SciTech Publishing Corporation (Pvt) Ltd.

පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 13

“සත්තකින්ම….ඔබමයි කිවුවෙ පිරිත් කියන්නට පෙර තිබුණ මොළයේ සංඥා සටහන් පිරිත් කියනවිට ක්‍රමාණුකූල වුණා කියලා. එහෙනම් අපට පිළිගන්නට වෙනවා මේ පිරිත් සජ්ඣායනය නිසා තමයි මේ වෙනස සිදු වුණේ කියලා…” “දැන් බලන්න ඒ සංඥා සටහන් පෙර පරිදිම ක්‍රමාණුකූල ද නැතිනම් වෙනස් ද කියලා.. එයින්ම ඔබට තහවුරු කරගන්නට…

පිටස්තරයා 12

“මොකද විශ්වට වෙලා තියෙන්නෙ?“ සුමනසේකර මහත්මිය නැවතත් නොයිවසිල්ලෙන් ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියාගෙන් විමසුවා ය. “නීලා… පොඩ්ඩක් ඉවසන්න… ඒ මනුස්සයට විස්තර කරන්න ඉඩ දීලා….“ කවදත් නිවුනු ගති පැවතුම් ඇති සුමනසේකර මහතා කිසි දිනක කිසිදු හේතුවක් නිසා හෝ කළබල වන්නකු නොවේ. “මේකයි සුමනසේකර මහත්මයා. අද විශ්ව රැකියා…

පිටස්තරයා 11

මේ සිදුවීම නාවික පර්යේෂණ ආයතනයේ සිටි සියල්ලන්ම ඉතාම කලබලයට පත් කළ සිදුවීමක්. සිදුවූයේ කුමක්ද කියා හරිහැටි නො දැන සිටියත්, ඉහළම පාලනාධිකාරියේ සිට පර්යේෂණායතනයේ සෑම දෙනාම දක්වාම නොයිවසිල්ලෙන් බලා සිටින්නේ කුමක් හෝ සුබදායක තොරතුරක් ලැබේවි යන බලාපොරොත්තුවෙන්. “දැන් මොකද කරන්නෙ?” “මොනවා කරන්නද? වෙන දෙයක් වෙනකල් බලාගෙන…

පිටස්තරයා 10

ආරම්භය කෙසේ වුවත් විස්තරයේ මැද භාගයට යනවිට මේ පර්යේෂණයේ බැරෑරුම් බව තිදෙනාටම හොඳින් අවබෝධ වී තිබුණි. ඩොලර් මිලියන ගණනාවක පිරිවැයක් වෙන්කර ඇති මේ පර්යේෂණයේ වැදගත්කම අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන්නක් බව විශ්වට අවබෝධ විය. තමා මෙතෙක් කල් කළ පර්යේෂණවල අග්‍රඵලය ලබා ගැනීමට…

පිටස්තරයා 9

“මොලී මොකාටද එන්න හදන්නෙ? ඇවිල්ලා දවස් කීපයයි ගියේ විශ්වට බැල්ම දාන්න අරගෙන වගේ…… මෙගන් සිමෝනාට පැවසූවේ අමනාපයෙනි…” “ඔයා විශ්වට කැමති ද? “පොඩි කැමැත්තක් තියෙනවා… මම පොඩ්ඩක් විස්තර හොයලා බැලුවා… තවම ගෑණු ළමයෙක්වත් නැහැ…” “පිරිමි ළමයෙක් ඉන්නවද දන්නෙ නෑ…… කැලිෆෝනියාවෙ ඉඳලනෙ ආවෙ…..පිටුපසින් සිට බිල් මහ හඬින්…

පිටස්තරයා 8

“ඉතින් චාලි අපි මොකද මේ ගැන කරන්න ඕන?” අද්මිරාල් රිචර්ඩ් බවර් සිය මිතුරු ජනරාල් චාල්ස් වෙලිංටන්ගෙන් බොහොම බැරෑරුම්ව ඇසුවේ මදුවිතක් වත්කරගන්නා අතරතුරේ දී ය. “අපි කෝකටත් මේ පුද්ගලයාව තව තවත් පරීක්‍ෂා කරලා බලමු…. ඒජන්තයෝ දෙන්නෙක් මේකට දැම්මා කියලා අපට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ… මේක ඇත්තෙන්ම…

පිටස්තරයා 7

“කොහොමද වොෂිංටන් නගරය ඔබට? ” ආයතනය වටා රැ‍ගෙන යන අතරතුර දී ස්ටෙෆනී විශ්වගෙන් විමසුවා ය. “නරකම නෑ… මම මීට ඉස්සෙල්ලත් මෙහාට ඇවිත් තිබෙනවා… උසස් පාසලේ ඉන්න කාලෙ ඉස්කෝලෙ විනෝද චාරිකාවකට එක්කගෙන ආවා… ඊට පස්සෙ සම්මුඛ පරීක්‍ෂණයටත් ආවානෙ…. නමුත් ඒ කාලෙ ඉඳලා දැන් වෙනකොට නම් සෑහෙන…

පිටස්තරයා 6

ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් මහතාණෙනි, ඔබ විසින් පිරිණමා ඇති අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තනතුර සඳහා යෝජනාව මම ඉතා ගෞරවයෙන් මෙන්ම සතුටින් භාර ගනිමි. ඒ අනුව ඔබ ආයතනයේ කොන්දේසිවලට එකඟව මගේ සේවය නාවික පර්යේෂණ ආයතනයටත් අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවටත් ලබා දීමට මම එක සිතින් කැමැත්ත…

පිටස්තරයා 5

තමා නැවතී සිටි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගිය විශ්වට සැහැල්ලුවක් දැණුනි. තමා ජීවිතයේ ඉතා වැදගත් කඩ ඉමක් පසු කළා සේ හැඟුණි. හැකි තරම් හොඳින් සිය සම්මුඛ පරීක්‍ෂණයට මුහුණ දුන් බව ඔහු දනී. දුක් වෙන්නට හේතුවක් නැත. සියල්ල හොඳින් සිදු වේවි. අතරමග හෝටලයකින් මිල දී ගත්…

පිටස්තරයා 4

“විශ්ව සමාධි සූර්යබණ්ඩාර….” “ඔව්…” “වයස අවුරුදු 30 යි…” “හරි….” “ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ… ඔබට හාවඩ් විශ්වවිද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්….” මහාචාර්ය ලිපර්ඩ් සම්මුඛ පරීක්‍ෂණය ආරම්භ…