SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

පැතලිලන්තය Flatland by Edwin A. Abbott

4. ස්ත‍්‍රීන් ගැන

තියුණු ශීර්ෂකෝණවලින් යුත් සොල්දාදු පන්තිය භයානක යැයි කියන්නේ නම්, අපගේ ස්ත‍්‍රී පක්ෂය විග‍්‍රහ කිරීමෙහි ලා සුදුසු වන්නේ අතිභයානක යන පදය යි. සොල්දාදුවකු කුඤ්ඤයක් නම්, ගැහැනිය ඉදිකටුවකි. වෙනත් විධියකින් කියන්නේ නම්, කොතැනත් උල් ය - අඩු තරමින් දෙකෙළවර ම උල් යැයි කිව හැකි ය. ඇගේ මනාපය…

3. පැතලිලන්තවාසින් ගැන

වැඩුණු පැතලිලන්තවාසියකුගේ වැඩිම දිග හෝ පළල ඔබේ ඒකකවලින් කියතොත් අඟල් එකොළහකට පමණ ආසන්න වෙයි. අඟල් දොළහ යනු උපරිමය යි. අපගේ ගැහැනු සරල රේඛා ඛණ්ඩ වෙති. සොල්දාදුවන් ද පහළ ම ස්තරයේ කම්කරුවන් ද සම දිග පාද දෙකක් සහිත ත‍්‍රිකෝණ හැඩැති ය. මොවුන්ගේ මේ සම පාදයක දිග…

2. පැතලිලන්තයේ දේශගුණය සහ නිවාස

ඔබේ මෙන් ම අපේ මාලිමාවේ ද දිශා හතරකි. එනම්, උතුර - දකුණ - බටහිර සහ නැගෙනහිර යනුවෙනි. ඉර හඳ තරු අපේ ලෝකයේ නොමැති හෙයින්, ඔබේ ක‍්‍රමයට උතුර නිශ්චය කරගැනීම අපට කළ නො හැක්කකි. අපට අපේ ම ක‍්‍රමයක් ඇත. ස්වභාවධර්මයාගේ නීතියක් අප මත ක‍්‍රියාත්මක වීමෙන්, අපේ…

1. පැතලිලන්තයේ ගති සොබා

අපේ ලෝකයට මම පැතලිලන්තය කියමි. ඒ, අප මේ නමින් එය හැඳින්වූ නිසා හෙම නොව, අවකාශලෝකයේ ජීවත් වන්නට වරම් ලද මා හිතවත් පාඨක ඔබට එහි ගති සොබා ගැන පැහැදිලි අදහසක් ඇති කරගැනීම පහසු වනු පිණිස ය. ලොකු කඩදාසියක් හිතෙන් මවාගන්න. ඒ මත සරල රේඛා, ත‍්‍රිකෝණ, චතුරස‍්‍ර,…