SciTech Publishing Corporation (Pvt) Ltd.
Physics

කාලය මායා වී – මරණය සේයා වී _ මරණය ගැන විද්‍යාත්මක අර්ථදැක්වීමක්!

මරණය ගැන මතක් කළ සැනින් අපට දැනෙන්නෙ භීතියක්! ඒත් එය, මිහිරි හෝ අමිහිරි අත්දැකීමක් දැයි යන්න අප කිසිවෙකුත් දන්නේ නැහැ. අප අතරින් කෙනෙකු වියෝ වූ විට දැනෙන කම්පාව නම්, හොඳින් ම අපට දැනෙනවා. ආගමානුකූලව විවිධ අර්ථ දැක්වීම් මරණය ගැන තිබෙනවා වුණත් මරණයෙන් සියල්ල ඉවරයි කියන එකනෙ පොදු හැඟීම‍.

එහෙත් මරණය යන්නෙන් භෞතික විද්‍යානුකුලව ගත් කල වෙනස් විග්‍රහයක් තියෙනවා කියල ඔබ දැන නොසිටින්න ඇති. සැබැවින්, මරණය කියලා දෙයක් භෞතික විද්‍යාවේ නෑ. ඒ කියන්නේ අපි කව්රුත් අමරණීයයි කියන එකද? මරණය ගැන කතාකරත් දී කාලය කියනදේ ගැන මුලින්ම සොයා බැලිය යුතු ‍වෙනවා. බොහෝ විද්‍යාඥයන් කාලය සම්බන්ධව එකම අදහස ගම්‍ය වන මත ඉදිරිපත් කරලා තියෙනවා.

නූතන භෞතික විද්‍යාවේ සමාරම්භකයෙක් ලෙස සැලකෙන අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය දෙස නෙත් යොමු කළ විට, අතීතය වර්තමානය හා අනාගතය කියල දෙයක් නැතැයි පැහැදිලි වෙනවා. ජුලියන් බාර්බෝර් නම් භෞතික විද්‍යාඥයා පැවසූවේ යම් කෙනෙක් කාලය අතින් අල්ලන්න හැදුවොත් ඇඟිලි අතරින් ලිස්සා යනවයි කියල. කාලය යනු සැබවින් ම මායාවක් පමණයි. එය අතීතය, වර්තමානය, අනාගතය, කියල කොටස් තුනක් ලෙස පැහැදිලිව වෙන් කරන්නට බැරි මායාවක් නිසයි. ඇත්තෙන්ම තියෙන්නේ යම් මොහොතවල දම්වැලක් නැත්නම් ‘වර්තමාන‘ පේලියක් විතරයි. එබැවින් අප ජීවත් වෙන්නේ වර්තමාන අනුප්‍රාප්තික අතරේ කියල කියන්නත් පුළුවන්. ඒ නිසා අතීතයක් වත් අනාගතයක් වත් කියල එකක් ඇත්තෙන්ම නෑ කියන එකයි මේ භෞතික විද්‍යාඥයන්ගේ මතය. කළුකුහර ගැන කල්පිතය ඉදිරිපත් කළ, අයින්ස්ටයින්ගේ සමීපතමයෙකූ වූ භෞතික විද්‍යාඥ ජෝන් වීලර් කිව්වෙත් යතාර්ථයේ මූලික කොටස කාලය නො වේය කියලයි.

‘ඩිලේ චොයිස්’ කියන පර්යේෂණ ප්‍රතිඵලය ක්වෝන්ටම් භෞතික විද්‍යාඥයන්ටත් මුළු ලොවටමත් සැඟවුණ විශ්මිත රහසක් එක්වරම හෙළි කළා.

සිහින් දිගටි කවුළු දෙකක් තුළින් ආලෝක (ෆොටෝන) ධාරාවක් ඊට ඉදිරියෙන් තබා ඇති තිරයක් මතට එල්ලකිරීමයි මෙහි දී සිදු වුණේ. ආලෝකය ෆෝටෝන අංශු ලෙස පවතීනම් ද කවුළු අතරින් අංශු ගමන්කරයි ද නම් තිරයේ ස්ථාන දෙකක අංශු පතිත වූ පැල්ලම් දිස්විය යුතුයි. එය හරියට කවුළු දෙකක් පිටුපස තිරයකට කවුළු හරහා යන ලෙසට තෙමුන බෝලවලින්න් දමා ගැසුවිට කවුළුවලට අනිත් පැත්තේ ඇති තිරය මත පැල්ලම් කලාප දෙකක් ඇතිවෙන්න ඕන වගේ. ඒත් ඒ වෙනුවට තිරය මත දැකගන්නට ලැබුණේ තරංග මාලාවක් එකිනෙක නිරෝධනයෙන් ඇතිවුණා හා සමාන කළු සුදු සිරස් කදම්බ පේලියක ආකෘතියක්. තනි අණුවක් ලෙස කවුළුව කරා එන ඒකීය අණුවක් කවුළු දෙකෙන්ම එකවර යන්නේ කොහොම ද?

මේ නිරීක්ෂණය භෞතික විද්‍යාඥයන්ට ලොකු ගැටලුවක් වුණා. හිතාගන්නත් බැරි විශ්මයක්. මෙහිදී තීරණය වුණේ අංශුව නිකුත් කරන අවස්ථාව නිරීක්ෂණය නො කර කවුළුවෙන් පසු තිරය වෙත යන මොහොත පමණක් නිරීක්ෂණය කිරීමටයි. එනම් ඇස් වසාගෙන සිටිද්දී ෆොටෝන තරංගක් විදිහටත් ඇස් ඇර බලද්දී අංශු ලෙසත් පෙනෙන බවටත් සොයා ගත්තා. වෙනත් විදිහකින් කියනවා නම් ඔබ සඳ දෙස නො බලන තාක් කල් සඳක් නො පවතින බවයි. නිරීක්ෂකයා මත තමයි නිරීක්ෂණය රඳා පවතින්නේ. මෙයින් තවත් දෙයක් ගම්‍ය වුණා.  ඒ තමයි ආපස්සට ගිහින් ෆෝටෝන නම් වූ ආලෝක අංශුවවේ අතීත අවස්ථාව වෙනස් කරන්නට වර්තමාන අවස්ථාවට හැකියාවක් තියනවා කියන සංකල්ප ය.

මේ හා බැඳුන තවත් පර්යේෂණ තහවුරු කරනවා කාලය යනු හුදු මයාවක්ම බව. එහෙම නම් මරණයට මෙහි ඇති සම්බන්ධය කුමක් ද?

ප්‍රවීණ හා ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ වර්නර් හයිසෙන්බර්ග් පැවසූයේ අප දකින හෝ අත්දකින සෑම දෙයක්ම සුලි සුලඟක් මෙන්  සිදුවෙමින් පවතින, අපේ ඔලුවේ රඳවන් ඉන්න තොරතුරු ගොඩක් කියල.

අපේ මනස බාහිර සිතුවිලි ගොඩක සිර වූවක් නොව අවකාශයත් කාලයත් උපකරණ ලෙස යොදා ගෙන විඥ්ඥාණ සිතිවිලි ගොඩනගන්නක් බව ඔහු පැවසුවා.

දැන් මෙය කියවන ඔබ සිටින්නේ ඔබේ ආච්චි අම්මාගේ අනාගතයේ නේද? ඇගේත් ආචිචිඅම්මා සිටින්නේ ඔබේ ආච්චිඅම්මගේ අතීතයේ නොවේ ද? ඉදින් අතීතය හා අනාගතය කියන්නේ නිකම්ම නිකම් වචන දෙකක් වුණත් එය තනි නිරීකෂකයාට සාපේක්ෂ අදහසක් ඉදිරිපත් කරනවා.

මේ විදියට බලද්දී ඔබේ ආච්චිගේත් ආච්චිට මොකද වුණේ, මරණයෙන් මතු? කාලයක් කියන දෙයක් ඇත්තටම නො පවතිනවා නම් මරණයෙන් පසු කියන දේ ගැන අපිට කතා කරන්නට බෑ. සෑම දෙයක්ම වර්තමානය වන නිසාත් ඇගේ ශක්තිය වියැකී යන්නට නිරපේක්ෂ අවකාශ කාලයක් පවතින්නේ නෑ. ඇයට වෙන කොහෙවත් යන්නට ඉඩ ප්‍රස්ථාවකුත් නෑ.

පැරැණි සංගීත ග්‍රැමෆෝන් තැටියක් සලකන්න. එක්තරා මොහොතක දී එහි ගබඩා කර ඇති දත්ත ත්‍රිමාන යතාර්ථයක් ලෙස අපි අත්දකින එක තමයි තැටිය වාදනය කරද්දී වෙන්නේ. අසන ලද හෝ අත්දකින ලද ගීත අතීතය ලෙසත්, මේ මොහොතේ සවනට වැකෙන ශබ්දය වර්තමානය ලෙසත්, ඉදිරියට අහන්න තියෙන ගීත අනාගතය ලෙසත් නේද අපි හඳුනා ගන්නේ. හැබැයි මේ ඔක්කොම තැටියේ ඕනෑම වෙලාවක අඩංගු දේ නේද? එහෙනම් අතීතයක් වත් අනාගතයක් වත් කියල දෙයක් තියෙන්න පුලුවන්ද? මෙන්න මේ කාරණය හින්දා තමයි මේවා වර්තමාන සිදුවීම් මාලාවක් අධිස්ථාපනය (Superimpose) වෙනව කියල භෞතික විද්‍යාවේ දී විග්‍රහ කරන්නේ.

ඔන්න ඔයවගේ අපේ මරණයට පෙර අවස්ථාවත් ඒ කියන්නේ මේ ජීවත්වන වර්තමානයත් මතකයත් පෙළගැස්වුණු අවස්ථා මාලාවත් මේ වගේම අධිස්ථාපනය වෙනවා. ඒකත් හරියටම තොරතුරු ගබඩා වී ඇති ග්‍රැමෆෝන් තැටියක් වගෙයි.

මේ සියලු දෙයින් කියැවෙන්නේ මරණය කියා දෙයක් නො පවතින බවයි. කය මිය ගියත් සිත කයෙන් පිට අවකාශ කාලයේ පවතිනවා. අපේම සිතිවිලි මාලාවේ මායිමට අප පැමිණීමයි මරණය කියන්නේ. එහෙම නම් අපට අපිව ම සොයා ගත හැක්කේ කොතැනක දී ද? මෙය කණපිට හැර වූ දෙයක් යළි හොද පිටත් යළිත් කනපිටත් හරවනවා වැන්නක් බව ප්‍රකාශ වෙනවා.

 

අයින්ස්ටයින් මෙය හොඳින්ම අවබෝධ කරගෙන සිටි බවට සාධක ති‍යෙනවා. අයින්ස්ටයින්ගේ දිගුකාලීන මිත්‍රයකු වන මයිකල් බැසෝ 1955 දී මිය ගිය විට අයින්ස්ටයින් පොතක යම් සටහනක් තැබුවා. එහි කියැවුණේ මේ අමුතු ලෝකෙන් ඔහු මට ටිකක් ඉස්සෙල්ල අයින් වුණා කියලයි. ඒ කියන්නේ මුකුත් නෑ. භෞතික විද්‍යාව විශ්වාසකරන හදුනන අය දන්නවා අතීතය වර්තමානය හා අනාගතය අතර වෙනස. මරණය යනු හිතුවක්කාරව ඉස්මතු වන මායාවක් බවත් එහි තව දුරටත් සටහන් වුණා.

 

ක්වොන්ටම් විද්‍යාවේ කියැවෙන තවත් විශ්මිත දෙයක් වන්නේ, යම් අණුවක් විශ්වයේ කොහේ හෝ පවතින විට ඊට අනුබද්ධව හා කේන්ද්‍ර කරගෙන විශ්වයේ තවත් තැන්වල එකකට එකක් සම්බන්ධ සිදුවීම් වෙන්න පුළුවන් බවයි. කොටින්ම කියනවා නම් යම් සිදුවීමකට හේතුව විශ්වයේ කොහේට හෝ සම්බන්ධයක් තියෙන්නට පුළුවන්. සමාන්තර විශ්ව පවතිනවා කියල ගණිතයෙනුත් ඔප්පු වෙනවා.  විශ්වයේ යම් තැනෙක සිදුවීමක් තවත් සමාන්තර විශ්වයක සිදුවීමකට සම්බන්ධයක් තියනවා කියලයි මේ කියන්නේ. එහෙනම් කයෙන් මැරෙනවා කියන විටක දී  ඒ කෙනාගේ මනස වෙනත් විශ්වයක් හා සම්බන්ධව සමහර විට ඒ කෙනාම කොහේ හෝ තවමත් ජීවත්ව සිටින පුද්ගලයකු ද වන්නටත් පුළුවන්.

මරණ මොහොතේ අත්දැකීම් ගැන කියන අයනම් කියනවා බටයක් වගෙ එකක් ඇතුළින් ගිය බව හා සැහැල්ලුවක් දැනුන බව. එහෙම කිව්වම ගොඩක් අය කියන්නේ  ඒ යන්නේ දිව්‍ය ලෝකෙට වෙන්න ඇති කියලනේ.  භෞතික විද්‍යාවේ නම් පැවසෙන්නේ ඒක තවත් සමාන්තර විශ්වයකට සම්බන්ධ වූවක් කියලයි.

තවත් භෞතික විද්‍යාවේ එන කල්පිතයක් වන්නේ විශ්වය වරක් දෙකකට බෙදිලා ඒවා ද තවත් කොටස්වලට බෙදී ගොස් බහු විශ්ව බිහි වූ බව, හරියට රුපවාහිනියක් ඇතුළෙ තව රුපවාහිනියක් පේනවා වගෙයි. තවත් විදිහකට කියනවා නම් ඔබගේ ක්‍රියාවට එක එක පිටපත් (versions) ඇති වෙනවා එක එක බහු මාන විශ්වයන් හි දී. වෙන විදිහකින් කිව්වොත් ඔබට සම්බන්ධ වූ ඔබ වැනිම කෙනෙක් හෝ කීපදෙනෙක් මේ සමාන්තර වූ විශ්වවල සිටින්නට පුළුවන්. ඔබගේ සියලු සිතුම් ක්‍රියා ඒ සමග බද්ධ වෙනවා. ඔබ මිය ගියත් ඔබේ කොපි පවතින්න පුළුවන් කියන එකයි ඉන් ගම්‍ය වන්නේ. කෙසේ වෙතත් දැනට සොයා ගෙන තියනවා කොන්ටම් ප්‍රමාණයෙන් දත්ත ගබඩා කරන්න පුළුවන් ස්වභාවික යන්ත්‍රය මොළයයි කියල. කය නැවතුන විට දී මේ කොන්ටම් විඥ්ඥාන තරංග වෙනත් සමාන්තර විශ්වයකට බද්ධ වෙන්නට හැකියාව තියනවලු. රොජර් පෙන්රෝස් කියන බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥයාත් තවත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල කොන්ටම් ගණිත පරේෂකයනුත් සොයා ගෙන තියනවා සමාන්තර ලෝක සජීවී සම්බන්ධතා ගැන. විඥ්ඥානයට සම්බන්ධ දත්ත එකතු කර ගන්න ජීව සෛලවල ඇති ‘මයික්‍රෝටුබියල්’ කියල ප්‍රෝටීනයක් ගැනත් පර්යේෂණ පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් අප කවුරුත් කතා කරන  මරණින් පසු විඥ්ඥානය ගෙනියන ක්‍රියාවටත් කොන්ටම් ප්‍රමාණයෙන් මේ ප්‍රෝටීන ඉවහල් වන බවට සැක කරනවා.

ඉතින් සිත නොමැරෙන මරණය ගැන ඔහොම තමයි භෞතික විද්‍යාවේ දී කියැවෙන්නේ.

Dr. Rathgamage Chinthaka Lakshman De Silva who’s alma mater was Royal College Colombo-7 is currently serving as a Research Scientist at the Industrial Technology Institute-Colombo7, functioning under the Ministry of Science Technology and Research. He acquired his Ph.d in Condensed-matter Physics from the University of Colombo where his research area was power and energy - development of cathode materials for rechargeable Sodium-ion batteries. Dr. De Silva possessed his Master of Philosophy degree in Physics in the year 2010 from the Open University of Sri Lanka on ‘Nano composite semiconductor materials’. Publishing his research work through many abstracts and Journals Dr Chinthaka’s research areas concentrated to Physics with Rechargeable batteries, Dye sensitized solar, Graphene synthesis and application, Fourior transformation Infrared Spectroscopy, SEM techniques and electron kinetics. His current major research project contributions are… 1. Further work on production of high quality graphene based materials from local graphite for high tech applications – NRC funded project 2. Reduction of vehicle exhaust emission by nano particle supported adsorption media- Treasury Grant funded. 3. Effective removal of heavy metals and organics from the waste water using TiO2 loaded graphene oxide prepared using local raw materials: A synergistic effect of adsorption and degradation, with University of Jaffna – Funded by University Grant Commission. His works on Development of a test method to determine DCD in milk powders at trace levels using FTIR-ATR technique brought a national concern with case revealing. Collaborative research was done on Novel Mid Infra Red (MIR) / Fourier Transformation Infra Red Spectroscopic (FTIR) Method to quantify Genetically Modified Organisms (GMO) in food commodities at International Center for Chemical and Biological Sciences (ICCBS),Karachchi, Pakistan. He was also contributing for the tests to produce reports to the government on national issues such as DCD and Plastic rice. Development of a test method to determine kerosene adulteration in diesel was also one of his contributions. As a Science writer Dr Chinthaka’s science articles in national newspapers found popular among science readers. Obtaining the degree of Commonwealth Executive Master of Business Administration (CE MBA) in year 2011 Dr Chinthaka is also a management practitioner and a consultant where he works as a visiting lecturer to the Department of management, Faculty of Humanities and social sciences-OUSL. Also his contribution sprayed to many paths such as being a Paper panel Examiner to Institute of Charted Accountants of Sri Lanka (ICASL), Trainer-Government Institute of local governance (SLILG), institute for construction training and development ICTAD, Centre for Habitat planning & Development, Institute of Bankers Sri Lanka and Mahaweli authority. Also he has served as the Service Manager to Dewalt and Black & Decker power tools (South Asian region) before he served at the Department of Physics of the Open University of Sri Lanka. He contributes knowledge to uplift the local entrepreneurs to promote for national export sector by working with Export development board and ‘Vidatha’ centers. Organizing and disseminating his knowledge Dr De Silva has organized large number of scientific workshops and programs by working jointly with other governmental institutions. Dr Chinthaka has hold many leading positions in science committees & organizations which include being the General Secretary of Institute of Physics of Sri Lanka in 2015,President E1/SLAAS and General Secretary of SLAAS 2018.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

FREE Shipping orders over Rs.1500/= Dismiss