SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Health/Medicine

කොහොම ද කෝවිඩ් පැතිරෙන්නේ කෙලෙස ද ඉන් ඔබ ගැලවෙන්නේ?

කෝවිඩි-19 යනු මිනිසා තුළ ප්‍රථම වතාවට හඳුනා ගැනුණු නව කොරෝනා වයිරසයක් හේතුවෙන් ඇතිවන බෝවන රෝගයකි.

ආසාදිත පුද්ගලයෙකු කතා කරන විට, කහින විට හෝ කිවිසන විට, පිටවන බිඳිති මගින් ප්‍රධාන වශයෙන් එම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරේ.

මෙම බිඳිති, අසල සිටින ජනයාගේ කට හෝ නාසය මත පතිත වීමට පුළුවන.

මේවා වාතයේ වැඩි දුරක් යෑමට බර වැඩි ය. ආසන්න වශයෙන් මීටරයක් පමණක් ගමන් කර, විගස පෘෂ්ඨය මත තැන්පත් වේ.

ප්‍රධාන වශයෙන් ම සමීප ඇසුරක් සිදුවන අතරතුරේ දී, පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙය පැතිරෙන්නේ මේ හේතුව නිසා ය.

පෘෂ්ඨ මත වයිරස නො මැරී පවතින නිශ්චිත කාලය තවමත් නො දනී.

එබැවින්, වෙසෙසින් ම කෝවිඩ්-19 ආසාදිත ජනයා ආසන්න වපසරිය මතුපිට නිරතුරු පිරිසිදු කිරීම නුවණට හුරු ය.

දෑත් බොහෝ පෘෂ්ඨ ස්පර්ශ කරන නිසා, වයිරසයෙන් දූෂ්‍ය වීමට පුළුවන.

එබැවින් ඔබ ඔබේ ඇස්, නාසය හා කට ඇල්ලීමෙන් වැළකිය යුත්තේ, දූෂ්‍ය අත්වලින් වයිරසය පෘෂ්ඨයේ සිට ඔබ වෙත මාරුවිය හැකි නිසා ය.

කහින විට හෝ කිවිසන විට ඔබේ වැලමිට නැමුමෙන් කට හා නාසය ආවරණය කරන්න, නැතිනම් වරක් භාවිත කර ඉවත දැමිය හැකි පිසනයක් පාවිච්චි කරන්න.

පිසනයක් භාවිත කළේ නම්, වහාම එය වසා තැබිය හැකි බඳුනකට ඉවතලන්න.

නව කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීමේ  වඩා සඵල ආකාරය වන්නේ, මද්‍යසාර මූලික දෑත් පිරිසිදුකාරකයක් හෝ සබන් හා වතුර යොදාගනිමින් නිරතුරුව ඔබේ දෑත් පිරිසිදු කිරීමයි.

වයිරසය ඔබේ දෑත් මත ඇත්නම් එමගින් එය ඉවත් කරාවි. කෝවිඩ්-19 පැතිරවීමෙන් වැළකී, සෞඛ්‍ය සම්පන්නව සිටින්න.

වැඩිදුර තොරතුරු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියට පිවිසෙන්න. https://www.who.int/srilanka/covid-19

%d bloggers like this: