SciTech Publishing Corporation (Pvt) Ltd.
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 22

සති අන්තය ගෙවී ගිහින් සඳුදා සේවයට පැමිණි මොලීටත් විශ්වටත් නීල්ගෙන් කැඳවීමක් ලැබුණේ උදේ පාන්දරම ය. “කොහොමද විශ්ව දැන්... පර්යේෂණයෙ කටයුතු?” “අපට පසුගිය සතියෙ ලොකු වැඩකොටසක් කරන්න බැරි වුණා, නමුත් පර්යේෂණ පත්‍රිකා රාශියක් අපි කියවලා බැලුවා. ඒකෙන් යම් යම් කරුණු කිහිපයක හෝඩුවාවන් ලැබුණා. අපි තව ටික දවසකින්…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 21

පසුදා උදාසනම විශ්ව අවදි වුණේ හිතේ ලොකු සතුටක් සිතේ දරාගෙන. මාස එකහමාරකට පමණ පසු ආයෙම පර්යේෂණාගාරය වෙත යන්න ලැබීම ගැන සතුටක් වගේම ඒ කාලය තුළ කිසිදු වැඩක් නො කර සිය පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන්ම මහන්සි වීම නිසා තරමක ඒකාකාරී බවක් විශ්වගේ සිත තුළ තිබුණා. එකම වෙනස…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 20

ඉන් පසුව එළැඹුන සතිය පුරාවටම විශ්ව සිය පාදය සවිමත් කර ගැනීමේ ව්‍යායාම්වල නිරත වුණා. ක්‍රම ක්‍රමයෙන් මානසික ඒකාග්‍රතාවය තීවෘ කර ගැනීමටත් සිය සිරුරේ පරිපූර්ණතාවය කරා ලඟා කර ගැනීමටත් ඔහු වෙහෙසුණා. කිහිප වතාවක් මොලී පැමිණ ඔහුගේ සැපදුක් සොයා බැලුවත්, විශේෂ යමක් සිදු වූයේ නැහැ. සති කිහිපයක්ම…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 19

දින දෙකක ඇවෑමෙන් විශ්ව ආපසු යන වෙලාව පැමිණුනි. ගීතිකා යුහුසුළුව විශ්වගේ සියලුම ඕනෑ එපාකම් සොයා බලනු මොලී හොඳින්ම දුටුවා ය. කිසියම් ඊර්ෂ්‍යාවක් සිතට දැනුණත් එය නො පෙන්වා සිය අරමුණ කරා යෑම පුරුදු පුහුණු කළ ඇය කිසිදු වෙනසක් නො දක්වා සිනාසෙමින් සිටියා ය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 18

“නැහැ නැහැ ගීතිකා… එහෙම ප්‍රශ්නයක් නැහැ…… මම වරදවා වටහා ගන්නෙ නැහැ….” “මට කවදාවත්  ආදරයක වුවමනාවක් වුණේ නැහැ… මට මිතුරියෝ නම් ඕනතරම් හිටියා…. නමුත් ඒ කාත් එක්කවත් ආදරයෙන් වෙලෙන්න ඕනෑකමක් තිබුණෙ නැහැ මට… ඒ වගේම මට පෞද්ගලිකත්‍වයක් තිබුණා ආරක්‍ෂා කර ගන්න… මගේ පියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 17

“විශ්වට දැන් සෑහෙන සනීපයි… බොහොම උනන්දුවෙන් ව්‍යායාම කරනවා… ඉක්මනටම ගෙදර යන්න ඕන වෙලා වගේ….” විශ්ව බැලීමට පැමිණි සුමනසේකර යුවලට වෛද්‍ය ගීතිකා ගුණසේකර සිනාමුසු මුහුණින් පැවසුවාය. “ඩොක්ටගෙ අත්ගුණේ තමයි…. අපේ පුතා හොඳට බලාගත්ත නිසාම එයාට ඉක්මනින්ම සනීප වුණා… තව කොච්චර කාලයක් විතර යයි ද සම්පූර්ණයෙන්ම සනීප…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 16

“මේ වාර්තාව නම් සෑහෙන සංකීර්ණයි…..” “ඒ මොකද එහෙම කියන්නෙ…. ඔයාම නෙ කිවුවෙ මේ වාර්තාව පැහැදිලි කරලා දෙන එක සුළු දෙයක් කියලා.” “මම කිවුවා තමයි… ඒ වුණාට මේක හිතුවට වඩා සංකීර්ණයි… මේකෙ සංඝඨක කිහිපයක් මම වෙන් කරලා හඳුනා ගත්තා… නමුත්, මේකෙ සමහර වෙලාවට එකම සංඝඨකය විවිධ…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 15

පසුදා සවස් වනතුරු මොලීට තිබුණේ කණස්සල්ල මුසු නොයිවසිල්ලකි. තමා සිහිනෙකින්වත් නොපැතූ අභව්‍ය සිදුවීම් වැලක් තම දෑස් ඉදිරිපිට දිගහැරෙමින් පවතින බව පමණක් ඇයට හැඟී ගොස් තිබුණි. තම රැකියාවේ හැටියට බොහෝ පිරිමින් ආශ්‍රය කර තිබුණද, මීට වඩා හැඟුම්බර අවස්ථාවලට මුහුණ දී තිබුණද, මේ සිදුවීම් ගොන්න තම ජීවිතයේ…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 14

“සුමනසේකර මහත්මයා…. මෙන්න ඔබ දෙපලගෙම වීසා සහතික පත්… ඔබට හෙටම ඇමරිකාව බලා යන්න පුළුවනි.” අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී රොනල්ඩ් මැන්කැඩ් පෞද්ගලිකවම මැදිහත් වී සුමනසේකර යුවලගේ ඇමරිකානු වීසා සහතිකපත් සඳුදා දිනම ඔවුනට සකස් කර දුන්නේ විශ්වගේ සැපදුක් බලා ගැනීමේ අපේක්‍ෂාව ඉක්මනින්ම මල්ඵල ගැන්වීමට ය. සෙනසුරාදා සාකච්ඡා…
පිටස්තරයා-විද්‍යා ප්‍රබන්ධය

පිටස්තරයා 13

“සත්තකින්ම….ඔබමයි කිවුවෙ පිරිත් කියන්නට පෙර තිබුණ මොළයේ සංඥා සටහන් පිරිත් කියනවිට ක්‍රමාණුකූල වුණා කියලා. එහෙනම් අපට පිළිගන්නට වෙනවා මේ පිරිත් සජ්ඣායනය නිසා තමයි මේ වෙනස සිදු වුණේ කියලා…” “දැන් බලන්න ඒ සංඥා සටහන් පෙර පරිදිම ක්‍රමාණුකූල ද නැතිනම් වෙනස් ද කියලා.. එයින්ම ඔබට තහවුරු කරගන්නට…