SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

Mathematics

පිපිරෙන බෝල – 5

  ප්‍රධාන ගණිත කර්ම 3ක්ම පිපිරෙන බෝල යන්ත්‍රයත් එක්ක ගවේෂණය කරපු ජේම්ස් හිතුව, බෙදීමේ ගණිත කර්මයත් පිපිරෙන බෝල යන්ත්‍රයත් එක්ක අත්හදා බලන්න ඕනෑ කියල. ඉතිං, සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදනවා කියන එකේ තේරුම මොකක්ද? බෙදීම ගැන හිතන්න පුළුවන් ආකාර කීපයක්ම තියෙනවා. ඒ හැම අකාරයක්ම දැනගෙන ඉන්න…

පිපිරෙන බෝල – 4

මේ ‘පිපිරෙන බෝල‘ යන්ත්‍රෙයන් අපේ සංඛ්‍යා පද්ධතිය ලස්සනට පෙන්නුම් කරන නිසා, සංඛ්‍යා එක්ක කරන විවිධ දේ යන්ත්‍රයෙන් අපූරුවට තේරුම් ගන්න පුළුවන්. දැනටමත් අප එකතුකිරීමයි ගුණකිරීමයි ගවේෂණය කළ නිසා දැන් ඒ ගණිත කර්මවලට පාසලේ දී ඉගෙන ගත් රීතිය  ක්‍රියාකරන හැටි හොඳට අවබෝධ වන්නට ඇති. මතක ඇතිනේ…

පිපිරෙන බෝල -3

දහය-එක පුපුරන බෝල යන්ත්‍රයත් එක්ක සංඛ්‍යා එකතු කරන හැටි ගවේෂණය කරපු ජේම්ස්ට ඊ ළඟට ගවේෂණය කරන්න හිතුණේ මොකක්ද දන්නවද? අඩු කිරීම? නෑ !! වැඩි කිරීම! ඒ මොකද කියල ජේම්ස් පස්සේ කියයි. ජේම්ස්ට මතකයි ඉස්කෝලේ සංඛ්‍යා දෙකක් වැඩි කිරීම කියල හැඳින්නුවේ නැවත නැවත එකතු කිරීම. ඒ…

පිපිරෙන බෝල – 2

දහය-එක පුපුරන බෝල යන්ත්‍රයත් එක්ක පුංචි ජේම්ස් ගොඩක් වෙලා සෙල්ලම් කළා. මේ යන්ත්‍රය නිසා ඉල්ලක්කම් ලියන විදිය  ගැන ජේම්ස්ට හොඳට තේරෙන්න ගත්ත. බෝල පුපුරන විදිය දන්නා නිසා එක එක පෙට්ටියේ තියෙන බෝලවල වටිනාකම ගැන ජේම්ස්ට හොඳ අවබෝධයක් ලැබුණ. දකුණු කෙළවරේ පෙට්ටියේ එක බෝලයක වටිනාකම එක…

පිපිරෙන බෝල -1

ආචාර්ය ජේම්ස් ටැංටන් පොඩි කාලේ දී යන්ත්‍රයක් හැදුව. ඒක හරි අමුතුයි. යන්ත්‍රයක් කිව්වට ඒකෙ තියෙන්නෙ වම් පැත්තට දිගට දිගට යන පෙට්ටි පේලියක් විතරයි. මේකෙ නම තමයි ‘දෙක-එක‘ යන්ත්‍රය. මේ යන්ත්‍රයට බෝල ඇතුළු කරන්න පුළුවන්.  හැබැයි දකුණු පැත්තේ පළමුවැනි පෙට්ටියට තමයි දාන්න ඕනේ. ඔන්න, එක බෝලයක්…

ගණිත අජීර්ණයට පිපිරෙන බෝල ප්‍රතිකාරයක්!

බොහෝ දෙනාට ගණිතය “අජීරණ” ය. එය වැඩි දෙනෙකුට “දිරවන” විෂයයක් නොවේ. අප රටේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන්ගෙන් ගණිතය සමත් වන්නේ අඩකටත් අඩු පිරිසකි. ඊට හේතුකාරණා කිම? ගණිත සංකල්ප වූ කලී ස්වභාවයෙන් ම මිනිසාට ගෝචර නො වූවක් ද? නැතහොත් ගණිත සංකල්ප විෂයයෙහි අපේ සිසුන් උකටලී…

කඵ වලාවේ රිදී ඉර වෙමු – සරසවි ඇදුරන්ට ඇරයුමක්!

කළු වලාවක රිදී රේඛාවක් දැකීම අප සිත් තුළ සනිටුහන් කරන්නේ කුමක්ද? කළු වලාව අඳුර නම් රිදී රේඛාව එළිය ය. කළු වලාව දොම්නස නම් රිදී රේඛාව සොම්නස ය. කළු වලාව සුලබ නම් රිදී රේඛාව දුලබ ය. ගණිත විෂය අප රටේ බොහෝ දෙනාට කළු වලාවක් බව කීම…