SciTech Publishing Corporation (Pvt) Ltd.
Biology

සංධිපාදකයන් ගැන නො සිතුවොත් – දවසක වන්දි ගෙවන්නට සිදු වේවි!

අමිල ප්‍රසන්න

ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වයෙන් අනූන නිවර්තන කලාපීය රටකි. අද දවසේ අභියෝගය වී ඇත්තේ එම විවිධත්වය ආරක්ෂා කර ගැනීමයි. පොදුවේ සත්ත්ව සංරක්ෂණය පිළිබඳ බහුලව කතාබහට ලක්වුව ද, සංධිපාදික සතුන් කෙරෙහි යොමු වී ඇත්තේ අඩු අවධානයකි. එනිසා මෙරට හමුවන සංධිපාදිකයන්  ආරක්ෂා කරගැනීම අරමුණු කරගත් වැඩසටහන් පෙළක ඇරඹුමක් ලෙස සංධිපාදිකයන්ගේ සංරක්ෂණය පිළිබඳ දේශනයක්, පරිසරය සහ සංධිපාදිකයන් සුරැකීමේ සංගමය (Association for Conservation of Environment and Arthropods – ACEA) මගින් පසුගිය දා කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සංවිධානය  කර තිබිණි.

දේශනය මෙහෙය වූ ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංගමයේ වත්මන් සභාපති, ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන සත්ත්වවේදී අමිල ප්‍රසන්න සුමනපාල මහතා සංධිපාදික සතුන්ගේ වත්මන් සංරක්ෂණ තත්වය පිළිබඳවත් ඒ වෙනුවෙන් අපට දායක විය හැක්කේ කෙසේද යන්න පිළිබඳවත් පුළුල් ලෙස කරුණු දැක්වූවේ ය.

“සංධිපාදිකයන් කියන්නෙ විශාල විවිධත්වයක් තිබෙන ජීවී කොට්ඨාශයක් මොවුන් ප්‍රධාන වර්ග (Classes) කීපයකට බෙදා වෙන් කර තිබෙනවා. ඒ අතරින් කෘමීන් සහ ඇරැක්නිඩාවන් (මකුළුවන් සහ ගෝණුස්සන්) ඉතාමත් වැදගත් වර්ග දෙකක්.  ඊට අමතරව ඉස්සන් සහ කකුළුවන් අයත් වන ක්‍රස්ටේෂියා වර්ගය (Class Crustacea), හැකරැල්ලන් අයත් වන ඩිප්ලොපෝඩා වර්ගය (Class Diplopoda) සහ  පත්තෑයන් අයත් වන කයිලොපෝඩා වර්ගය (Class Chilopoda) සංධිපාදික කාණ්ඩයට අයත් වෙනවා.  ශ්‍රී ලංකාව තුළ මේ සෑම කාණ්ඩයකම සැලකිය යුතු විවිධත්වයක් පවතිනවා ඒත් මෙම සතුන් පිළිබඳ පර්යේෂණ කෙරී ඇත්තේ ඉතාමත් අඩුවෙන්” යැයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.

සමනලයන් සහ බත්කූරන් වැනි කෘමීන් පිළිබඳව මෑත කාලීනව තරමක් දුරට සෑහිමකට පත්විය හැකි මට්ටමේ පර්යේෂණ ප්‍රමාණයක් සිදුවී ඇතත් අනෙකුත් කාණ්ඩ පිළිබඳ මීට වඩා අවධානයක් යොමු විය යුතු බව ඔහුගේ අදහස ය. මෙම සතුන්ගේ වාසස්ථාන විනාශ වී යෑම උන්ට ඇති ප්‍රධානම තර්ජනයකි. දිවයින පුරා මෙම සතුන් ව්‍යාප්ත වී ඇති ආකාරය, උන්ගේ වාසස්ථානවල ස්වභාවය පිළිබඳ නිසි තොරතුරු නොමැති වීම හේතුවෙන් සංරක්ෂණය වඩාත් අභියෝගාත්මක කාරියක් බවට පත් වී ඇත. එසේම මෙම සතුන් හඳුනා ගැනීම සඳහා ක්ෂේත්‍ර අත්පොත් නොමැති වීම ද කණගාටුවට කරුණකි.

සංරක්ෂණ කටයුතු විද්‍යාත්මක ප්‍රජාව සතු කාර්යයක් වුව ද ඒ වෙනුවෙන් අපට ද කළ හැකි යමක් ඇතැයි මෙහි දී අවධාරණය කැරිණි.

“අපිට පුළුවන් මෙම සතුන් සඳහා වඩාත් හිතකර වන ආකාරයට අප අවට පරිසරය සකස් කරන්න, ඒ සඳහා ගැලපෙන ආකාරයේ පැළ සිටුවන්න, ඒ වගේම හැකි සෑම අවස්ථාවකදීම මෙම සතුන් පිළිබඳ දැනුම්වත් වීමත් අනෙක් අය දැනුම්වත් කිරීමත් ඉතාමත් වැදගත්. මෙම සතුන්ගෙ ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු රැස් කරගැනීම සඳහා දායක වීමත් ඔබට කළ හැකි තවත් එක් කර්තව්‍යයක්, අද සෑම පුද්ගලයෙක්ම පාහේ  ඡායාරූප ගතහැකි ජංගම දුරකථන භාවිත කරනවා එම දුරකථනයකින් ජායාරූපයක් ලබාගෙන එය අපගේ දත්ත ගබඩා පවත්වා ගෙන යෑම සඳහා ලබාදිය හැකියි. මේ සඳහා නිර්මාණය වූ ෆේස්බුක් පිටු කීපයක්ම පවතිනවා. ඔබට මෙම පිටුවලට යොමු වී තොරතුරු ලබාදිය හැකියි” අමිල මහතා පවසා සිටියේ ය.

මෙම සතුන් ආරක්ෂා කරගැනීම එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පමණක් සිදු කළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා සැමගේම දායකත්වය අත්‍යාවශ්‍ය වේ. ඔබටත් පරිසරය සහ සංධිපාදිකයන් සුරැකීමේ සංගමයේ (Association for Conservation of Environment and Arthropods – ACEA) සාමාජිකත්වය ලබාගෙන මෙම වැඩකටයුතුවලට දායක විය හැකි ය. ඔබේ නම, ලිපිනය, වයස, දුරකථන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ රැකියාව/ඉගෙනුම ලබන පාසල හෝ විශ්වවිද්‍යාලය ඇතුළු තොරතුරු 0768790594 ට කෙටි පණිවිඩයක් හෝ Whatsapp පණිවිඩයක් එවීමෙන් සාමාජිකත්වය ලබාගත හැක. එසේම acea.official2k18@gmail.com වෙත ඉහත විස්තර ඇතුළත් විද්‍යුත් ලිපියක් එවීම මගින් ද ඔබට මෙම සංගමයට සම්බන්ධ විය හැක.

මෙම සතුන්ගේ ඡායාරූප පළකිරීමෙන් ඔවුන්ගේ ව්‍යාප්තිය සහ විවිධත්වය පිළීබඳ දත්ත ගොනුවලට දායක වීම සඳහා ACEA – Arthropod Fauna ID help group

https://www.facebook.com/groups/905466392866176/about/  වෙත පිවිසෙන්න.

සටහන: තාරක විජේරත්න

ඉහළ ඡායාරූපය: තාරක ගමගේ (නකල්ස් රක්ෂිතයේ දී හමු වූ සන්ධිපාදිකයෙක්)

 

This article has 3 comments

  1. Tharanga

    I appreciate this innitial attempt made by ACEA. This would enhance the knowledge and the understanding among people that even a small creature is important to the environment and they play a vital role in the environment. I wish many more success in future for the society.

  2. Amitha

    Great work guys keep it up

  3. Roshen

    All the best for your attempt Tharaka. Good luck in ACEA’s future endeavours.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

FREE Shipping orders over Rs.1500/= Dismiss