SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Author: පියල් ආරියනන්ද

පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 38

මොලීගේ දුරකථන තිරයේ සටහන් වූයේ වොෂිංටන් බෞද්ධ විහාරයේ වැඩ වාසය කරන හිමි නමකගේ පින්තූරයක්. ඒ අන් කිසිවකුගේ නොව.... මඩකුඹුරේ අත්ථදස්සි හිමියන්ගේ... “ඔව්.... මගේ රුධිරය හා සමානවම පිරිසිදු රුධිරයක් අත්ථදස්සි හිමියන්ගේ ශරීරයෙත් තියෙනවා. ඒ අපි දෙදෙනාම අනුගමනය කරන එක්තරා පිළිවෙතක් නිසා.” “ඒ මොකක්ද ඒ?........” වෛද්‍ය අධ්‍යක්‍ෂවරයා…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 37

විශ්ව සිටි කාමරයට කඩා වැදුනේ ඔහු සිහිනෙකින්වත් නොසිතූ නමුත් තමන් හොඳින්ම දන්නා හඳුනන පිරිසක්. ජනරාල් වෙලිංටන්, අද්මිරාල් බවර්, මොලී, ගීතිකා, සහ රෝහලේ අධ්‍යක්‍ෂක යන සියලු ම දෙනා විශ්ව රැඳී සිටි කාමරයට පැමිණියා. විශ්වට එය අමුත්තක් නොවුණත්, සේවයේ යෙදී සිටි හෙදිය විශ්මයෙන් ගල් ගැසුණා. තමන් සේවයේ…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 36

“දැන් මේකයි ජිම්... අපට වෙන්න ඕන ඉතා වේගයෙන් අවම වශෙයන් ඝන මීටර පහක පරිමාවක වාතය අයණීකරණය වන විදියට උපකරණයක් හදා ගන්න එකයි. මෙතනදි අපට මිලි තත්පර ගණනක් ඇතුළත මේ අයණීකරණය වීම සිදු වෙන්න ඕන. නැතිනම් අවශ්‍ය දේ සිදු වන්නෙ නෑ... මම හරියටම ගණනය කරලා අවශ්‍ය…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 35

“මම හිතන්නෙ නම් මේකට ටිකක් ඉහළ තැනකින් උදව් ගන්න වෙයි...” මොලීගෙ ඉල්ලීමට සවන් දුන් මහාචාර්ය ඩෙනිස් ලිපර්ඩ් නලල රැලි කර ගනිමින් පැවසුවා... “ඇයි ඩෙනිස් එහෙම කියන්නෙ? අපට බැරිද තියෙන මූලාශ්‍රවලින් දත්ත ගන්න?” “පුළුවන් වුණා... ඒත් දැන් බෑ... මෑතකදි ඉඳලා සියලු ම සැටලයිට් දත්ත ජාතික ආරක්‍ෂක…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 34

“මහ පුුදුම කොල්ලෙක්....” නැවතත් සිය රථය තම නවාතැන කරා ධාවනය කරවන අතරේ මොලී තමන්ටම කියා ගත්තේ විශ්වගේ ස්වයං පාලනය ගැන කල්පනා කරමින්... “වෙන කොල්ලෙක් නම් මේ වගේ වෙලාවක කොයිතරම් අවස්ථාවාදී වෙනව ද? මම එයාගෙ ගෙදර රැයක් ගත කරලත්, මට කිසිම අයුතු බලපෑමක් වචනයකින් හෝ කළේ නැත්තෙ? මෙච්චර…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 33

“ආ... එතකොට මේ පෙම් කුරුල්ලො දෙන්නා මොකද මේ නිර්මාංශ අවන්හලේ කරන්නෙ?” මොලී පෙරලා ඇසුවෙ බිල් සහ මෙගන් ගෙන්... ඔවුන් දෙදෙනාත් අවන්හලේ කෑම ගැනීමට පැමිණ සිටියා.. ඒක දෙදෙනාටම තරමක් ප්‍රහේලිකාවක් වුණත් වැඩි වෙනසක් නොපෙන්වීමට දෙදෙනාම වගබලා ගත්තා. “මම නම් විශ්ව එක්කගෙන ආවෙ සෑහෙන කාලෙකින් විශ්ව එලියට නොගිය…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 32

“අපි අද රෑ කෑමට එළියට යමු ද?” මොලී විශ්වගෙන් ඇසුවේ “ඉතිං”  ප්‍රශ්නයට පිළිතුරක් නොලැබූ නිසා... ඒ ප්‍රශ්න දෙක අතරේ විශ්ව සිටියේ කල්පනාවක නිමග්න වෙලා... නමුත් එය මොලීගේ ‘ඉතිං’ ප්‍රශ්නයට පිළිතුරක් සොයන අටියෙන් නොවෙයි... “විශ්ව.......” මොලී නැවතත් විශ්ව ඇමතුවා... “ඔව්... ඇයි?” “ඔයා හිටියෙ මේ ලෝකෙ නෙවෙයි…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 31

ක්‍රම ක්‍රමයෙන් සියල්ල යථා තත්ත්‍වයට හැරෙද්දී, විශ්ව සිය පූර්ණ අවධානය යොමු කළේ පර්යේෂණය වෙතයි. මොලීගේ ගණනය කිරීම් සමඟ සිය උපකල්පන සමපාත වෙද්දී, ක්‍රමයෙන් සිය පර්යේෂණයේ සාර්ථක භාවය ලඟා වන බව විශ්වට අවබෝධ වුණා... ප්‍රගති සමාලෝචන රැස්වීමේදී පැමිණ සිටි පර්යේෂකයන් සහ මහාචාර්යවරුන් නොයෙකුත් ප්‍රශ්න ඇසුවත්, ඒ…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 30

“ඊයෙ රෑ මොකද වුණේ?” පර්යේෂණයාගාරයට පැමිණි වහාම මෙගන් දුවගෙන ඇවිත් මොලීගෙන් විමසුවා. “මොනවා වෙන්න ද? මමයි සිමෝනයි ගේ අස්පස් කරලා යන්න ගියා. මම ගෙදර යනකොට රෑ වෙලා.” “ඔයාට හොඳටම සහතික ද ඔයා ගෙදර ගියා කියලා?” “ඔවු... ඇයි? මම විශ්වගෙ ගෙදර නැවතුනා නම් ඔයාට ප්‍රශ්නයක්ද?” “මට ප්‍රශ්නයක්…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 29

තමා ඉගෙනගත් විද්‍යාවට අනුව නම් මළ සිරුරක් වුවත් මේ තරම් සීතල වන්නට පැය ගණනාවක් ගත විය යුතු බව මොලීට හැඟුණා. මෙතැන කිසියම් හෝ වැරැද්දක් සිදු වී තිබෙනව ද? විශ්ව නිද්‍රාවට පත් වී පැයක පමණ කාලයක් ගත වී ඇති බව ඇයට තේරුණේ ඇය සහ සිමෝනා නිවස අස්පස් කිරීමට ගත…