SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Science

විද්‍යා මාධ්‍යවේදීන් සඳහා සංගමයක්!

ශ්‍රී ලංකාවේ විද්‍යා මාධ්‍යවේදීන් සඳහා සංගමයක් පිහිටුවා ගැනීම අරමුණු කර ගත් මූලික සාකච්ඡාවක් ඊයේ (2018-10-17) කොළඹ 07, විද්‍යා මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. ඒ සඳහා විද්‍යා සංනිවේදනයේ යෙදී සිටින, මාධ්‍යවේදීන්, විද්‍යාඥයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී, එවන් සංගමයක මුහුණුවර කෙසේ විය යුතු දැයි සාකච්ඡාවට බඳුන් වූ අතර ඒ සඳහා වූ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටත්, ඊ ළඟ හමුවේ දී ඒ පිළිබඳ වැඩි දුර සාකච්ඡා කිරීමටත් තීරණය විය.

 

%d bloggers like this: