SciTech Publishing Corporation (Pvt) Ltd.
Astronomy

අන්තර්ජාතික තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගය මේ දිනවල ලංකාවේ…

විසිතුන් වැනි අන්තර්ජාතික තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගය 2018 ඔක්තෝබර් 06 වැනි දා සිට 14 වැනි දා දක්වා  කොළඹ දී පැවැත්වේ.

‘ඔලිම්පියාඩ්’ තරග බිහි වූයේ, පැරැණි සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ ආධුනික තාරකා විද්‍යාඥයන් සඳහා ය. එවැනි  අන්තර්ජාතික තරගයක් පළමු වරට සංවිධානය වූයේ, 1990-1991 දී ‘චර්නොගොලොව්කා’ විද්‍යා නගරයේ දී ය. එතැන් පටන්, භෞතික විද්‍යා, ජීව විද්‍යා, රසායන විද්‍යා, ගණිතය ආදී අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගවලින් ලද සාර්ථකත්වය මත තාරකා විද්‍යාව සඳහා ද ඔලිම්පියාඩ් තරගයක් ඇරැඹිණි.

ඒ අනුව, අන්තර්ජාතික තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගය (The International Astronomy Olympiad – IAO) 1996 වසරේ සිට මේ දක්වා ම වාර්ෂිකව පැවැත්වේ. සහභාගිවන්නන් අතර පැවැත්වෙන බුද්ධිමය තරගය මෙහිලා ප්‍රධාන වන අතර එයින් අරමුණු කැරෙන්නේ නිර්මාණශීලිත්වය, පරිකල්පනය සහ තාරකා විද්‍යාව හා පොදුවේ විද්‍යාව කෙරේ ඇති උනන්දුව වර්ධනය කිරීමයි.

මෙවැනි අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගයක් ලංකාවේ දී පැවැත් වෙන්නේ පළමු වැනි වතාවට ය.

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු සඳහා පහත වෙබ් අඩවිවලට පිවිසෙන්න.

http://www.issp.ac.ru/iao/

 

FREE Shipping on orders over Rs.1500/= Dismiss