිරු එළියෙන් ලැබෙන අසීමිත බලශක්තියත් ගබඩාකරණ විධික්‍රියා සොයාගන්නට හැකි වෙතොත් විද්‍යාවේ නව අන්ත ජයග්‍රහණය කරන්නට පුළුවන් බව නො අනුමානයි.

Dr. Rathgamage Chinthaka Lakshman De Silva who’s alma mater was Royal College Colombo-7 is currently serving as a Research Scientist at the Industrial Technology Institute-Colombo7, functioning under the Ministry of Science Technology and Research. He acquired his Ph.d in Condensed-matter Physics from the University of Colombo where his research area was power and energy - development of cathode materials for rechargeable Sodium-ion batteries. Dr. De Silva possessed his Master of Philosophy degree in Physics in the year 2010 from the Open University of Sri Lanka on ‘Nano composite semiconductor materials’. Publishing his research work through many abstracts and Journals Dr Chinthaka’s research areas concentrated to Physics with Rechargeable batteries, Dye sensitized solar, Graphene synthesis and application, Fourior transformation Infrared Spectroscopy, SEM techniques and electron kinetics. His current major research project contributions are… 1. Further work on production of high quality graphene based materials from local graphite for high tech applications – NRC funded project 2. Reduction of vehicle exhaust emission by nano particle supported adsorption media- Treasury Grant funded. 3. Effective removal of heavy metals and organics from the waste water using TiO2 loaded graphene oxide prepared using local raw materials: A synergistic effect of adsorption and degradation, with University of Jaffna – Funded by University Grant Commission. His works on Development of a test method to determine DCD in milk powders at trace levels using FTIR-ATR technique brought a national concern with case revealing. Collaborative research was done on Novel Mid Infra Red (MIR) / Fourier Transformation Infra Red Spectroscopic (FTIR) Method to quantify Genetically Modified Organisms (GMO) in food commodities at International Center for Chemical and Biological Sciences (ICCBS),Karachchi, Pakistan. He was also contributing for the tests to produce reports to the government on national issues such as DCD and Plastic rice. Development of a test method to determine kerosene adulteration in diesel was also one of his contributions. As a Science writer Dr Chinthaka’s science articles in national newspapers found popular among science readers. Obtaining the degree of Commonwealth Executive Master of Business Administration (CE MBA) in year 2011 Dr Chinthaka is also a management practitioner and a consultant where he works as a visiting lecturer to the Department of management, Faculty of Humanities and social sciences-OUSL. Also his contribution sprayed to many paths such as being a Paper panel Examiner to Institute of Charted Accountants of Sri Lanka (ICASL), Trainer-Government Institute of local governance (SLILG), institute for construction training and development ICTAD, Centre for Habitat planning & Development, Institute of Bankers Sri Lanka and Mahaweli authority. Also he has served as the Service Manager to Dewalt and Black & Decker power tools (South Asian region) before he served at the Department of Physics of the Open University of Sri Lanka. He contributes knowledge to uplift the local entrepreneurs to promote for national export sector by working with Export development board and ‘Vidatha’ centers. Organizing and disseminating his knowledge Dr De Silva has organized large number of scientific workshops and programs by working jointly with other governmental institutions. Dr Chinthaka has hold many leading positions in science committees & organizations which include being the General Secretary of Institute of Physics of Sri Lanka in 2015,President E1/SLAAS and General Secretary of SLAAS 2018.

FREE Shipping on orders over Rs.1500/= Dismiss