SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Author: තාරක ගමගේ

Biotechnology

ක්ෂුද්‍ර ජීවීන්ගෙන් විදුලි බලාගාරයක්

නිරතුරුව කැලැතෙමින් ඇති ජීවී බැක්ටීරියා සෛලවලින් සැදි තරලක්, කුඩා විදුලිබලාගාරයක් බවට හැරවිය හැකි යැයි කිව හොත් ඔබ පුදුම වනු ඇති.  එහෙත්, කැලතෙන ද්‍රවයක් තුළ රටාවකට චලනය වන බැක්ටීරියා උපයෝගී කරගනිමින් ටර්බයිනයක් කරකවා විදුලිය නිපදවා ගැනීමේ උත්සාහයකට විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබේ. පෙරදී ද මෙවැන්නක් අත්හදා බලා…
Biology

වසර මිලියන ගණනකට පෙර ඇසුණු පුදුරු කටහඬක්

ආගන්තුක පෙදෙසක ගමන් කරමින් සිටින ඔබට සුපුරුදු කටහඬක් අසන්නට ලැබුණොත්? ඔබ දෙවරක් නො සිතා එදෙස හැරෙනු ඇත. ඒ කවුරුන් දැයි විමසනු ඇත. එහෙත් මේ නම් ඇසෙන්නේ එසේ මෙසේ කාලයකට පෙරාතුව කටහඬක් නොවේ. වසර මිලියන හැටහයකට පෙර තිබූ කටහඬකි. පසුගිය දා නේචර් ජර්නලයේ පළ වූ පර්යේෂණ…
Mathematics

කඵ වලාවේ රිදී ඉර වෙමු – සරසවි ඇදුරන්ට ඇරයුමක්!

කළු වලාවක රිදී රේඛාවක් දැකීම අප සිත් තුළ සනිටුහන් කරන්නේ කුමක්ද? කළු වලාව අඳුර නම් රිදී රේඛාව එළිය ය. කළු වලාව දොම්නස නම් රිදී රේඛාව සොම්නස ය. කළු වලාව සුලබ නම් රිදී රේඛාව දුලබ ය. ගණිත විෂය අප රටේ බොහෝ දෙනාට කළු වලාවක් බව කීම…
Biology

වනාන්තර සංරක්ෂණය හුදෙකලාව නො ගත යුතුයි!

“ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයකට“ සමුළුව හා ප්‍රදර්ශනය දෙස් විදෙස් සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය දා සාර්ථකව නිමාවට පත් විය.‍ දේශගුණික විපර්යාස හා ස්වභාවික සම්පත්වල තිරසාර භාවිතය, වනාන්තර පරිසර පද්ධති හා ඒවායේ සේවාවන් ඇගයීම, වෙරළාශ්‍රිත හා මුහුදු පරිසර පද්ධති, ප්‍රජා වන…
Astronomy

ග්‍රහක වළල්ලට අපෙන් හතක්

අඟහරු හා බ්‍රහස්පති අතර ග්‍රහක වළල්ලේ අලුත් ග්‍රහක හතක් සොයා ගැනීමට ශ්‍රී ලංකික සිසු පිරිසක් සමත්ව සිටිති. ඔවුන්මෙම සමත්කම දක්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ උපදේශක මණ්ඩලය විසින් අන්තර්ජාතික තාරකාවිද්‍යා ගවේෂණ එකමුතුව (IASC) සහ ඇමෙරිකාවේ හාඩින්-සිමන්ස් විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කැරුණු ග්‍රහක හා භූ සමීප වස්තු සෙවීමේ…
විදු වැකිය

කසළ, ශක්තියට හරවමු

කාන්තන්කුඩියේ සිට කොළඹ බ්ලූමැන්ඩල් වීදිය දක්වා අප රටේ සෑම දිශාවකින්ම ඇසෙන පොදු අදෝනාවක් නම් කසළ කළමනාකරණයේ ඇති ව්‍යාකූලතාවයයි. මෑතකදී බදුල්ල ප්‍රදේශයේ කුණු කන්දකට ගිනි ඇවිලීමෙන් මහත් පාරිසරික ගැටලුවක් ඉස්මතු විය. ලංකාවට හිසරදයක් වන නාගරික ඝන අපද්‍රව්‍ය, ලොව බොහෝ රටවලට ධනය උපයන ව්‍යාපාරික ආයෝජනයකි. මේ පිළිබඳව…
විදු වැකිය

ගොවි දෑතට ඩ්‍රෝන තාක්ෂණය

මීට දස වසකට පෙර, "ඩ්‍රෝන්" හෙවත් මිනිසුන් රහිත ගුවන් යානා ගැන අසන්නට ලැබුණේ හොලිවුඩ් තිරයේ සහ ඇමරිකානු පහර දීම් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල දී පමණි. එහෙත් අද වන විට එය කුඩා දරුවන්ගේ කෙළි බඩුවක් තත්වයට පත්ව ඇත. ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන පර්යේෂණවල දී ප්‍රතිඵල සමාජගත…
Exploration

සිංහරාජය හරහා දින ගණනක ගමනක්

දිය දහර ඇදහැලෙන ස්ථානයේ පුළුල් ලෙස විහිදුනු ජල තාටාකයකි. එහි කාලවර්ණ පැහැය නිසාවෙන් එය ඉතා ගැඹුරු බව පැහැදිලිය. ඝන හිරු රැස් දහරාවක් ජල තලය මත වැටී තිබුණ ද, අඩි කිහිපයකට වඩා ගැඹුරට කිසිවක් නොපෙනේ. දිය මතට පැන සිත් සේ කිමිදෙන්නට මා සිත පොපියමින් ඇත. එහෙත්…
Nature

හෝටන් තැන්න 1 – මංගල ඇඳුමින් තැන්නට යනු බෑ නංගෝ…

  මංගල ඇඳුමින් තැන්නට යනු බෑ නංගෝ හෝර්ටන් තැන්න වෙත ළඟා වන විට රෑ බෝ වී තිබිණි. වනෝද්‍යානයේ කඳවුරු බිමක් අප වෙනුවෙන් වෙන් කර තිබුණත්, සවස හතරට පෙර ඒ වෙත ළඟා විය යුතු වූයෙන් දැන් වනෝද්‍යානය තුළට යා නොහැකි ය. නවාතැනක රැය පහන් කිරීමට ද…